8. භික්ෂූන් දෙදෙනා පිළිබඳ වාර එකොළහ
1. භික්ෂූන් දෙදෙනෙක් සංඝාදිසේස ඇවැතකට පැමිණියෝ වෙති. ඔවුහු ඒ සංඝාදිසේස ඇවැත සංඝාදිසේස ඇවැතක් යයි දකින්නෝ වෙති. එක් භික්ෂුවක් එය සඟවයි. එක් භික්ෂුවක් නොසඟවයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. ඇවැත සඟවා සිටි ප්‍රමාණයට ඔහුට පරිවාසය ද දී, දෙදෙනාට ම මානත්තය දිය යුතු ය.
2. භික්ෂූන් දෙදෙනෙක් සංඝාදිසේස ඇවැතකට පැමිණියෝ වෙති. ඔවුහු ඒ සංඝාදිසේස ඇවැත ගැන සැක ඇත්තෝ වෙති. එක් භික්ෂුවක් එය සඟවයි. එක් භික්ෂුවක් නොසඟවයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. ඇවැත සඟවා සිටි ප්‍රමාණයට ඔහුට පරිවාසය ද දී, දෙදෙනාට ම මානත්තය දිය යුතු ය.
3. භික්ෂූන් දෙදෙනෙක් සංඝාදිසේස ඇවැතකට පැමිණියෝ වෙති. ඔවුහු ඒ සංඝාදිසේස ඇවැත මිශ්‍ර ඇවැතක් යයි දකින්නෝ වෙති. එක් භික්ෂුවක් එය සඟවයි. එක් භික්ෂුවක් නොසඟවයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. ඇවැත සඟවා සිටි ප්‍රමාණයට ඔහුට පරිවාසය ද දී, දෙදෙනාට ම මානත්තය දිය යුතු ය.
4. භික්ෂූන් දෙදෙනෙක් මිශ්‍ර ඇවැතකට (ථුල්ලච්චය ආදී ඇවැත් සමඟ මිශ්‍ර වූ ඇවැතකට) පැමිණියෝ වෙති. ඔවුහු ඒ මිශ්‍ර ඇවැත සංඝාදිසේස ඇවැතක් යයි දකින්නෝ වෙති. එක් භික්ෂුවක් එය සඟවයි. එක් භික්ෂුවක් නොසඟවයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. ඇවැත සඟවා සිටි ප්‍රමාණයට ඔහුට පරිවාසය ද දී, දෙදෙනාට ම මානත්තය දිය යුතු ය.
5. භික්ෂූන් දෙදෙනෙක් මිශ්‍ර ඇවැතකට පැමිණියෝ වෙති. ඔවුහු ඒ මිශ්‍ර ඇවැත මිශ්‍ර ඇවැතක් යයි දකින්නෝ වෙති. එක් භික්ෂුවක් එය සඟවයි. එක් භික්ෂුවක් නොසඟවයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. ඇවැත සඟවා සිටි ප්‍රමාණයට ඔහුට පරිවාසය ද දී, දෙදෙනාට ම මානත්තය දිය යුතු ය.
6. භික්ෂූන් දෙදෙනෙක් මිශ්‍ර නොවූ ඇවැතකට පැමිණියෝ වෙති. ඔවුහු ඒ මිශ්‍ර නොවූ ඇවැත සංඝාදිසේස ඇවැතක් යයි දකින්නෝ වෙති. එක් භික්ෂුවක් එය සඟවයි. එක් භික්ෂුවක් නොසඟවයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. දෙදෙනා ලවා ම ධර්මයට අනුව පිළියම් කරවිය යුතු ය.
7. භික්ෂූන් දෙදෙනෙක් මිශ්‍ර නොවූ ඇවැතකට පැමිණියෝ වෙති. ඔවුහු ඒ මිශ්‍ර නොවූ ඇවැත මිශ්‍ර නොවූ ඇවැතක් යයි දකින්නෝ වෙති. එක් භික්ෂුවක් එය සඟවයි. එක් භික්ෂුවක් නොසඟවයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. දෙදෙනා ලවා ම ධර්මයට අනුව පිළියම් කරවිය යුතු ය.
8. භික්ෂූන් දෙදෙනෙක් සංඝාදිසේස ඇවැතකට පැමිණියෝ වෙති. ඔවුහු ඒ සංඝාදිසේස ඇවැත සංඝාදිසේස ඇවැතක් යයි දකින්නෝ වෙති. එක් භික්ෂුවකට ‘දන්වන්නෙමි’ යි සිතෙයි. එක් භික්ෂුවකට ‘නොදන්වන්නෙමි’ යි සිතෙයි. ඔහු (රාත්‍රියේ) පළමු යාමයේත් සඟවයි. දෙවන යාමයේත් සඟවයි. තුන්වන යාමයේත් සඟවයි. අරුණ නැගුණු කල ඇවැත සැඟවූයේ වෙයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. ඇවැත සඟවා සිටි ප්‍රමාණයට ඔහුට පරිවාසය ද දී, දෙදෙනාට ම මානත්තය දිය යුතු ය.
9. භික්ෂූන් දෙදෙනෙක් සංඝාදිසේස ඇවැතකට පැමිණියෝ වෙති. ඔවුහු ඒ සංඝාදිසේස ඇවැත සංඝාදිසේස ඇවැතක් යයි දකින්නෝ වෙති. ඔවුහු ‘දන්වන්නෙමු’ යි යති. අතරමගදී එක් භික්ෂුවකට ‘නොදන්වන්නෙමි’ යි ගුණමකු සිතක් (මක්ඛ ධර්මය) උපදී. ඔහු පළමු යාමයේත් සඟවයි. දෙවන යාමයේත් සඟවයි. තුන්වන යාමයේත් සඟවයි. අරුණ නැගුණු කල ඇවැත සැඟවූයේ වෙයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. ඇවැත සඟවා සිටි ප්‍රමාණයට ඔහුට පරිවාසය ද දී, දෙදෙනාට ම මානත්තය දිය යුතු ය.
10. භික්ෂූන් දෙදෙනෙක් සංඝාදිසේස ඇවැතකට පැමිණියෝ වෙති. ඔවුහු ඒ සංඝාදිසේස ඇවැත සංඝාදිසේස ඇවැතක් යයි දකින්නෝ වෙති. ඔවුහු උමතු වූවෝ වෙති. පසුව ඔවුන් උමතු නොවූවන් වූ කල, එක් භික්ෂුවක් ඇවැත සඟවයි. එක් භික්ෂුවක් නොසඟවයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. ඇවැත සඟවා සිටි ප්‍රමාණයට ඔහුට පරිවාසය ද දී, දෙදෙනාට ම මානත්තය දිය යුතු ය.
11. භික්ෂූන් දෙදෙනෙක් සංඝාදිසේස ඇවැතකට පැමිණියෝ වෙති. පාතිමොක්ඛය උදෙසන (කියවන) කල්හි ඔවුහු මෙසේ කියති: “‘මේ ධර්මයත් පාතිමොක්ඛ සූත්‍රයෙහි ආයේ ලු, සූත්‍රයට ඇතුළත් ලු, සෑම අඩ මසකට වරක් ම උදෙසීමට පැමිණේ ලු’ යි අපි දැන් ම දැන ගත්තෙමු.” ඔවුහු ඒ සංඝාදිසේස ඇවැත සංඝාදිසේස ඇවැතක් යයි දකින්නෝ වෙති. එක් භික්ෂුවක් එය සඟවයි. එක් භික්ෂුවක් නොසඟවයි. යමෙක් සඟවයි ද, ඔහු ලවා දුක්කට ඇවැත දේශනා කරවිය යුතු ය. ඇවැත සඟවා සිටි ප්‍රමාණයට ඔහුට පරිවාසය ද දී, දෙදෙනාට ම මානත්තය දිය යුතු ය.
භික්ෂූන් දෙදෙනා පිළිබඳ වාර එකොළහ නිමි.
9. මූලායපටිකස්සනයේ දී පිරිසිදු නොවීම පිළිබඳ නවය
1. මහණෙනි, මෙහි භික්ෂුවක් ගණන් ඇති ද ගණන් නැති ද, එක ම නමක් ඇති ද වෙන වෙන නම් ඇති ද, සභාග (එක ම වර්ගයේ) වූ ද විසභාග (වෙනස් වර්ගයේ) වූ ද, වෙන් වෙන් ව පවතින ද මිශ්‍ර වූ ද බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණෙයි. ඔහු ඒ ඇවැත් සඳහා සංඝයාගෙන් සමෝධාන පරිවාසය (ඇවැත් සියල්ල එකතු කොට දෙන පරිවාසය) ඉල්ලයි. සංඝයා ඔහුට ඒ ඇවැත් සඳහා සමෝධාන පරිවාසය දෙයි. ඔහු පරිවාසය පුරන අතරතුර ගණන් ඇති, නොසැඟවූ බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණෙයි. ඔහු ඒ අතරතුර ඇවැත් සඳහා සංඝයාගෙන් මූලායපටිකස්සනය (පරිවාසය නැවත මුල සිට පුරන්නට මුලට ගෙන ඒම) ඉල්ලයි. සංඝයා ධර්මයට අනුකූල වූ, අවලංගු නොවන, පවතින්නට සුදුසු කර්මයකින් ඔහුට ඒ අතරතුර ඇවැත් සඳහා මූලායපටිකස්සනය කරයි. ධර්මයට අනුකූල ව සමෝධාන පරිවාසය දෙයි. ධර්මයට පටහැනි ව මානත්තය දෙයි. ධර්මයට පටහැනි ව අබ්භානය (ඇවැතෙන් නැගිටුවීම) කරයි. මහණෙනි, ඒ භික්ෂුව ඒ ඇවැත්වලින් පිරිසිදු වූයේ නො වේ.