5. මානත්තය පිළිබඳ සියය (මානත්ත සතකය)
1. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණ, ඒවා නොසඟවා සිවුරු හැර යයි. ඔහු නැවත උපසම්පදාව ලැබූ පසු ඒ ඇවැත් නොසඟවයි නම්, මහණෙනි, ඒ භික්ෂුවට මානත්තය දිය යුතු ය.
2. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණ, ඒවා නොසඟවා සිවුරු හැර යයි. ඔහු නැවත උපසම්පදාව ලැබූ පසු ඒ ඇවැත් සඟවයි. මහණෙනි, ඒ භික්ෂුවට පසු ඇවැත් රැසෙහි (පසුව සැඟවූ නිසා පසු ඇවැත් රැස යැයි කියන ලද ඒ ඇවැත් රැසෙහි) ඇවැත් සඟවා සිටි ප්රමාණයට පරිවාසය දී මානත්තය දිය යුතු ය.
3. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණ, ඒවා සඟවා සිවුරු හැර යයි. ඔහු නැවත උපසම්පදාව ලැබූ පසු ඒ ඇවැත් නොසඟවයි නම්, මහණෙනි, ඒ භික්ෂුවට පළමු ඇවැත් රැසෙහි ඇවැත් සඟවා සිටි ප්රමාණයට පරිවාසය දී මානත්තය දිය යුතු ය.
4. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණ, ඒවා සඟවා සිවුරු හැර යයි. ඔහු නැවත උපසම්පදාව ලැබූ පසු ද ඒ ඇවැත් සඟවයි. මහණෙනි, ඒ භික්ෂුවට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැස් දෙකෙහි ඇවැත් සඟවා සිටි ප්රමාණයට පරිවාසය දී මානත්තය දිය යුතු ය.
5. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණෙයි. ඔහුට සැඟවූ ඇවැත් ද නොසැඟවූ ඇවැත් ද වෙයි. ඔහු සිවුරු හැර ගොස් නැවත උපසම්පදාව ලැබූ පසු, පෙර සැඟවූ ඇවැත් පසුව නොසඟවයි. පෙර නොසැඟවූ ඇවැත් ද පසුව නොසඟවයි. මහණෙනි, ඒ භික්ෂුවට පළමු ඇවැත් රැසෙහි ඇවැත් සඟවා සිටි ප්රමාණයට පරිවාසය දී මානත්තය දිය යුතු ය.
6. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණෙයි. ඔහුට සැඟවූ ඇවැත් ද නොසැඟවූ ඇවැත් ද වෙයි. ඔහු සිවුරු හැර ගොස් නැවත උපසම්පදාව ලැබූ පසු, පෙර සැඟවූ ඇවැත් පසුව නොසඟවයි. පෙර නොසැඟවූ ඇවැත් පසුව සඟවයි. මහණෙනි, ඒ භික්ෂුවට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි ඇවැත් සඟවා සිටි ප්රමාණයට පරිවාසය දී මානත්තය දිය යුතු ය.
7. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණෙයි. ඔහුට සැඟවූ ඇවැත් ද නොසැඟවූ ඇවැත් ද වෙයි. ඔහු සිවුරු හැර ගොස් නැවත උපසම්පදාව ලැබූ පසු, පෙර සැඟවූ ඇවැත් පසුව ද සඟවයි. පෙර නොසැඟවූ ඇවැත් පසුව ද නොසඟවයි. මහණෙනි, ඒ භික්ෂුවට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි ඇවැත් සඟවා සිටි ප්රමාණයට පරිවාසය දී මානත්තය දිය යුතු ය.
8. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණෙයි. ඔහුට සැඟවූ ඇවැත් ද නොසැඟවූ ඇවැත් ද වෙයි. ඔහු සිවුරු හැර ගොස් නැවත උපසම්පදාව ලැබූ පසු, පෙර සැඟවූ ඇවැත් පසුව ද සඟවයි. පෙර නොසැඟවූ ඇවැත් පසුව සඟවයි. මහණෙනි, ඒ භික්ෂුවට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි ඇවැත් සඟවා සිටි ප්රමාණයට පරිවාසය දී මානත්තය දිය යුතු ය.
9. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් බොහෝ සංඝාදිසේස ඇවැත්වලට පැමිණෙයි. ඇතැම් ඇවැත් ඔහු දනී. ඇතැම් ඇවැත් නොදනී. යම් ඇවැත් දනී ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් නොදනී ද, ඒ ඇවැත් නොසඟවයි. ඔහු සිවුරු හැර ගොස් නැවත උපසම්පදාව ලැබූ පසු, පෙර දැන සැඟවූ ඇවැත් පසුව දැන නොසඟවයි. පෙර නොදැන නොසැඟවූ ඇවැත් පසුව දැන නොසඟවයි. මහණෙනි, ඒ භික්ෂුවට පළමු ඇවැත් රැසෙහි ඇවැත් සඟවා සිටි ප්රමාණයට පරිවාසය දී මානත්තය දිය යුතු ය.