දෙවන ශික්ෂාපදය.
8. 1. 3.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූන් (හය දෙනෙකුගෙන් යුත් භික්ෂු කණ්ඩායම) සිරුර විවෘත කරගෙන (කර ඇට හා පපුව පෙනෙන සේ) ගම ඇතුළෙහි යති -පෙ-
“මනාව සිරුර වසාගෙන ගම ඇතුළෙහි යන්නෙමි යි හික්මිය යුතුය.”
2. මනාව සිරුර වසාගත් අය විසින් ගම ඇතුළෙහි යා යුතුය. යමෙක් අනාදරයෙන් සිරුර විවෘත කරගෙන ගම ඇතුළෙහි යයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
තුන්වන ශික්ෂාපදය.
8. 1. 4.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූන් සිරුර විවෘත කරගෙන ගම ඇතුළෙහි හිඳිති -පෙ-
“මනාව සිරුර වසාගෙන ගම ඇතුළෙහි හිඳින්නෙමි යි හික්මිය යුතුය.”
2. මනාව සිරුර වසාගත් අය විසින් ගම ඇතුළෙහි හිඳිය යුතුය. යමෙක් අනාදරය නිසා සිරුර විවෘත කරගෙන ගම ඇතුළෙහි හිඳියි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, වාසය සඳහා (ගෙයක) නැවතී සිටින්නාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
සිව්වන ශික්ෂාපදය.
8. 1. 5.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූන් අත ද පය ද සොලවමින් සෙල්ලම් කරමින් ගම ඇතුළෙහි යති -පෙ-
“මනාව සංවර වී (අත් පා නොසොලවා හික්මී) ගම ඇතුළෙහි යන්නෙමි යි හික්මිය යුතුය.”
2. මනාව සංවර වූ අය විසින් ගම ඇතුළෙහි යා යුතුය. යමෙක් අනාදරයෙන් අත හෝ පය හෝ සොලවමින් සෙල්ලම් කරමින් ගම ඇතුළෙහි යයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පස්වන ශික්ෂාපදය.
8. 1. 6.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූන් අත ද පය ද සොලවමින් සෙල්ලම් කරමින් ගම ඇතුළෙහි හිඳිති -පෙ-
“මනාව සංවර වී ගම ඇතුළෙහි හිඳින්නෙමි යි හික්මිය යුතුය.”
2. මනාව සංවර වූ අය විසින් ගම ඇතුළෙහි හිඳිය යුතුය. යමෙක් අනාදරයෙන් අත හෝ පය හෝ සොලවමින් සෙල්ලම් කරමින් ගම ඇතුළෙහි හිඳියි නම් දුක්කට ඇවැත් වේ.
3. ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හයවන ශික්ෂාපදය.
8. 1. 7.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූන් එහෙ මෙහෙ බලමින් ගම ඇතුළෙහි යති -පෙ-
“ඇස් පහත් කොට ගම ඇතුළෙහි යන්නෙමි යි හික්මිය යුතුය.”
2. වියදණ්ඩක් පමණ දුර (ඉදිරියෙන් රියන් හතරක් පමණ බිම) බලමින්, ඇස් පහත් කොට ගම ඇතුළෙහි යා යුතුය. යමෙක් අනාදරයෙන් එහෙ මෙහෙ බලමින් ගම ඇතුළෙහි යයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
සත්වැනි ශික්‍ෂාපදයයි.