7. පරිමාණාදි වාර අට
1. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් ගණනක් ඇති (ගණන් කළ හැකි) බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණ, ඒවා නොසඟවා සිවුරු හැර යයි -පෙ-
2. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් ගණනක් නැති බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණ, ඒවා නොසඟවා සිවුරු හැර යයි -පෙ-
3. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් එක ම නමක් ඇති බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණ, ඒවා නොසඟවා සිවුරු හැර යයි -පෙ-
4. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් වෙන් වෙන් නම් ඇති බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණ, ඒවා නොසඟවා සිවුරු හැර යයි -පෙ-
5. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් එකිනෙකට සමාන වූ (සභාග) බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණ, ඒවා නොසඟවා සිවුරු හැර යයි -පෙ-
6. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් එකිනෙකට වෙනස් වූ (විසභාග) බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණ, ඒවා නොසඟවා සිවුරු හැර යයි -පෙ-
7. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් වෙන් වෙන් වූ බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණ, ඒවා නොසඟවා සිවුරු හැර යයි -පෙ-
8. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් මිශ්‍ර වූ බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණ, ඒවා නොසඟවා සිවුරු හැර යයි -පෙ-
(ඉහත කී පරිදි විස්තර කළ යුතු ය.)
පරිමාණාදි වාර අට නිමියේ ය.
8. භික්ෂූන් දෙදෙනා පිළිබඳ වාර එකොළහ
1. භික්ෂූන් දෙදෙනෙක් සංඝාදිසේස ඇවැතකට පැමිණියෝ වෙති. ඔවුහු ඒ සංඝාදිසේස ඇවැත සංඝාදිසේස ඇවැතක් යයි දකින්නෝ වෙති. එක් භික්ෂුවක් එය සඟවයි. එක් භික්ෂුවක් නොසඟවයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. ඇවැත සඟවා සිටි ප්‍රමාණයට ඔහුට පරිවාසය ද දී, දෙදෙනාට ම මානත්තය දිය යුතු ය.
2. භික්ෂූන් දෙදෙනෙක් සංඝාදිසේස ඇවැතකට පැමිණියෝ වෙති. ඔවුහු ඒ සංඝාදිසේස ඇවැත ගැන සැක ඇත්තෝ වෙති. එක් භික්ෂුවක් එය සඟවයි. එක් භික්ෂුවක් නොසඟවයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. ඇවැත සඟවා සිටි ප්‍රමාණයට ඔහුට පරිවාසය ද දී, දෙදෙනාට ම මානත්තය දිය යුතු ය.
3. භික්ෂූන් දෙදෙනෙක් සංඝාදිසේස ඇවැතකට පැමිණියෝ වෙති. ඔවුහු ඒ සංඝාදිසේස ඇවැත මිශ්‍ර ඇවැතක් යයි දකින්නෝ වෙති. එක් භික්ෂුවක් එය සඟවයි. එක් භික්ෂුවක් නොසඟවයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. ඇවැත සඟවා සිටි ප්‍රමාණයට ඔහුට පරිවාසය ද දී, දෙදෙනාට ම මානත්තය දිය යුතු ය.
4. භික්ෂූන් දෙදෙනෙක් මිශ්‍ර ඇවැතකට (ථුල්ලච්චය ආදී ඇවැත් සමඟ මිශ්‍ර වූ ඇවැතකට) පැමිණියෝ වෙති. ඔවුහු ඒ මිශ්‍ර ඇවැත සංඝාදිසේස ඇවැතක් යයි දකින්නෝ වෙති. එක් භික්ෂුවක් එය සඟවයි. එක් භික්ෂුවක් නොසඟවයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. ඇවැත සඟවා සිටි ප්‍රමාණයට ඔහුට පරිවාසය ද දී, දෙදෙනාට ම මානත්තය දිය යුතු ය.
5. භික්ෂූන් දෙදෙනෙක් මිශ්‍ර ඇවැතකට පැමිණියෝ වෙති. ඔවුහු ඒ මිශ්‍ර ඇවැත මිශ්‍ර ඇවැතක් යයි දකින්නෝ වෙති. එක් භික්ෂුවක් එය සඟවයි. එක් භික්ෂුවක් නොසඟවයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. ඇවැත සඟවා සිටි ප්‍රමාණයට ඔහුට පරිවාසය ද දී, දෙදෙනාට ම මානත්තය දිය යුතු ය.
6. භික්ෂූන් දෙදෙනෙක් මිශ්‍ර නොවූ ඇවැතකට පැමිණියෝ වෙති. ඔවුහු ඒ මිශ්‍ර නොවූ ඇවැත සංඝාදිසේස ඇවැතක් යයි දකින්නෝ වෙති. එක් භික්ෂුවක් එය සඟවයි. එක් භික්ෂුවක් නොසඟවයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. දෙදෙනා ලවා ම ධර්මයට අනුව පිළියම් කරවිය යුතු ය.
7. භික්ෂූන් දෙදෙනෙක් මිශ්‍ර නොවූ ඇවැතකට පැමිණියෝ වෙති. ඔවුහු ඒ මිශ්‍ර නොවූ ඇවැත මිශ්‍ර නොවූ ඇවැතක් යයි දකින්නෝ වෙති. එක් භික්ෂුවක් එය සඟවයි. එක් භික්ෂුවක් නොසඟවයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. දෙදෙනා ලවා ම ධර්මයට අනුව පිළියම් කරවිය යුතු ය.
8. භික්ෂූන් දෙදෙනෙක් සංඝාදිසේස ඇවැතකට පැමිණියෝ වෙති. ඔවුහු ඒ සංඝාදිසේස ඇවැත සංඝාදිසේස ඇවැතක් යයි දකින්නෝ වෙති. එක් භික්ෂුවකට ‘දන්වන්නෙමි’ යි සිතෙයි. එක් භික්ෂුවකට ‘නොදන්වන්නෙමි’ යි සිතෙයි. ඔහු (රාත්‍රියේ) පළමු යාමයේත් සඟවයි. දෙවන යාමයේත් සඟවයි. තුන්වන යාමයේත් සඟවයි. අරුණ නැගුණු කල ඇවැත සැඟවූයේ වෙයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. ඇවැත සඟවා සිටි ප්‍රමාණයට ඔහුට පරිවාසය ද දී, දෙදෙනාට ම මානත්තය දිය යුතු ය.