4. 2. 4.
4. පරිපූරකාරී සූත්‍රය
484. (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි.) [3] “මහණෙනි, මේ පංචෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අනාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් ධම්මානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී නම් මාර්ගස්ථයා වෙයි. [4] “මහණෙනි, මෙසේ වනාහි සම්පූර්ණවූ ඉන්ද්‍රිය ඇති අර්හත් මාර්ගය සම්පූර්ණ කිරීමෙන් අර්හත් ඵලයට පැමිණෙයි. කොටසක්වූ ඉන්ද්‍රියයන් ඇති ඉතිරි මාර්ග තුන සම්පූර්ණ කිරීමෙන් ඉතිරි ඵල තුනට පැමිණෙයි. මහණෙනි, මම මෙසේ පංචෙන්ද්‍රියයෝ වඳ නොවෙත්යයි” කියමි.
4. 2. 5.
5. සද්ධානුසාරී සූත්‍රය
485. (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි.) [3] “මහණෙනි, මේ පංචෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අන්තරාපරිනිබ්බායී (පංච සුද්ධාවාසයෙහි ආයු අඩකට අතරතුර රහත් වන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උපහච්ච පරිනිබ්බායී (පංචසුද්ධාවාසයෙහි ආයු අඩක් ඉක්මවා රහත් බවට පැමිණෙන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අසඩ්ඛාර පරිනිබ්බායී (නොහොත් පංච සුද්ධාවාසයේ ඉපිද පහසුවෙන් වෙහෙස නොවී රහත්වෙන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සසංඛාර පරිනිබ්බායී (පංච සුද්ධාවාසයේ ඉපිද වෙහෙසවී උත්සාහයෙන් රහත්වන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උද්ධංසොත අකනිට්ඨගාමි (ක්‍රමයෙන් අකනිටා බඹලොව දක්වා රහත්වන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් ධම්මානුසාරි නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි.”
4. 2. 6.
6. අන්තරාපරිනිබ්බායි සූත්‍රය
486. (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි.) [3] “මහණෙනි, මේ පංචෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අන්තරාපරිනිබ්බායී අනාගාමි පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උපහච්ච පරිනිබ්බායී අනාගාමි පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අසංඛාර පරිනිබ්බායී අනාගාමි පුද්ගලයා වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සසංඛාර පරිනිබ්බායී අනාගාමි පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උද්ධංසොත අකනිට්ඨගාමි අනාගාමි පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් ධම්මානුසාරී සෝවාන් මර්ගස්ථයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී සෝවාන් මාර්ගස්ථයා වෙයි.” [4] “මහණෙනි, මෙසේ වනාහි ඉන්ද්‍රියයන්ගේ වෙනස් බව හේතුකොට ගෙන ඵලයන්ගේ වෙනස් බව වෙයි. ඵලයන්ගේ වෙනස් බව හේතුකොට ගෙන පුද්ගලයන්ගේ වෙනස් බව වේ.”
4. 2. 7.
7. අවඤ්ඣ සූත්‍රය
487. (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි.) [3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත්වෙයි. ඊට වඩා මෘදු වූ ඉන්ද්‍රියයන්ගෙන් අන්තරා පරිනිබ්බායී අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උපහච්ච පරිනිබ්බායී අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අසංඛාර පරිනිබ්බායි අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සංඛාර පරිනිබ්බායී අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උද්ධංසොත අකනිට්ඨගාමී අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් ධම්මානුසාරී සෝවාන් මාර්ගස්ථයා වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී සෝවාන් මාර්ගස්ථයා වෙයි. [4] “මහණෙනි, මෙසේ වනාහි ඉන්ද්‍රිය සම්පූර්ණවූ අර්හත් මාර්ගය සම්පූර්ණ කරන්නේ අර්හත් ඵලයට පැමිණෙයි. ඉන්ද්‍රිය කොටසක් සම්පූර්ණවූ ඉතිරි මාර්ග තුන සම්පුර්ණ කරන්නේ ඉතිරි ඵල තුනට පැමිණෙයි. මහණෙනි මම මෙසේ පඤ්චෙන්ද්‍රියයෝ වඳ නොවෙත්යයි කියමි.”
4. 2. 8.
8. පටිපන්න සූත්‍රය
488. (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි.) [3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අනාගාමී වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අනාගාමී ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමීවෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි.” [4] “මහණෙනි, යමෙකුට වනාහි මේ පඤ්චෙන්ද්‍රියයෝ සියල්ලම සර්වප්‍රකාරයෙන්ම නැද්ද, මම ඔහු (මෙම අෂ්ටාර්ය පුද්ගලයන්ගෙන්) බාහිරවූ පෘථග්ජන කොටසෙහි සිටියේයයි කියමි.