6. ගංගා පෙය්යාල වර්ගය
3. 6. 1-48.
ගංගා ආදී සූත්ර
1229-1276. මහණෙනි, යම් සේ ගංගා නදිය පෙරදිගට නැමුණේ ද, පෙරදිගට යොමු වූයේ ද, පෙරදිගට බර වූයේ ද -පෙ- නිවනට බර වූයේ යැයි දත යුතුයි. 417-428. (මෙතැන් සිට “මග්ග සංයුත්තයේ මෙන් ගංගා පෙය්යාල වර්ගයේ සිට ඕඝ වර්ගය තෙක් ඇති වර්ග පස මෙහිදී සතර සතිපට්ඨාන වශයෙන් වෙනස්කොට මෙහි ඕඝ වර්ගයේ අන්තිම සූත්රය මෙන් යොදාගත යුතුයි)
(මග්ගසංයුත්තයේ ගංගා පෙය්යාල වර්ගයට සතර සතිපට්ඨානය යොදාගැනීමෙන් මෙහි සූත්ර දොළස සම්පූර්ණවේ.)
ගඞ්ගාපෙය්යාලවග්ගො ඡට්ඨො.
එහි සූත්ර නාමාවලිය:
පෙරදිගට නැමුණු සයක් ද, මුහුදට නැමුණු සයක් ද වේ. මේ දෙකොටස දොළසක් වේ. එහෙයින් වර්ගය යයි කියනු ලැබේ.
(විවේකනිශ්රිත ආදිය වශයෙන් ද, රාගවිනයපර්යවසාන ආදිය වශයෙන් ද, අමතොගධ ආදිය වශයෙන් ද, නිබ්බානනින්න ආදිය වශයෙන් ද එකෙකෙහි සතර සතර බැගින් කොට අටසාළිස් සූත්රයෝ විස්තර කළ යුත්තාහ.)
7. අප්පමාද වර්ගය
3. 7. 1-40.
තථාගතාදි සූත්ර
1277-1316. මහණෙනි, පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ යම් තාක් සත්වයෝ වෙත් ද -පෙ- බහුල වශයෙන් කරයි. 429-438. (මග්ගසංයුත්තයේ අප්පමාද වර්ගයට සතර සතිපට්ඨානය යොදා ගැනීමෙන් මෙහි සූත්ර දහය සම්පූර්ණවේ.)
අප්පමාදවග්ගො සත්තමො.
එහි සූත්ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය, දසවැන්න වත්ථ යනුයි.
(මෙහි ද එකෙකෙහි සතර සතර බැගින් කොට සතළිස් සූත්රයෝ විස්තර කළ යුත්තාහ.)
8. බලකරණීය වර්ගය
3. 8. 1-48.
බලාදි සූත්ර
1317-1364. මහණෙනි, යම් සේ යම් කිසි බලයෙන් කළ යුතු කර්මාන්ත කෙරෙත් ද -පෙ- බහුල වශයෙන් කරයි.
(බලකරණීය වර්ගය සතිපට්ඨාන වශයෙන් විස්තර කළ යුතුය.)
අටවැනි බලකරණීය වර්ගය නිමි.
එහි සූත්ර නාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙක, නාවා, ආගන්තුක, නදී යනුයි.
(මෙහි ද එකෙකෙහි සතර සතර බැගින් කොට අටසාළිස් සූත්රයෝ විස්තර කළ යුත්තාහ.)
9. ඒසනා වර්ගය
3. 9. 1-160.
එසනාදි සූත්ර
1365-1524. මහණෙනි, මේ ඒෂණා (සෙවීම්) තුනකි. කවර තුනක් ද යත්: කාමේෂණා, භවේෂණා, බ්රහ්මචර්යේෂණා ය. -පෙ- වැඩිය යුතු ය.
(ඒසනා වර්ගය සතිපට්ඨාන වශයෙන් විස්තර කළ යුතුය.)
නවවැනි ඒසනා වර්ගය නිමි.
එහි සූත්ර නාමාවලිය:
එසනා, විධා, ආසව, භව, දුක්ඛතා යන තුන ද, ඛිල, මල, නීඝ, වෙදනා, තණ්හා යයි ද වේ.
(කියන ලද ක්රමයෙන් ද, නැවත ඒවා අභිඥාව පිණිස, පරිඥාව පිණිස, පරික්ෂය පිණිස, ප්රහාණය පිණිස යැයි සතර ආකාරයකට බෙදන්නහු විසින් ද, එකෙකෙහි සොළොස සොළොස බැගින් කොට එක්සිය සැට සූත්රයෝ විස්තර කළ යුත්තාහ.)