හයවන ශික්ෂාපදය.
8. 1. 7.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූන් එහෙ මෙහෙ බලමින් ගම ඇතුළෙහි යති -පෙ-
“ඇස් පහත් කොට ගම ඇතුළෙහි යන්නෙමි යි හික්මිය යුතුය.”
2. වියදණ්ඩක් පමණ දුර (ඉදිරියෙන් රියන් හතරක් පමණ බිම) බලමින්, ඇස් පහත් කොට ගම ඇතුළෙහි යා යුතුය. යමෙක් අනාදරයෙන් එහෙ මෙහෙ බලමින් ගම ඇතුළෙහි යයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
සත්වැනි ශික්‍ෂාපදයයි.
8. 1. 8.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල ෂඩ්වර්ගික (හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ) භික්ෂූහු එහෙ මෙහෙ බලමින් ගම ඇතුළෙහි හිඳිති -පෙ-
“ඇස් පහත් කොට ගම ඇතුළෙහි හිඳින්නෙමියි හික්මිය යුතුයි.”
2. වියදණ්ඩක් පමණ දුර (ඉදිරියෙන් රියන් හතරක් පමණ බිම) බලමින්, ඇස් පහත් කොට ගම ඇතුළෙහි හිඳිය යුතුය. යමෙක් අනාදරයෙන් එහෙ මෙහෙ බලමින් ගම ඇතුළෙහි හිඳී නම් දුක්කට ඇවැත් වේ.
3. ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
අටවැනි ශික්‍ෂාපදයයි.
8. 1. 9.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූහු සිවුර ඔසවාගෙන ගම ඇතුළෙහි යති -පෙ-
“සිවුර ඔසවාගෙන ගම ඇතුළෙහි නොයන්නෙමියි හික්මිය යුතුයි.”
2. සිවුර ඔසවාගෙන ගම ඇතුළෙහි නොයා යුතුය. යමෙක් අනාදරයෙන් එක් පැත්තකින් හෝ දෙපැත්තෙන් හෝ (සිවුර) ඔසවාගෙන ගම ඇතුළෙහි යයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
නවවැනි ශික්‍ෂාපදයයි.
8. 1. 10.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූහු සිවුර ඔසවාගෙන ගම ඇතුළෙහි හිඳිති -පෙ-
“සිවුර ඔසවාගෙන ගම ඇතුළෙහි නොහිඳින්නෙමියි හික්මිය යුතුයි.”
2. සිවුර ඔසවාගෙන ගම ඇතුළෙහි නොහිඳිය යුතුය. යමෙක් අනාදරයෙන් එක් පැත්තකින් හෝ දෙපැත්තෙන් හෝ (සිවුර) ඔසවාගෙන ගම ඇතුළෙහි හිඳී නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, වාසය සඳහා (ගෙයක) නැවතී සිටින්නාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දසවැනි ශික්‍ෂාපදයයි.
පළමුවන පරිමණ්ඩල වර්ගයයි.