4. 7. 7.
7. ජම්බුරුක්ඛොපම සූත්රය
1751. මහණෙනි, යම්සේ දඹදිව යම්කිසි ගස් වර්ග ඇත්තාහුද දඹගස ඔවුන්ගෙන් අග්රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි බොධි පාක්ෂික ධර්මයෝ වෙත්ද අවබෝධය පිණිස ඔවුන්ගේ පඤ්ඤින්ද්රිය අග්රවේ. මහණෙනි බොධිපාක්ෂික ධර්මයෝ කවරහුද? මහණෙනි, සද්ධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබෝධය පිණිස පවතී. සතින්ද්රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබෝධය පිණිස පවතී. මහණෙනි, යම්සේ දඹදිව යම්කිසි ගස් වර්ග ඇත්තාහුද දඹගස ඔවුන්ගෙන් අග්රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි බොධි පාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය අග්රවේ.
4. 7. 8.
8. පාරිච්ඡත්තක සූත්රය
1752. මහණෙනි, යම්සේ තාවතිංස දෙවියන්ගේ වෘක්ෂයෝ වෙත්ද, පරසතු රුක ඔවුන්ගෙන් අග්රවේ. මහණෙනි එපරිද්දෙන්ම යම්කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය අග්රවේ. මහණෙනි, බොධිපාක්ෂික ධර්මයෝ කවරේද? මහණෙනි, සද්ධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි එය අවබෝධය පිණිස පවතී. සතින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී පඤ්ඤින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. මහණෙනි, යම්සේ තාවතිංස දෙවියන්ගේ වෘක්ෂයෝ වෙත්ද, ඔවුන්ගෙන් පරසතු රුක අග්රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම් කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන් අතුරෙන් අවබෝධය පිණිස පඤ්චෙන්ද්රිය අග්රවේ.
4. 7. 9.
9. චිත්තපාටලී සූත්රය
1753. මහණෙනි, යම් සේ අසුරයන්ගේ යම්කිසි වෘක්ෂයෝ වෙත්ද, ඔවුන්ගෙන් චිත්තපාටලී රුක අග්රවේ. මහණෙනි, එපරිද්දෙන් යම්කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය අග්රවේ. මහණෙනි, බොධිපාක්ෂික ධර්මයෝ කවරහුද? සද්ධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සතින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. යම්සේ අසුරයන්ගේ යම්කිසි වෘක්ෂයෝ වෙත්ද ඔවුන්ගෙන් චිත්තපාටලී රුකම අග්රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය අග්රවේ.
4. 7. 10.
10. කූටසිම්බලී සූත්රය
1754. මහණෙනි, යම්සේ නාගයන්ගේ යම් වෘක්ෂයෝ වෙත්ද, කූටසිම්බලී වෘක්ෂය ඔවුන්ගෙන් අග්රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම් බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය අග්රවේ. මහණෙනි, බොධිපාක්ෂික ධර්මයෝ කවරහුද? මහණෙනි, සද්ධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සතින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. මහණෙනි, යම්සේ නාගයන්ගේ යම් වෘක්ෂයෝ වෙත්ද ඔවුන්ගෙන් කූටසිම්බලී වෘක්ෂය අග්රවේ. එපරිද්දෙන්ම යම් බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය අග්රවේ.
බොධිපක්ඛියවග්ගො සත්තමො.
එහි උද්දානය:
සංයොජන, අනුසය, අද්ධාන, ආසවක්ඛය ද, ද්වෙ ඵල සහ රුක්ඛ සූත්ර සතර ද යැයි මෙයින් වර්ගය කියනු ලැබේ.