4. 6. 9.
පඨම ඉන්ද්රිය උප්පාද සූත්රය
1743. (මේ ඡේදය මේ වර්ගයේ 6 සූත්රයේ 1 ඡේදය මෙනි.)
“මහණෙනි, වඩනලද්දාවූ, බහුල කරන ලද්දාවූ නූපන් පඤ්චෙන්ද්රියයෝ අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් හැර නූපදිත්. ‘කවර පසක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය පඤ්ඤින්ද්රිය යනුයි. මහණෙනි, වඩනලද්දාවූ, බහුල කරනලද්දාවූ නූපන් පඤ්ච ඉන්ද්රියයෝ අර්හත්වූ සම්යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් හැර නූපදිත්.
4. 6. 10.
දුතිය ඉන්ද්රිය උප්පාද සූත්රය
1744. (මේ ඡේදය මේ වර්ගයේ 6 සූත්රයේ 1 ඡේදය මෙනි.)
“මහණෙනි, සුගත විනයෙහි හැර අන්තැනෙක වඩනා ලද්දාවූ බහුල කරන ලද්දාවූ නූපන්නාවූ මේ පඤ්ච ඉන්ද්රියයෝ නූපදිත්. කවර පසක්ද, සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය, යනුයි. මහණෙනි, සුගත විනය හැර අන්තැනෙක වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ නූපන් පඤ්ච ඉන්ද්රියයෝ නූපදිත්.
සූකරඛතවග්ගො ඡට්ඨො.
එහි උද්දානය:
සාලා, මල්ලක, සෙඛ, පද, සාර, පතිට්ඨිත, බ්රහ්ම, සූකරඛත සහ උප්පාද සූත්ර දෙකයි.
7. බොධිපක්ඛිය වර්ගය
4. 7. 1.
1. සංයෝජන පහාණ සූත්රය
1745. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, මේ වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්චෙන්ද්රියෝ සංයෝජනයන් පහකිරීම පිණිස පවතිත්. කවර පසක්ද යත්? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ, මේ පඤ්චෙන්ද්රියයෝ සංයෝජනයන් පහකිරීම පිණිස පවතිත්.
4. 7. 2.
2. අනුස්සයමුග්ඝාත සූත්රය
1746. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පඤ්ච ඉන්ද්රියයෝ අනුසය නැසීම පිණිස පවතිත්. කවර පසක්ද යත්? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි. මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, මේ පඤ්චෙන්ද්රියයෝ අනුසය නැසීම පිණිස පවතිත්.
4. 7. 3.
3. අද්ධානපරිඤ්ඤා සූත්රය
1747. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පඤ්ච ඉන්ද්රියයෝ සංසාරය පිරිසිඳ දැනීම පිණිස පවතිත්. කවර පසක්ද යත්? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි. මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, මේ පඤ්චෙන්ද්රියයෝ සංසාරය පිරිසිඳ දැනීම පිණිස පවතිත්.
4. 7. 4.
4. ආසවක්ඛය සූත්රය
1748. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පංචඉන්ද්රියයෝ ආශ්රවයන් ක්ෂයකිරීම පිණිස පවතිත්. කවර පසෙක්ද යත්? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පඤ්චෙන්ද්රියයෝ ආශ්රවයන්ගේ ක්ෂයකිරීම පිණිස පවතිත්.