3. 6. 1-48.
ගංගා ආදී සූත්‍ර
1229-1276. මහණෙනි, යම් සේ ගංගා නදිය පෙරදිගට නැමුණේ ද, පෙරදිගට යොමු වූයේ ද, පෙරදිගට බර වූයේ ද -පෙ- නිවනට බර වූයේ යැයි දත යුතුයි. 417-428. (මෙතැන් සිට “මග්ග සංයුත්තයේ මෙන් ගංගා පෙය්‍යාල වර්ගයේ සිට ඕඝ වර්ගය තෙක් ඇති වර්ග පස මෙහිදී සතර සතිපට්ඨාන වශයෙන් වෙනස්කොට මෙහි ඕඝ වර්ගයේ අන්තිම සූත්‍රය මෙන් යොදාගත යුතුයි)
(මග්ගසංයුත්තයේ ගංගා පෙය්‍යාල වර්ගයට සතර සතිපට්ඨානය යොදාගැනීමෙන් මෙහි සූත්‍ර දොළස සම්පූර්ණවේ.)
ගඞ්ගාපෙය්‍යාලවග්ගො ඡට්ඨො.
එහි උද්දානය:
පෙරදිගට නැමුණු සයක් ද, මුහුදට නැමුණු සයක් ද වේ. මේ දෙකොටස දොළසක් වේ. එහෙයින් වර්ගය යයි කියනු ලැබේ.
(විවේකනිශ්‍රිත ආදිය වශයෙන් ද, රාගවිනසපර්‍ය්‍යවසාන ආදිය වශයෙන් ද, අමතොගධ ආදිය වශයෙන් ද, නිබ්බානනින්න ආදිය වශයෙන් ද එකෙකෙහි සතර සතර බැගින් කොට අටසාළිස් සූත්‍ර යො ද විස්තර කළ යුතුය.)
7. අප්පමාද වර්ගය
3. 7. 1-40.
තථාගතාදි සූත්‍ර
1277-1316. මහණෙනි, පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ යම් තාක් සත්වයෝ වෙත් ද -පෙ- බහුල වශයෙන් කරයි. 429-438. (මග්ගසංයුත්තයේ අප්පමාද වර්ගයට සතර සතිපට්ඨානය යොදා ගැනීමෙන් මෙහි සූත්‍ර දහය සම්පූර්ණවේ.)
අප්පමාදවග්ගො සත්තමො.
එහි උද්දානය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්ද, සූරිය, වත්ථ යන මෙයින් දසවන පදය වේ.
(මෙහි දු එකෙකෙහි සතර සතර බැගින් කොට සතළිස් සූත්‍රයෝ විස්තර කළ යුත්තාහ.)
8. බලකරණීය වර්ගය
3. 8. 1-48.
බලාදි සූත්‍ර
1317-1364. මහණෙනි, යම් සේ යම් කිසි බලයෙන් කළ යුතු කර්මාන්ත කෙරෙත් ද -පෙ- බහුල වශයෙන් කරයි.
439-450. (මග්ගසංයුත්තයේ බලකරණීය වර්ගයට සතර සතිපට්ඨානය යොදාගැනීමෙන් මෙහි සූත්‍ර දොළස සම්පූර්ණවේ.)
බලකරණීයවග්ගො අට්ඨමො.
එහි උද්දානය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙක, නාවා, ආගන්තුක, නදී යයි (සූත්‍ර දොළසකි).
(මෙහි දු එකෙකෙහි සතර සතර බැගින් කොට අටසාළිස් සූත්‍රයෝ විස්තර කළ යුත්තාහ.)
9. ඒසනා වර්ගය
3. 9. 1-160.
එසනාදි සූත්‍ර
1365-1524. මහණෙනි, මේ ඒෂණා (සෙවීම්) තුනකි. කවර තුනක් ද යත්: කාමේෂණා, භවේෂණා, බ්‍රහ්මචර්යේෂණා ය. -පෙ- වැඩිය යුතු ය.
451-460. (මග්ගසංයුත්තයේ ඒසනා වර්ගයට සතර සතිපට්ඨානය යොදාගැනීමෙන් මෙහි සූත්‍ර දොළස සම්පූර්ණවේ.)
එසනාවග්ගො නවමො.
එහි උද්දානය:
එසනා, විධා, ආසව, භව, දුක්ඛතා යන තුන ද, ඛිල, මල, නීඝ, වෙදනා, තණ්හා යයි ද වේ.
(කී ක්‍රමයෙන් ඒවා අභිඥා පිණිස ද පරිඥා පිණිස ද පරික්ෂය පිණිස ද ප්‍රහාණය පිණිස ද යැයි සතර ආකාරයකට බෙදන්නා වූ එකෙකෙහි සොළොස සොළොස බැගින් කොට එක්සිය සැට සූත්‍රයෝ විස්තර කළ යුත්තාහ.)