4. 7. 8.
8. පාරිච්ඡත්තක සූත්රය
1752. මහණෙනි, යම්සේ තාවතිංස දෙවියන්ගේ වෘක්ෂයෝ වෙත්ද, පරසතු රුක ඔවුන්ගෙන් අග්රවේ. මහණෙනි එපරිද්දෙන්ම යම්කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය අග්රවේ. මහණෙනි, බොධිපාක්ෂික ධර්මයෝ කවරේද? මහණෙනි, සද්ධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි එය අවබෝධය පිණිස පවතී. සතින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී පඤ්ඤින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. මහණෙනි, යම්සේ තාවතිංස දෙවියන්ගේ වෘක්ෂයෝ වෙත්ද, ඔවුන්ගෙන් පරසතු රුක අග්රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම් කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන් අතුරෙන් අවබෝධය පිණිස පඤ්චෙන්ද්රිය අග්රවේ.
4. 7. 9.
9. චිත්තපාටලී සූත්රය
1753. මහණෙනි, යම් සේ අසුරයන්ගේ යම්කිසි වෘක්ෂයෝ වෙත්ද, ඔවුන්ගෙන් චිත්තපාටලී රුක අග්රවේ. මහණෙනි, එපරිද්දෙන් යම්කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය අග්රවේ. මහණෙනි, බොධිපාක්ෂික ධර්මයෝ කවරහුද? සද්ධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සතින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. යම්සේ අසුරයන්ගේ යම්කිසි වෘක්ෂයෝ වෙත්ද ඔවුන්ගෙන් චිත්තපාටලී රුකම අග්රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය අග්රවේ.
4. 7. 10.
10. කූටසිම්බලී සූත්රය
1754. මහණෙනි, යම්සේ නාගයන්ගේ යම් වෘක්ෂයෝ වෙත්ද, කූටසිම්බලී වෘක්ෂය ඔවුන්ගෙන් අග්රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම් බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය අග්රවේ. මහණෙනි, බොධිපාක්ෂික ධර්මයෝ කවරහුද? මහණෙනි, සද්ධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සතින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. මහණෙනි, යම්සේ නාගයන්ගේ යම් වෘක්ෂයෝ වෙත්ද ඔවුන්ගෙන් කූටසිම්බලී වෘක්ෂය අග්රවේ. එපරිද්දෙන්ම යම් බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය අග්රවේ.
බොධිපක්ඛියවග්ගො සත්තමො.
එහි උද්දානය:
සංයොජන, අනුසය, අද්ධාන, ආසවක්ඛය ද, ද්වෙ ඵල සහ රුක්ඛ සූත්ර සතර ද යැයි මෙයින් වර්ගය කියනු ලැබේ.
8. ගංගා පෙය්යාල වර්ගය
4. 8. 1-12.
පාචීනනින්නාදී සූත්ර
1755-1766. මහණෙනි, යම් සේ ගංගා නදිය පෙරදිගට නැමුණේ, පෙරදිගට හැරුණේ, පෙරදිගට බර වූයේ වේ ද ... එසේම නිවනට බර වූයේ වෙයි.
(මෙතැන් සිට මග්ග සංයුත්තයේ මෙන් ගංගා පෙය්යාල වර්ගයේ සිට ඕඝ වර්ගය තෙක් ඇති වර්ග පස මෙහිදී පඤ්චෙන්ද්රිය වර්ගයෙන් වෙනස්කොට මෙහි ඕඝ වර්ගයේ අන්තිම සූත්රය මෙන් යොදාගත යුතුයි. ඉන්ද්රිය සංයුත්තයේ ගංගා පෙය්යාලය විවේකනිස්සිත ආදිය වශයෙන් විස්තර කළ යුතුය.)
ගංගාපෙය්යාලයි.
එහි උද්දානය:
නැගෙනහිරට නැමුණු සයක් ද, සමුද්රයට නැමුණු සයක් ද වේ. මොහු දෙදෙන දොළසක් වෙත්. එහෙයින් වර්ග යැයි කියනු ලැබේ.
9. අප්පමාද වර්ගය
4. 9. 1-10.
තථාගතාදී සූත්ර
1767-1776. මහණෙනි, යම්තාක් පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ සත්ත්වයෝ වෙත් ද ... බහුල වශයෙන් කරන්නේ වෙයි.
(අප්පමාද වර්ගය විවේකනිස්සිත ආදිය වශයෙන් විස්තර කළ යුතුය. මග්ගසංයුත්තයේ අප්පමාද වර්ගයට පංචෙන්ද්රිය යොදා ගැනීමෙන් මෙහි සූත්ර දහය සම්පූර්ණවේ.)
අප්පමාද වර්ගය නව වැන්නයි.
එහි උද්දානය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය, වත්ථ යන මෙයින් දසවන පදය වේ.
10. බලකරණීය වර්ගය
4. 10. 1-12.
බලාදී සූත්ර
1777-1788. මහණෙනි, යම් සේ බලයෙන් කළ යුතු යම් කර්මාන්ත කෙනෙක් කරනු ලැබෙත් ද ... බහුල වශයෙන් කරන්නේ වෙයි.
(බලකරණීය වර්ගය විවේකනිස්සිත ආදිය වශයෙන් විස්තර කළ යුතුය. මග්ගසංයුත්තයේ බලකරණීය වර්ගයට පංචෙන්ද්රියය යොදා ගැනීමෙන් මෙහි සූත්ර දොළස සම්පූර්ණවේ.)
බලකරණීය වර්ගය දස වැන්නයි.
එහි උද්දානය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙකක්, නාවා, ආගන්තුක, නදී යැයි (සූත්ර දොළසකි).