9. පුනඒසනා වර්ගය
6. 9. 1-120.
එසනා ආදී සූත්‍ර
2883-3002. මහණෙනි, මේ ඒසනා තුනකි. කවර තුනක් ද යත්: ... වැඩිය යුත්තාහ.
(විවේක නිශ්‍රිත ආදි වශයෙන් ද අභිඥා ආදි වශයෙන් ද එක් එක් තැන දොළස දොළස බැගින් කොට සූත්‍ර එකසිය විස්සක් විස්තර කටයුතුයි.)
එසනාවග්ගො නවමො.
එහි උද්දානය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා යන තුන බැගින් වූ ඒවා ද, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යනුයි.
10. පුනඕඝ වර්ගය
6. 10. 1-119.
ඕඝ ආදී සූත්‍ර
3003-3121. මහණෙනි, මේ ඕඝ සතරකි. කවර සතරක් ද යත්: ... වැඩිය යුත්තාහ.
(කියන ලද ක්‍රමයෙන් විස්තර කටයුතුයි.)
6. 10. 120.
උද්ධම්භාගිය සූත්‍රය
3122. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පහකි. කවර පහක් ද යත්: රූපරාගය, අරූපරාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාව යි. මහණෙනි, මේවා වනාහි පස් උද්ධම්භාගිය සංයෝජනයෝ ය. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහ කිරීම පිණිස පඤ්ච බලයන් වැඩිය යුතුය. කවර පහක් ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ, නිවනට බර වූ සද්ධාබලය වඩයි. නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ, නිවනට බර වූ විරියබලය වඩයි. නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ, නිවනට බර වූ සතිබලය වඩයි. නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ, නිවනට බර වූ සමාධිබලය වඩයි. නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ, නිවනට බර වූ පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහ කිරීම පිණිස මේ පඤ්ච බලයන් වැඩිය යුතුය.
දසවැනි පුන ඔඝ වර්ගය යි.
එහි උද්දානය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යන සූත්‍ර වේ.
බල සංයුත්තය නිමි.
එහි වර්ග උද්දානය:
ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණීය, ඒසනා යන මේවා ද, ‘පුන’ යන්න මුලට යෙදුණු ඒ වර්ග ද සමඟ බල සංයුත්තයේ වර්ග දහයකි.