3. මාස දෙකක පරිවාසය
1. එකල්හි එක්තරා භික්ෂුවක් මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියේ වෙයි. ඒ භික්ෂුවට මෙසේ සිතුණේ ය: “මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි. මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපත.” ඔහු මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලී ය. සංඝයා ඒ භික්ෂුවට මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් දුන්නේ ය. පරිවාසය පුරන ඔහුට ලජ්ජී ගුණය (පවට ලැජ්ජාව) ඇති විය: “මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි. එවිට මට ‘මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපතැ’යි සිතුණේ ය. ඒ මම මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලුවෙමි. සංඝයා මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මට දුන්නේ ය. පරිවාසය පුරන මට ලජ්ජී ගුණය ඇති විය. මාස දෙකක් සඟවා තිබූ අනෙක් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපත.”
2. ඒ භික්ෂුව භික්ෂූන්ට මෙසේ කීය: “ඇවැත්නි, මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි. එවිට මට ‘මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි. මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපතැ’යි සිතුණේ ය. ඒ මම මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලුවෙමි. සංඝයා මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මට දුන්නේ ය. පරිවාසය පුරන මට ‘මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි’ යි ලජ්ජී ගුණය (පවට ලැජ්ජාව) ඇති විය. එවිට මට ‘මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි. මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපතැ’යි සිතුණේ ය.
ඒ මම මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලුවෙමි. සංඝයා මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මට දුන්නේ ය. පරිවාසය පුරන මට ලජ්ජී ගුණය ඇති විය: ‘මාස දෙකක් සඟවා තිබූ අනෙක් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපත’ යි. මා කෙසේ පිළිපැදිය යුතු ද?”
3. ඔවුහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “මහණෙනි, එසේ නම් සංඝයා ඒ භික්ෂුවට මාස දෙකක් සඟවා තිබූ අනෙක් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් දෙත්වා. මහණෙනි, (ඒ මාස දෙකක පරිවාසය) මෙසේ දිය යුතු ය: මහණෙනි, ඒ භික්ෂුව සංඝයා වෙත ගොස්, උතුරු සළුව එක් උරයක් වසා සිටින සේ පොරවා, වැඩිමහලු භික්ෂූන්ගේ පා වැඳ, උක්කුටිකව (දණහිස් බිම නොතබා පතුල් මත) හිඳ, දොහොත් මුදුනේ තබාගෙන මෙසේ කිය යුතු ය: ‘ස්වාමීනි, මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි. එවිට මට, මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි, මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපතැයි සිතුණේ ය. ඒ මම මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලුවෙමි. සංඝයා මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මට දුන්නේ ය. පරිවාසය පුරන මට, මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමියි ලජ්ජී ගුණය (පවට ලැජ්ජාව) ඇති විය. එවිට මට, මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි, මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපතැයි සිතුණේ ය. ඒ මම මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලුවෙමි. සංඝයා මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මට දුන්නේ ය. පරිවාසය පුරන මට, මාස දෙකක් සඟවා තිබූ අනෙක් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපතැයි ලජ්ජී ගුණය ඇති විය. ස්වාමීනි, ඒ මම මාස දෙකක් සඟවා තිබූ අනෙක් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලමි’ යි. දෙවනුව ද ඉල්ලිය යුතු ය. තෙවනුව ද ඉල්ලිය යුතු ය.
4. දක්ෂ, සමර්ථ භික්ෂුවක් විසින් සංඝයාට මෙසේ දැනුම් දිය යුතු ය:
“ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා. මේ නම් ඇති භික්ෂුව මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියේ ය. ඒ භික්ෂුවට ‘මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි. මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපතැ’යි සිතුණේ ය. ඔහු මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලී ය. සංඝයා මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් ඔහුට දුන්නේ ය. පරිවාසය පුරන ඒ භික්ෂුවට ‘මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි’ යි ලජ්ජී ගුණය (පවට ලැජ්ජාව) ඇති විය. ‘එවිට මට, මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි, මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපතැයි සිතුණේ ය. ඒ මම මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලුවෙමි.