12. මුලට ගෙන එන ලද තැනැත්තාගේ අබ්භානය
1. ඔහු මානත පුරා නිම කළ පසු භික්ෂූන්ට මෙසේ කීවේ ය: “ඇවැත්නි, මම දින පහක් සැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි -පෙ- ඒ මම දැන් මානත පුරා නිම කළ කෙනෙක් වෙමි. මා කෙසේ නම් පිළිපැදිය යුතු ද?” භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) මහණෙනි, එසේ නම් සංඝයා උදායී භික්ෂුවට අබ්භානය කෙරේවා. මහණෙනි, අබ්භානය මෙසේ කළ යුතු ය: මහණෙනි, ඒ උදායී භික්ෂුව සංඝයා වෙත ගොස් -පෙ- මෙසේ කිය යුතු ය:
“ස්වාමීනි, මම දින පහක් සැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම දින පහක් සැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැත සඳහා සංඝයාගෙන් දින පහක පරිවාසය ඉල්ලීමි. සංඝයා මට දින පහක් සැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැත සඳහා දින පහක පරිවාසය දුන්නේ ය. ඒ මම පරිවාසය වසමින් සිටියදී, අතරතුර නොසැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම අතරතුර පැමිණි නොසැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැත සඳහා සංඝයාගෙන් මුලට ගෙන ඒම (මූලායපටිකස්සනාව) ඉල්ලීමි. සංඝයා මා අතරතුර පැමිණි නොසැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැත සඳහා මුලට ගෙන ආයේ ය. ඒ මම පරිවාසය වස නිම කර, මානතට සුදුසු ව සිටියදී, අතරතුර නොසැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම අතරතුර පැමිණි නොසැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැත සඳහා සංඝයාගෙන් මුලට ගෙන ඒම ඉල්ලීමි. සංඝයා මා අතරතුර පැමිණි නොසැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැත සඳහා මුලට ගෙන ආයේ ය. ඒ මම පරිවාසය වස නිම කළ කෙනෙක් ව, ඇවැත් තුන සඳහා රාත්‍රී හයක මානත සංඝයාගෙන් ඉල්ලීමි. සංඝයා මට ඇවැත් තුන සඳහා රාත්‍රී හයක මානත දුන්නේ ය. ඒ මම මානත පුරමින් සිටියදී, අතරතුර නොසැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම අතරතුර පැමිණි නොසැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැත සඳහා සංඝයාගෙන් මුලට ගෙන ඒම ඉල්ලීමි. සංඝයා මා අතරතුර පැමිණි නොසැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැත සඳහා මුලට ගෙන ආයේ ය. ඒ මම අතරතුර පැමිණි නොසැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැත සඳහා සංඝයාගෙන් රාත්‍රී හයක මානත ඉල්ලීමි. සංඝයා මට අතරතුර පැමිණි නොසැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැත සඳහා රාත්‍රී හයක මානත දුන්නේ ය. ඒ මම මානත පුරා නිම කර, අබ්භානයට සුදුසු ව සිටියදී, අතරතුර නොසැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම අතරතුර පැමිණි නොසැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැත සඳහා සංඝයාගෙන් මුලට ගෙන ඒම ඉල්ලීමි. සංඝයා මා අතරතුර පැමිණි නොසැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැත සඳහා මුලට ගෙන ආයේ ය. ඒ මම අතරතුර පැමිණි නොසැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැත සඳහා සංඝයාගෙන් රාත්‍රී හයක මානත ඉල්ලීමි. සංඝයා මට අතරතුර පැමිණි නොසැඟවූ එක් සඤ්චේතනික සුක්කවිසට්ඨි ඇවැත සඳහා රාත්‍රී හයක මානත දුන්නේ ය. ස්වාමීනි, ඒ මම මානත පුරා නිම කළ කෙනෙක් ව, සංඝයාගෙන් අබ්භානය ඉල්ලමි.” දෙවනුව ද ඉල්ලිය යුතු ය. තෙවනුව ද ඉල්ලිය යුතු ය.