3. අමූළ්හවිනය
1. එකල්හි ගග්ග භික්ෂුව සිත පෙරළී උමතු වූ කෙනෙක් විය. සිත පෙරළී උමතු වූ ඔහු, වචනයෙන් කියූ ද කයින් කළ ද, ශ්‍රමණයන්ට නොගැළපෙන බොහෝ දේ කළේ ය. සිත පෙරළී උමතු වූ ඔහු කළ ඒ දේ නිසා භික්ෂූහු ගග්ග භික්ෂුවට “මෙබඳු ඇවැතකට පැමිණි බව ආයුෂ්මතුන් සිහි කරත්වා” යි ඇවැතින් චෝදනා කරති. ඔහු මෙසේ කියයි: “ඇවැත්නි, මම සිත පෙරළී උමතු වීමි. සිත පෙරළී උමතු වූ මා, වචනයෙන් කියූ ද කයින් කළ ද, ශ්‍රමණයන්ට නොගැළපෙන බොහෝ දේ කළෙමි. මට එය මතක නැත. සිහිය මුළා වූ මා විසින් මෙය කරන ලදී” යි. මෙසේ කියද්දීත් ඔවුහු “මෙබඳු ඇවැතකට පැමිණි බව ආයුෂ්මතුන් සිහි කරත්වා” යි ඔහුට චෝදනා කරති ම ය.
2. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂූහු වූවාහු නම් -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “සිත පෙරළී උමතු වූ ඔහු කළ දේ නිසා භික්ෂූහු කෙසේ නම් ගග්ග භික්ෂුවට ‘මෙබඳු ඇවැතකට පැමිණි බව ආයුෂ්මතුන් සිහි කරත්වා’ යි ඇවැතින් චෝදනා කරන්නාහු ද? ඔහු මෙසේ කියයි: ‘ඇවැත්නි, මම සිත පෙරළී උමතු වීමි. සිත පෙරළී උමතු වූ මා, වචනයෙන් කියූ ද කයින් කළ ද, ශ්‍රමණයන්ට නොගැළපෙන බොහෝ දේ කළෙමි. මට එය මතක නැත. සිහිය මුළා වූ මා විසින් මෙය කරන ලදී’ යි. මෙසේ කියද්දීත් ඔවුහු ‘මෙබඳු ඇවැතකට පැමිණි බව ආයුෂ්මතුන් සිහි කරත්වා’ යි ඔහුට චෝදනා කරති ම ය.” ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “මහණෙනි, සැබෑ ද -පෙ-” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ-. ගරහා -පෙ- ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක:
3. “මහණෙනි, එසේ නම් සංඝයා සිහි මුළාවෙන් මිදුණු ගග්ග භික්ෂුවට අමූළ්හවිනය දෙත්වා. මහණෙනි, එය මෙසේ දිය යුතු ය: මහණෙනි, ගග්ග භික්ෂුව සංඝයා වෙත ගොස්, උතුරු සළුව එක් උරහිසකට කොට, වැඩිමහලු භික්ෂූන්ගේ පා වැඳ, උක්කුටිකව (දණහිස් බිම නොතබා පතුල් මත) හිඳ, ඇඳිලි බැඳ මෙසේ කිව යුතු ය: ‘ස්වාමීනි, මම සිත පෙරළී උමතු වීමි. සිත පෙරළී උමතු වූ මා, වචනයෙන් කියූ ද කයින් කළ ද, ශ්‍රමණයන්ට නොගැළපෙන බොහෝ දේ කළෙමි. සිත පෙරළී උමතු වූ මා කළ දේ නිසා භික්ෂූහු “මෙබඳු ඇවැතකට පැමිණි බව ආයුෂ්මතුන් සිහි කරත්වා” යි මට ඇවැතින් චෝදනා කරති. ඔවුන්ට මම මෙසේ කියමි:
“ඇවැත්නි, මම සිත පෙරළී උමතු වීමි. සිත පෙරළී උමතු වූ මා, වචනයෙන් කියූ ද කයින් කළ ද, ශ්‍රමණයන්ට නොගැළපෙන (මහණුන් නොකළ යුතු) බොහෝ දේ කළෙමි. මට එය මතක නැත. සිහිය මුළා වූ මා විසින් එය කරන ලදී” යනුවෙනි. මා මෙසේ කියද්දීත් ඒ භික්ෂූහු “මෙබඳු ඇවැතකට පැමිණි බව ආයුෂ්මතුන් සිහි කරත්වා” යි මට චෝදනා කරති ම ය. ස්වාමීනි, (දැන්) සිහි මුළාවෙන් මිදුණු මම සංඝයාගෙන් අමූළ්හවිනය ඉල්ලමි’ යි ඉල්ලිය යුතු ය. දෙවන වරටත් -පෙ- ඉල්ලිය යුතු ය. තෙවන වරටත් මෙසේ ඉල්ලිය යුතු ය: ‘ස්වාමීනි, මම සිත පෙරළී උමතු වීමි. සිත පෙරළී උමතු වූ මා, වචනයෙන් කියූ ද කයින් කළ ද, ශ්‍රමණයන්ට නොගැළපෙන (මහණුන් නොකළ යුතු) බොහෝ දේ කළෙමි. සිත පෙරළී උමතු වූ මා කළ දේ නිසා භික්ෂූහු “මෙබඳු ඇවැතකට පැමිණි බව ආයුෂ්මතුන් සිහි කරත්වා” යි මට ඇවැතින් චෝදනා කරති. ඔවුන්ට මම මෙසේ කියමි: “ඇවැත්නි, මම සිත පෙරළී උමතු වීමි. සිත පෙරළී උමතු වූ මා, වචනයෙන් කියූ ද කයින් කළ ද, ශ්‍රමණයන්ට නොගැළපෙන (මහණුන් නොකළ යුතු) බොහෝ දේ කළෙමි. මට එය මතක නැත. සිහිය මුළා වූ මා විසින් එය කරන ලදී” යනුවෙනි. මා මෙසේ කියද්දීත් ඒ භික්ෂූහු “මෙබඳු ඇවැතකට පැමිණි බව ආයුෂ්මතුන් සිහි කරත්වා” යි මට චෝදනා කරති ම ය. ස්වාමීනි, (දැන්) සිහි මුළාවෙන් මිදුණු මම තෙවන වරටත් සංඝයාගෙන් අමූළ්හවිනය ඉල්ලමි’ යි ඉල්ලිය යුතු ය.
4. දක්ෂ, සමත් භික්ෂුවක් විසින් සංඝයාට මෙසේ දැනුම් දිය යුතු ය:
“ස්වාමීනි, සංඝයා මා කියන දේ අසත්වා. මේ ගග්ග භික්ෂුව සිත පෙරළී උමතු විය. සිත පෙරළී උමතු වූ ඔහු, වචනයෙන් කියූ ද කයින් කළ ද, ශ්‍රමණයන්ට නොගැළපෙන (මහණුන් නොකළ යුතු) බොහෝ දේ කළේ ය. සිත පෙරළී උමතු වූ ඔහු කළ දේ නිසා භික්ෂූහු ‘මෙබඳු ඇවැතකට පැමිණි බව ආයුෂ්මතුන් සිහි කරත්වා’ යි ගග්ග භික්ෂුවට ඇවැතින් චෝදනා කරති. ඔහු මෙසේ කියයි: ‘ඇවැත්නි, මම සිත පෙරළී උමතු වීමි. සිත පෙරළී උමතු වූ මා, වචනයෙන් කියූ ද කයින් කළ ද, ශ්‍රමණයන්ට නොගැළපෙන බොහෝ දේ කළෙමි. මට එය මතක නැත. සිහිය මුළා වූ මා විසින් එය කරන ලදී’ යනුවෙනි. ඔහු මෙසේ කියද්දීත් ඒ භික්ෂූහු ‘මෙබඳු ඇවැතකට පැමිණි බව ආයුෂ්මතුන් සිහි කරත්වා’ යි ඔහුට චෝදනා කරති ම ය. සිහි මුළාවෙන් මිදුණු ඔහු සංඝයාගෙන් අමූළ්හවිනය ඉල්ලයි. සංඝයාට සුදුසු කාලය නම්, සංඝයා සිහි මුළාවෙන් මිදුණු ගග්ග භික්ෂුවට අමූළ්හවිනය දෙන්නේ ය. මේ ඤත්තිය (සංඝයාට කරන යෝජනාව) යි.
ස්වාමීනි, සංඝයා මා කියන දේ අසත්වා. මේ ගග්ග භික්ෂුව සිත පෙරළී උමතු විය. සිත පෙරළී උමතු වූ ඔහු, වචනයෙන් කියූ ද කයින් කළ ද, ශ්‍රමණයන්ට නොගැළපෙන (මහණුන් නොකළ යුතු) බොහෝ දේ කළේ ය. සිත පෙරළී උමතු වූ ඔහු කළ දේ නිසා භික්ෂූහු ‘මෙබඳු ඇවැතකට පැමිණි බව ආයුෂ්මතුන් සිහි කරත්වා’ යි ගග්ග භික්ෂුවට ඇවැතින් චෝදනා කරති ම ය. (එවිට) ඔහු මෙසේ කියයි: