නවවන ශික්ෂාපදයයි.
8. 4. 10.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන් දිගටි කොට බත් පිඩ සාදති -පෙ-
“වටකුරු කොට බත් පිඩ සාදන්නෙමි”යි හික්මිය යුතුය.
2. වටකුරු කොට බත් පිඩ සෑදිය යුතුය. යමෙක් අනාදරයෙන් දිගටි කොට බත් පිඩ සාදයි නම් දුක්කට ඇවැත් වේ.
3. ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, කැවිලි වළඳන විට, පලතුරු වළඳන විට, ව්‍යංජන වළඳන විට, ආපදාවලදී ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දහවන ශික්ෂාපදයයි.
සතරවන සක්කච්ච වර්ගයයි.