3. 4. 10.
විභඞ්ග සූත්රය
1218. “මහණෙනි, මම නුඹලාට සතිපට්ඨානයද, සතිපට්ඨාන භාවනාද, සතිපට්ඨාන භාවනා ගාමිණී ප්රතිපදාවද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සතිපට්ඨානය නම් කවරේද? මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්ය්යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්ය්යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්ය්යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්ය්යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කෙරේද. “මහණෙනි, මේ සතිපට්ඨානයයි කියනු ලැබේ.
“මහණෙනි, සතිපට්ඨාන භාවනාව නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්ය්යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද, සංසිඳවාගෙන කයෙහි ඉපදීම ස්වභාව බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා කයෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා කයෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්රෝධයද සංසිඳවාගෙන වේදනාවෙහි ඉපදීම් ස්වභාව බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද, බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්රෝධයද සංසිඳවා ගෙන සිතෙහි ඉපදීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්ය්යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා සිතෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා සිතෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්රෝධයද සංසිඳවා ගෙන ධර්මයෙහි ඉපදීම් ස්වභාව බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා ධර්මයෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා ධර්මයෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද බලමින් වාසය කෙරේද, මහණෙනි, මේ සතිපට්ඨාන භාවනාවයයි කියනු ලැබේ.
මහණෙනි, සතිපට්ඨාන භාවනාවට පැමිණෙන ප්රතිපදාව කවරීද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. ඒ කවරේද? සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය, සම්යක් සමාධිය යන මොහුයි. “මහණෙනි, මේ සතිපට්ඨාන භාවනාවට පැමිණෙන ප්රතිපදාවයයි කියනු ලැබේ.”
අනනුස්සුතවග්ගො චතුත්ථො.
එහි උද්දානය:
අනනුස්සුතය, විරාගය ද, විරද්ධය, භාවිතය, සතො, අඤ්ඤා, ඡන්ද, පරිඤ්ඤාත, භාවනා සහ විභඞ්ගය ද වේ.