4. 16. 1-120.
ඒසනාදී සූත්ර
1971-2090. මහණෙනි, මේ ඒෂණා තුනකි ... වැඩිය යුතුය.
(පෙර කියන ලද නයින් ද අභිඥා ආදිය වශයෙන් ද විස්තර කරන්නහු විසින් සූත්ර එකසිය විස්සක් දත යුතුය.)
පුන ඒසනා වර්ගය සොළොස් වැන්නයි.
එහි උද්දානය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා තුන ද, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා ද වේ.
17. පුන ඕඝ වර්ගය
4. 17. 1-119.
ඕඝාදී සූත්ර
2091-2209. මහණෙනි, මේ ඕඝ සතරකි ... වැඩිය යුත්තාහ.
4. 17. 120.
උද්ධම්භාගිය සූත්රය
2210. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසකි. කවර පසක් ද යත්: රූපරාගය, අරූපරාගය, මානය, උද්ධච්චය, අවිද්යාව යි. මහණෙනි, මේ පස උද්ධම්භාගිය සංයෝජනයෝ ය. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස ප්රහාණය කිරීම පිණිස ඉන්ද්රිය පසක් වැඩිය යුත්තාහ. කවර පසක් ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ, නිවනට බර වූ සේ සද්ධින්ද්රිය වඩයි. නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ, නිවනට බර වූ සේ විරියින්ද්රිය වඩයි. නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ, නිවනට බර වූ සේ සතින්ද්රිය වඩයි. නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ, නිවනට බර වූ සේ සමාධින්ද්රිය වඩයි. නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ, නිවනට බර වූ සේ පඤ්ඤින්ද්රිය වඩයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස ප්රහාණය කිරීම පිණිස මේ ඉන්ද්රිය පස වැඩිය යුත්තාහ.
(මෙහි කියන ලද නයින් ද අභිඥා ආදිය වශයෙන් ද විස්තර කරන්නහු විසින් සූත්ර එකසිය විස්සක් දත යුතුය.)
පුන ඕඝ වර්ගය දාහත්වැන්නයි.
එහි උද්දානය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යනුයි.
ඉන්ද්රිය සංයුත්තය නිමි.
එහි වර්ග උද්දානය:
සුද්ධක, මුදුතර, ඡළින්ද්රිය, සුඛින්ද්රිය, ජරා යන වර්ග පස ද, සූකරඛත, සම්බෝධි, ගඞ්ගාපෙය්යාල, අප්පමාද, බලකරණීය, ඒසනා, ඕඝ යන වර්ග ද, නැවත ගඞ්ගාපෙය්යාල ආදී වර්ග පස ද සමග (ඉන්ද්රිය සංයුත්තයෙහි) වර්ග දාහතක් වෙයි.