9. ගංගාපෙය්යාල වර්ගය (2)
2. 9. 1-12.
ගඞ්ගානදීආදි සූත්ර
723-734. මහණෙනි, යම් සේ ගංගා නදිය පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරුව, පෙරදිගට බරව ගලා බසී ද, එපරිද්දෙන්ම මහණෙනි, භික්ෂුව සප්ත බොජ්ඣංගයන් වඩන්නේ, සප්ත බොජ්ඣංගයන් බහුල කරන්නේ, නිවනට නැමී, නිවනට නැඹුරුව, නිවනට බරව වාසය කරයි. මහණෙනි, කෙසේ නම් භික්ෂුව... සතිසම්බොජ්ඣංගය වඩයි ද... උපෙක්ඛාසම්බොජ්ඣංගය වඩයි ද... මහණෙනි, මෙසේ ඛො භික්ෂුව සප්ත බොජ්ඣංගයන් වඩන්නේ... නිවනට බරව වාසය කරයි. (මග්ග සංයුත්තයේ තිබෙන මෙහි පහත දක්වන වර්ගයන්හි ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනුවට සප්තබොජ්ඣංගය යොදා විස්තර කළයුතුයි. මග්ගසංයුත්තයේ ගංගාපෙය්යාල වර්ගයේ මෙන් මෙහි සූත්ර දොළසක් වෙත්.)
ගඞ්ගාපෙය්යාලවග්ගො නවමො.
එහි උද්දානය:
පෙරදිගට නැමුණු සයක් ද, සමුද්රයට නැමුණු සයක් ද වේ. මෙසේ දොළොසක් වේ. එහෙයින් වර්ගය යැයි කියනු ලැබේ.
10. අප්පමාද වර්ගය (2)
2. 10. 1-10.
තථාගතාදි සූත්ර
735-744. මහණෙනි, යම්තාක් පාද නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ සිව්පා ඇත්තාවූ හෝ බොහෝ පා ඇත්තාවූ හෝ සත්වයෝ වෙත් ද, තථාගත තෙමේ ඔවුන් අතර අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම් කුසල ධර්මයෝ වෙත් ද, ඒ සියල්ල අප්රමාදය මුල් කොට පවතී. අප්රමාදය ඒ ධර්මයන්ට අග්ර වේ. (මග්ගසංයුත්තයේ අප්පමාදවර්ගයේ මෙන් මෙහි සූත්ර දහයක් වෙත්.)
(බොජ්ඣංග වශයෙන් දස සූත්රය විස්තර කළ යුතුය.)
අප්පමාදවග්ගො දසමො.
එහි සූත්ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සිත, රාජ, චන්දිම, සූරිය සහ වත්ථ යන දසයයි.
11. බලකරණිය වර්ගය (2)
2. 11. 1-12.
බලාදි සූත්ර
745-756. මහණෙනි, යම් සේ යම් කිසි බලකරණීය කර්මාන්ත කරනු ලැබෙත් ද, ඒ සියල්ල පොළොව ඇසුරු කොට පොළොවෙහි පිහිටා කරනු ලැබෙත්. මහණෙනි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ද එසේමය. (මග්ගසංයුත්තයේ බලකරණිය වර්ගයේ මෙන් මෙහි සූත්ර දොළසකි.)
(බොජ්ඣංග වශයෙන් සූත්ර දොළොස විස්තර කළ යුතුය.)
බලකරණීයවග්ගො එකාදසමො.
එහි සූත්ර නාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙකක්, නාවා, ආගන්තුක සහ නදී සූත්රයයි.
12. ඒසනා වර්ගය (2)
2. 12. 1-40.
එසනාදි සූත්ර
757-796. මහණෙනි, මේ ඒෂණා තුනකි. කවර තුනක් ද යත්: කාමේෂණා, භවේෂණා, බ්රහ්මචරියේෂණා ය. මහණෙනි, මේ ත්රිවිධ ඒෂණාවන්ගේ දැනගැනීම පිණිස... (මග්ගසංයුත්තයේ මෙන් මෙහි සූත්ර දොළොසකි. බොජ්ඣංග සංයුත්තයාගේ එසනා පෙය්යාලය විවේකනිශ්රිත වශයෙන් විස්තර කටයුතුය.)
(මග්ගසංයුත්තයේ එසනා වර්ගය මෙන් විස්තර කළ යුතුය.)
එසනාවග්ගො ද්වාදසමො.
එහි සූත්ර නාමාවලිය:
එසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වෙදනා, තණ්හා යන දසයයි.
13. ඕඝ වර්ගය (2)
2. 13. 1-40.
ඕඝාදි සූත්ර
797-836. මහණෙනි, මේ ඕඝ සතරකි. කවර සතරක් ද යත්: කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය යි. මහණෙනි, මේ සිව් ඕඝයන්ගේ... (මග්ගසංයුත්තයේ මෙන් මෙහි සූත්ර දොළොසකි.)
(මග්ගසංයුත්තයේ ඔඝ වර්ගය මෙන් විස්තර කළ යුතුය.)
ඕඝවග්ගො තෙරසමො.
එහි සූත්ර නාමාවලිය:
ඔඝ, යොග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඔරුද්ධම්භාගිය සූත්රයයි.