2. අප්පමාද වර්ගය
6. 2. 1-10.
තථාගත ආදී සූත්‍ර
2679-2688. මහණෙනි, පා නැති හෝ දෙපා ඇති හෝ ... යම්තාක් සත්වයෝ වෙත් ද ... බහුල කරයි.
(විවේක නිශ්‍රිත ආදි වශයෙන් විස්තර කටයුතුයි.)
අප්පමාදවග්ගො දුතියො.
එහි උද්දානය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය, දසවැන්න වත්ථ යනුයි.
3. බලකරණීය වර්ගය
6. 3. 1-12.
බල ආදී සූත්‍ර
2689-2700. මහණෙනි, යම් සේ බලයෙන් කළ යුතු යම් කිසි කර්මාන්ත වෙත් ද ... බහුල කරයි.
(කියන ලද ක්‍රමයෙන් විස්තර කටයුතුයි.)
බලකරණීයවග්ගො තතියො.
එහි උද්දානය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙකක් ද, නාවා, ආගන්තුක, නදී යැයි (දොළසකි).
4. එසනා වර්ගය
6. 4. 1-40.
එසනා ආදී සූත්‍ර
2701-2740. මහණෙනි, මේ ඒසනා (සෙවීම්) තුනකි. කවර තුනක් ද යත්: කාම ඒසනාව, භව ඒසනාව, බ්‍රහ්මචරිය ඒසනාව යි ... වැඩිය යුත්තාහ.
(විස්තර කටයුතුයි.)
එසනාවග්ගො චතුත්ථො.
එහි උද්දානය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා යන තුන බැගින් වූ ඒවා ද, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යනුයි.
5. ඕඝ වර්ගය
6. 5. 1-39.
ඕඝ ආදී සූත්‍ර
2741-2779. මහණෙනි, මේ ඕඝ සතරකි. කවර සතරක් ද යත්: කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය යි ... වැඩිය යුත්තාහ.