6. මූලායපටිකස්සන හාරසියය
1. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටින අතරතුර බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණ, ඒවා නොසඟවා සිවුරු හැර යයි. ඔහු නැවත උපසම්පදාව ලැබූ පසු ඒ ඇවැත් නොසඟවයි. ඒ භික්ෂුව මුල් ඇවැතට ආපසු ඇද්ද යුතු ය (මූලාය පටිකස්සනය කළ යුතු ය).
2. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටින අතරතුර බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණ, ඒවා නොසඟවා සිවුරු හැර යයි. ඔහු නැවත උපසම්පදාව ලැබූ පසු ඒ ඇවැත් සඟවයි. ඒ භික්ෂුව මුල් ඇවැතට ආපසු ඇද්ද යුතු ය. ඒ භික්ෂුවට සැඟවූ ඇවැත් සඟවා සිටි ප්රමාණයට, පළමු ඇවැත සමඟ එක් කොට සමෝධාන පරිවාසය දිය යුතු ය.
3. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටින අතරතුර බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණ, ඒවා සඟවා සිවුරු හැර යයි. ඔහු නැවත උපසම්පදාව ලැබූ පසු ඒ ඇවැත් නොසඟවයි. ඒ භික්ෂුව මුල් ඇවැතට ආපසු ඇද්ද යුතු ය. ඒ භික්ෂුවට සැඟවූ ඇවැත්වලට, පළමු ඇවැත සමඟ එක් කොට සමෝධාන පරිවාසය දිය යුතු ය.
4. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටින අතරතුර බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණ, ඒවා සඟවා සිවුරු හැර යයි. ඔහු නැවත උපසම්පදාව ලැබූ පසු ඒ ඇවැත් සඟවයි. ඒ භික්ෂුව මුල් ඇවැතට ආපසු ඇද්ද යුතු ය. ඒ භික්ෂුවට සැඟවූ ඇවැත් සඟවා සිටි ප්රමාණයට, පළමු ඇවැත සමඟ එක් කොට සමෝධාන පරිවාසය දිය යුතු ය.
5. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටින අතරතුර බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණෙයි. ඒ භික්ෂුවට සැඟවූ ඇවැත් ද නොසැඟවූ ඇවැත් ද ඇත. ඔහු සිවුරු හැර ගොස් නැවත උපසම්පදාව ලැබූ පසු, පෙර සැඟවූ ඇවැත් පසුව නොසඟවයි. පෙර නොසැඟවූ ඇවැත් පසුවත් නොසඟවයි. ඒ භික්ෂුව මුල් ඇවැතට ආපසු ඇද්ද යුතු ය. ඒ භික්ෂුවට සැඟවූ ඇවැත් සඟවා සිටි ප්රමාණයට, පළමු ඇවැත සමඟ එක් කොට සමෝධාන පරිවාසය දිය යුතු ය.
6. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටින අතරතුර බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණෙයි. ඒ භික්ෂුවට සැඟවූ ඇවැත් ද නොසැඟවූ ඇවැත් ද ඇත. ඔහු සිවුරු හැර ගොස් නැවත උපසම්පදාව ලැබූ පසු, පෙර සැඟවූ ඇවැත් පසුව නොසඟවයි. පෙර නොසැඟවූ ඇවැත් පසුව සඟවයි. ඒ භික්ෂුව මුල් ඇවැතට ආපසු ඇද්ද යුතු ය. ඒ භික්ෂුවට සැඟවූ ඇවැත් සඟවා සිටි ප්රමාණයට, පළමු ඇවැත සමඟ එක් කොට සමෝධාන පරිවාසය දිය යුතු ය.
7. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටින අතරතුර බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණෙයි. ඒ භික්ෂුවට සැඟවූ ඇවැත් ද නොසැඟවූ ඇවැත් ද ඇත. ඔහු සිවුරු හැර ගොස් නැවත උපසම්පදාව ලැබූ පසු, පෙර සැඟවූ ඇවැත් පසුවත් සඟවයි. පෙර නොසැඟවූ ඇවැත් පසුවත් නොසඟවයි. ඒ භික්ෂුව මුල් ඇවැතට ආපසු ඇද්ද යුතු ය. ඒ භික්ෂුවට සැඟවූ ඇවැත් සඟවා සිටි ප්රමාණයට, පළමු ඇවැත සමඟ එක් කොට සමෝධාන පරිවාසය දිය යුතු ය.
8. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටින අතරතුර බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණෙයි. ඒ භික්ෂුවට සැඟවූ ඇවැත් ද නොසැඟවූ ඇවැත් ද ඇත. ඔහු සිවුරු හැර ගොස් නැවත උපසම්පදාව ලැබූ පසු, පෙර සැඟවූ ඇවැත් පසුවත් සඟවයි. පෙර නොසැඟවූ ඇවැත් පසුව සඟවයි. ඒ භික්ෂුව මුල් ඇවැතට ආපසු ඇද්ද යුතු ය. ඒ භික්ෂුවට සැඟවූ ඇවැත් සඟවා සිටි ප්රමාණයට, පළමු ඇවැත සමඟ එක් කොට සමෝධාන පරිවාසය දිය යුතු ය.
9. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටින අතරතුර බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණෙයි. ඇතැම් ඇවැත් ඇවැත් බව දනී. ඇතැම් ඇවැත් ඇවැත් බව නොදනී. යම් ඇවැත් දනී ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් නොදනී ද, ඒ ඇවැත් නොසඟවයි. ඔහු සිවුරු හැර ගොස් නැවත උපසම්පදාව ලැබූ පසු, පෙර දැන සැඟවූ ඇවැත් පසුව දැන නොසඟවයි. පෙර නොදැන නොසැඟවූ ඇවැත් පසුව දැන නොසඟවයි. ඒ භික්ෂුව මුල් ඇවැතට ආපසු ඇද්ද යුතු ය. ඒ භික්ෂුවට සැඟවූ ඇවැත් සඟවා සිටි ප්රමාණයට, පළමු ඇවැත සමඟ එක් කොට සමෝධාන පරිවාසය දිය යුතු ය.
10. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටින අතරතුර බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණෙයි. ඇතැම් ඇවැත් ඇවැත් බව දනී. ඇතැම් ඇවැත් ඇවැත් බව නොදනී. යම් ඇවැත් දනී ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් නොදනී ද, ඒ ඇවැත් නොසඟවයි. ඔහු සිවුරු හැර ගොස් නැවත උපසම්පදාව ලැබූ පසු, පෙර දැන සැඟවූ ඇවැත් පසුව දැන නොසඟවයි. පෙර නොදැන නොසැඟවූ ඇවැත් පසුව දැන සඟවයි. ඒ භික්ෂුව මුල් ඇවැතට ආපසු ඇද්ද යුතු ය. ඒ භික්ෂුවට සැඟවූ ඇවැත් සඟවා සිටි ප්රමාණයට, පළමු ඇවැත සමඟ එක් කොට සමෝධාන පරිවාසය දිය යුතු ය.
11. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටින අතරතුර බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණෙයි. ඇතැම් ඇවැත් ඇවැත් බව දනී. ඇතැම් ඇවැත් ඇවැත් බව නොදනී. යම් ඇවැත් දනී ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් නොදනී ද, ඒ ඇවැත් නොසඟවයි. ඔහු සිවුරු හැර ගොස් නැවත උපසම්පදාව ලැබූ පසු, පෙර දැන සැඟවූ ඇවැත් පසුවත් දැන සඟවයි. පෙර නොදැන නොසැඟවූ ඇවැත් පසුව දැන නොසඟවයි. ඒ භික්ෂුව මුල් ඇවැතට ආපසු ඇද්ද යුතු ය. ඒ භික්ෂුවට සැඟවූ ඇවැත් සඟවා සිටි ප්රමාණයට, පළමු ඇවැත සමඟ එක් කොට සමෝධාන පරිවාසය දිය යුතු ය.
12. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටින අතරතුර බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණෙයි. ඇතැම් ඇවැත් ඇවැත් බව දනී. ඇතැම් ඇවැත් ඇවැත් බව නොදනී. යම් ඇවැත් දනී ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් නොදනී ද, ඒ ඇවැත් නොසඟවයි. ඔහු සිවුරු හැර ගොස් නැවත උපසම්පදාව ලැබූ පසු, පෙර දැන සැඟවූ ඇවැත් පසුවත් දැන සඟවයි. පෙර නොදැන නොසැඟවූ ඇවැත් පසුව දැන සඟවයි. ඒ භික්ෂුව මුල් ඇවැතට ආපසු ඇද්ද යුතු ය. ඒ භික්ෂුවට සැඟවූ ඇවැත් සඟවා සිටි ප්රමාණයට, පළමු ඇවැත සමඟ එක් කොට සමෝධාන පරිවාසය දිය යුතු ය.