දෙවන ශික්‍ෂාපදයයි.
8. 5. 3.
සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන් මුවෙහි බත් පිඩ තිබියදී කතා කරති -පෙ-
“මුවෙහි බත් පිඩ තිබියදී කතා නොකරන්නෙමි”යි හික්මිය යුතුය.
මුවෙහි බත් පිඩ තිබියදී කතා නොකළ යුතුය. යමෙක් අනාදරයෙන් මුවෙහි බත් පිඩ තිබියදී කතා කරයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ඇවැත් නැත.
තුන්වන ශික්‍ෂාපදයයි.
8. 5. 4.
සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් (මුව තුළට) බත් පිඩ උඩ දමා දමා වළඳති -පෙ-
“බත් පිඩ මුවට උඩ දමා දමා නොවළඳන්නෙමියි හික්මිය යුතුයි.”
බත් පිඩ උඩ දමා දමා නොවැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් බත් පිඩ උඩ දමා දමා වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, කැවිලි වළඳන විට, පලතුරු වළඳන විට, ආපදාවලදී ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හතරවන ශික්‍ෂාපදයයි.
8. 5. 5.
සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් බත් පිඩ කඩ කඩා වළඳති -පෙ-
“බත් පිඩ කඩ කඩා නොවළඳන්නෙමියි හික්මිය යුතුයි.”
බත් පිඩ කඩ කඩා නොවැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් බත් පිඩ කඩ කඩා වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, කැවිලි වළඳන විට, පලතුරු වළඳන විට, ව්‍යංජන වළඳන විට, ආපදාවලදී ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පස්වන ශික්‍ෂාපදයයි.
8. 5. 6.
සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් කම්මුල් පුරවාගෙන වළඳති -පෙ-
“බත් පිඩ කම්මුල්වල රැස් කරගෙන නොවළඳන්නෙමියි හික්මිය යුතුයි.”
කම්මුල් පුරවාගෙන නොවැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් එක් පැත්තකින් හෝ දෙපැත්තෙන් හෝ කම්මුල් පුරවාගෙන වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, කැවිලි වළඳන විට, පලතුරු වළඳන විට, ආපදාවලදී ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හයවන ශික්‍ෂාපදයයි.