4. 7. 10.
10. කූටසිම්බලී සූත්‍රය
1754. මහණෙනි, යම්සේ නාගයන්ගේ යම් වෘක්ෂයෝ වෙත්ද, කූටසිම්බලී වෘක්ෂය ඔවුන්ගෙන් අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම් බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්‍රිය අග්‍රවේ. මහණෙනි, බොධිපාක්ෂික ධර්මයෝ කවරහුද? මහණෙනි, සද්ධින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සතින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. මහණෙනි, යම්සේ නාගයන්ගේ යම් වෘක්ෂයෝ වෙත්ද ඔවුන්ගෙන් කූටසිම්බලී වෘක්ෂය අග්‍රවේ. එපරිද්දෙන්ම යම් බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්‍රිය අග්‍රවේ.
බොධිපක්ඛියවග්ගො සත්තමො.
එහි උද්දානය:
සංයෝජන, අනුසය, අද්ධාන, ආසවක්ඛය ද, ඵල දෙක ද, රුක්ඛ සතර ද යන මෙයින් වර්ගය කියනු ලැබේ.
8. ගංගා පෙය්‍යාල වර්ගය
4. 8. 1-12.
පාචීනනින්නාදී සූත්‍ර
1755-1766. මහණෙනි, යම් සේ ගංගා නදිය පෙරදිගට නැමුණේ, පෙරදිගට හැරුණේ, පෙරදිගට බර වූයේ වේ ද ... එසේම නිවනට බර වූයේ වෙයි.
(ඉන්ද්‍රිය සංයුත්තයේ ගංගා පෙය්‍යාලය විවේකනිස්සිත ආදිය වශයෙන් විස්තර කළ යුතුය.)
ගංගාපෙය්‍යාලයි.
එහි උද්දානය:
නැගෙනහිරට නැමුණු සයක් ද, සමුද්‍රයට නැමුණු සයක් ද වේ. මේ සය දෙක දොළසක් වේ. එයින් වර්ගය කියනු ලැබේ.
9. අප්පමාද වර්ගය
4. 9. 1-10.
තථාගතාදී සූත්‍ර
1767-1776. මහණෙනි, යම්තාක් පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ සත්ත්වයෝ වෙත් ද ... බහුල වශයෙන් කරන්නේ වෙයි.
(අප්පමාද වර්ගය ද විවේකනිස්සිත ආදිය වශයෙන් විස්තර කළ යුතුය.)
අප්පමාද වර්ගය නව වැන්නයි.
එහි උද්දානය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය ද, වත්ථ සමඟ දසවැන්න ද වේ.
10. බලකරණීය වර්ගය
4. 10. 1-12.
බලාදී සූත්‍ර
1777-1788. මහණෙනි, යම් සේ බලයෙන් කළ යුතු යම් කර්මාන්ත කෙනෙක් කරනු ලැබෙත් ද ... බහුල වශයෙන් කරන්නේ වෙයි.
(බලකරණීය වර්ගය ද විවේකනිස්සිත ආදිය වශයෙන් විස්තර කළ යුතුය.)
බලකරණීය වර්ගය දස වැන්නයි.
එහි උද්දානය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙකක්, නාවා, ආගන්තුක, නදී යැයි (සූත්‍ර දොළසකි).