නවවන ශික්ෂාපදය
8. 3. 10.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් ස්තූපයක් මෙන් ගොඩ ගසා පිණ්ඩපාතය පිළිගනිති. -පෙ-
“සමව පිරුණු පිණ්ඩපාතය පිළිගන්නෙමි”යි හික්මිය යුතුය.
පාත්‍රයේ ඇතුළත වාටිය දක්වා සමව පිරුණු පිණ්ඩපාතය පිළිගත යුතුය. යමෙක් අනාදරයෙන් ස්තූපයක් මෙන් ගොඩ ගසා පිණ්ඩපාතය පිළිගනී නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දහවන ශික්ෂාපදය යි.
තුන්වන ඛම්භකත වර්ගය යි.