2. 7. 6.
සයවැනි අට්ඨික සූත්‍රය
608. මහණෙනි, අට්ඨිකසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත් පහසු විහරණය පිණිස පවතියි. මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් පහසු විහරණය පිණිස පවතියි ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ අට්ඨිකසඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයි -පෙ- විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු අට්ඨිකසඤ්ඤාවෙන් යුත් උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද, මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් පහසු විහරණය පිණිස පවතියි.
2. 7. 7-12.
පුළවක සූත්‍ර
609-614. මහණෙනි, පුළවකසඤ්ඤාව (පණුවන් පිරුණු මළසිරුර පිළිබඳ සංඥාව) -පෙ- පවතියි.
2. 7. 13-18.
විනීලක සූත්‍ර
615-620. මහණෙනි, විනීලකසඤ්ඤාව (නිල්පැහැ ගැසුණු මළසිරුර පිළිබඳ සංඥාව) -පෙ- පවතියි.
2. 7. 19-24.
විච්ඡිද්දක සූත්‍ර
621-626. මහණෙනි, විච්ඡිද්දකසඤ්ඤාව (කැපී වෙන් වූ මළසිරුර පිළිබඳ සංඥාව) -පෙ- පවතියි.
2. 7. 25-30.
උද්ධුමාතක සූත්‍ර
627-632. මහණෙනි, උද්ධුමාතකසඤ්ඤාව (ඉදිමුණු මළසිරුර පිළිබඳ සංඥාව) -පෙ- පවතියි.
2. 7. 31-36.
මෙත්තා සූත්‍ර
633-638. මහණෙනි, මෛත්‍රිය -පෙ- පවතියි.
2. 7. 37-42.
කරුණා සූත්‍ර
639-644. මහණෙනි, කරුණාව -පෙ- පවතියි.
2. 7. 43-48.
මුදිතා සූත්‍ර
645-650. මහණෙනි, මුදිතාව -පෙ- පවතියි.
2. 7. 49-54.
උපෙක්ඛා සූත්‍ර
651-656. මහණෙනි, උපේක්ෂාව -පෙ- පවතියි.
2. 7. 55-60.
ආනාපානසති සූත්‍ර
657-662. (මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව වෙනුවට ‘ආනාපාන සතිය’ (ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහිය) යොදා විස්තර කළ යුතුය.)
ආනාපානවග්ගො සත්තමො.
එහි සූත්‍ර නාමාවලිය:
අට්ඨික, පුළවක, විනීලක, විච්ඡිද්දක, උද්ධුමාතක, මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා සහ ආනාපාන යයි දසයකි.