17. පුන ඕඝ වර්ගය
4. 17. 1-119.
ඕඝාදී සූත්ර
2091-2209. මහණෙනි, මේ ඕඝ සතරකි ... වැඩිය යුත්තාහ.
4. 17. 120.
උද්ධම්භාගිය සූත්රය
2210. “මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසක් වෙත්. කවර පසෙක්ද? රූපරාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිද්යාව යනුයි. මහණෙනි, මේ පස උද්ධම්භාගිය සංයෝජනයෝයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස විශේෂයෙන් දැනගැනීම පිණිස පිරිසිඳ දැනගැනීම පිණිස නැති කිරීම පිණිස ප්රහාණය පිණිස පඤ්චෙන්ද්රියයෝ වැඩිය යුත්තාහ. කවර පසෙක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රාගය දුරුකිරීම කෙළවර කොට දෝසය දුරුකිරීම කෙළවර කොට මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ සද්ධින්ද්රිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට දෝසය දුරුකිරීම කෙළවර කොට මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ විරියින්ද්රිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ද්වේෂය දුරුකිරීම කෙළවර කොට මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ සතින්ද්රිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ද්වේෂය දුරුකිරීම කෙළවර කොට මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ සමාධින්ද්රිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ද්වේෂය දුරුකිරීම කෙළවර කොට මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ පඤ්ඤින්ද්රිය වඩයි. මහණෙනි, මේ පසක්වූ උද්ධම්භාගිය සංයෝජනයන් විශේෂයෙන් දැනගැනීම පිණිස පිරිසිඳ දැනගැනීම පිණිස ක්ෂය කිරීම පිණිස පහකිරීම පිණිස මේ පඤ්ච ඉන්ද්රියයෝ වැඩිය යුත්තාහ.”
(මෙහි කියන ලද නයින් ද අභිඥා ආදිය වශයෙන් ද විස්තර කරන්නහු විසින් සූත්ර එකසිය විස්සක් දත යුතුය.)
පුන ඕඝ වර්ගය දාහත්වැන්නයි.
එහි උද්දානය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරුද්ධම්භාගිය යැයි (සූත්ර සමූහයකි).
ඉන්ද්රිය සංයුත්තය නිමි.
එහි වර්ග උද්දානය:
සුද්ධක, මුදුතර, ඡළින්ද්රිය, සුඛින්ද්රිය, ජරා, සූකරඛත, බොජ්ඣංග, ගංගාපෙය්යාල, අප්පමාද, බලකරණීය, ඒසනා, ඕඝ යන මේ දොළොස ද, පුන ගංගාපෙය්යාල ආදී පස් වර්ගය දැයි වර්ග දාහතක් වෙත්.
5. සම්මප්පධාන සංයුත්තය
1. ගංගාපෙය්යාල වර්ගය
5. 1. 1.
පාචීනනින්න සූත්රය
2211. 651-662. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක
[2] “මහණෙනි, මේ සම්මප්රධානයෝ සතරක් වෙත්. ඒ සතර කවරහුද? මහණෙනි මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්ය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්ය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. [3] “නූපන් කුසල ධර්මයන්ගේ උපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්ය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නුමුළා බව පිණිස, බොහෝ බව පිණිස මහත් බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත දක්වයි. වෑයම් කරයි වීර්ය්යය පටන් ගනියි සිත ඔසවයි. උත්සාහ කරයි. මහණෙනි, මේ සතර සම්යක් ප්රධානයෝ යි.
[4] “මහණෙනි, යම්සේ ගංගා නදිය පෙරදිගට නැඹුරුද, පෙරදිගට නැමී පවතීද, පෙරදිගට හැරී පවතීද, මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙමේ සතර සම්යක් ප්රධානයන් වඩන්නේ සතර සම්යක් ප්රධානයන් බහුල කරන්නේ නිර්වාණයට නැමුණේද නිර්වාණයට හැරුණේද නිර්වාණයට බරවූයේද වෙයි [5] “මහණෙනි, සතර සම්මප්පධානයන් වඩන්නාවූ බහුල කරන්නාවූ මහණතෙමේ කෙසේ නම් නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වෙයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත දක්වයි. වෑයම් කරයි. වීර්ය්යය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කැමැත්ත දක්වයි. වෑයම් කරයි. වීර්ය්ය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. [6] නූපන් කුසල ධර්මයන්ගේ උපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්ය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නුමුළා බව පිණිස බොහෝ බව පිණිස මහත් බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත දක්වයි. වෑයම් කරයි. වීර්ය්ය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. [7] ‘මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ සතර සම්යක් ප්රධානයන් වඩන්නාවූ සතර සම්යක් ප්රධානයන් බහුල කරන්නාවූ මහණතෙමේ නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වෙයි.