8. ගංගා පෙය්යාල වර්ගය
4. 8. 1-12.
පාචීනනින්නාදී සූත්ර
1755-1766. මහණෙනි, යම් සේ ගංගා නදිය පෙරදිගට නැමුණේ, පෙරදිගට හැරුණේ, පෙරදිගට බර වූයේ වේ ද ... එසේම නිවනට බර වූයේ වෙයි.
(මෙතැන් සිට මග්ග සංයුත්තයේ මෙන් ගංගා පෙය්යාල වර්ගයේ සිට ඕඝ වර්ගය තෙක් ඇති වර්ග පස මෙහිදී පඤ්චෙන්ද්රිය වර්ගයෙන් වෙනස්කොට මෙහි ඕඝ වර්ගයේ අන්තිම සූත්රය මෙන් යොදාගත යුතුයි. ඉන්ද්රිය සංයුත්තයේ ගංගා පෙය්යාලය විවේකනිස්සිත ආදිය වශයෙන් විස්තර කළ යුතුය.)
ගංගාපෙය්යාලයි.
එහි උද්දානය:
නැගෙනහිරට නැමුණු සයක් ද, සමුද්රයට නැමුණු සයක් ද වේ. මොහු දෙදෙන දොළසක් වෙත්. එහෙයින් වර්ග යැයි කියනු ලැබේ.
9. අප්පමාද වර්ගය
4. 9. 1-10.
තථාගතාදී සූත්ර
1767-1776. මහණෙනි, යම්තාක් පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ සත්ත්වයෝ වෙත් ද ... බහුල වශයෙන් කරන්නේ වෙයි.
(අප්පමාද වර්ගය විවේකනිස්සිත ආදිය වශයෙන් විස්තර කළ යුතුය. මග්ගසංයුත්තයේ අප්පමාද වර්ගයට පංචෙන්ද්රිය යොදා ගැනීමෙන් මෙහි සූත්ර දහය සම්පූර්ණවේ.)
අප්පමාද වර්ගය නව වැන්නයි.
එහි උද්දානය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය, වත්ථ යන මෙයින් දසවන පදය වේ.
10. බලකරණීය වර්ගය
4. 10. 1-12.
බලාදී සූත්ර
1777-1788. මහණෙනි, යම් සේ බලයෙන් කළ යුතු යම් කර්මාන්ත කෙනෙක් කරනු ලැබෙත් ද ... බහුල වශයෙන් කරන්නේ වෙයි.
(බලකරණීය වර්ගය විවේකනිස්සිත ආදිය වශයෙන් විස්තර කළ යුතුය. මග්ගසංයුත්තයේ බලකරණීය වර්ගයට පංචෙන්ද්රියය යොදා ගැනීමෙන් මෙහි සූත්ර දොළස සම්පූර්ණවේ.)
බලකරණීය වර්ගය දස වැන්නයි.
එහි උද්දානය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙකක්, නාවා, ආගන්තුක, නදී යැයි (සූත්ර දොළසකි).
11. ඒසනා වර්ගය
4. 11. 1-40.
ඒසනාදී සූත්ර
1789-1828. මහණෙනි, මේ ඒෂණා (සෙවීම්) තුනකි. කවර තුනක් ද යත්: ... වැඩිය යුතුය.
(ඒසනා වර්ගය ද විවේකනිස්සිත ආදිය වශයෙන් විස්තර කළ යුතුය. මග්ගසංයුත්තයේ ඒසනා වර්ගයට පංචෙන්ද්රියය යොදා ගැනීමෙන් මෙහි සූත්ර දොළස සම්පූර්ණවේ.)
ඒසනා වර්ගය එකොළොස් වැන්නයි.
එහි උද්දානය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා යන තුන ද ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යැයි (සූත්ර සමූහයකි).
12. ඕඝ වර්ගය
4. 12. 1-40.
ඕඝාදී සූත්ර
1829-1868. මහණෙනි, මේ ඕඝ (සැඩපහර) සතරකි. කවර සතරක් ද යත්: ... වැඩිය යුතුය.
(ඕඝ වර්ගය ද විවේකනිස්සිත ආදිය වශයෙන් විස්තර කළ යුතුය.)
ඕඝ වර්ගය දොළොස් වැන්නයි.
එහි උද්දානය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරුද්ධම්භාගිය යැයි (සූත්ර සමූහයකි).
13. පුන ගංගා පෙය්යාලය
4. 13. 1-36.
පාචීනනින්නාදී සූත්ර
1869-1904. මහණෙනි, යම් සේ ගංගා නදිය ... නිවනට බර වූයේ වෙයි.
(ඉන්ද්රිය සංයුත්තයේ පුනගංගාපෙය්යාල වර්ගය රාග විනය ආදිය වශයෙන් ද, අමතොගධ ආදිය වශයෙන් ද, නිබ්බානනින්න ආදිය වශයෙන් ද විස්තර කළ යුතුය. එක එකෙහි තුන තුන බැගින් කොට සූත්ර තිස්සයක් දත යුතුය.)
පුන ගංගා පෙය්යාලයි.
එහි උද්දානය:
නැගෙනහිරට නැමුණු සයක් ද, සමුද්රයට නැමුණු සයක් ද වේ. මොහු දෙදෙන දොළසක් වෙත්. එහෙයින් වර්ග යැයි කියනු ලැබේ.