17. පුන එසනා වග්ගො
2. 17. 1-120.
එසනාදි සූත්ර
939-1058. (රාගවිනය ආදී වශයෙන් විස්තර කළ යුතුය.) මග්ගසංයුත්තයේ මෙන් මෙහි සූත්ර දහයකි. බොජ්ඣංග සංයුත්තයේ එසනා වර්ගය රාග විනය වශයෙන් විස්තර කටයුතුයි.
පුනඑසනාවග්ගො සත්තරසමො.
එහි සූත්ර නාමාවලිය:
එසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වෙදනා, තණ්හා යන දසයයි.
18. පුනඔඝවග්ගො
2. 18. 1-120.
ඕඝාදි සූත්ර
1059-1178. මග්ගසංයුත්තයේ මෙන් මෙහි සූත්ර දහයක් වෙත්. “මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජනයෝ පස්දෙනෙකි. ඒ පස කවරේදයත්. රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාව, යන මොහුයි. මහණෙනි, මේ පස උද්ධම්භාගීය සංයෝජනයෝ වෙත්. මහණෙනි, මේ පස්වැදෑරුම් උද්ධම්භාගීය සංයෝජනයන්ගේ දැනගැනීම පිණිස, වෙසෙසින් දැනීම පිණිස, නැති කිරීම පිණිස, සප්ත බොධ්යංගයෝ වැඩිය යුත්තාහ. ඒ සත කවරහුදයත්; මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම රාගය දුරුකිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති, නිවන ඇතුළත් කොට ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති, නිවනට නැමුනු, නිවනට අවනත, නිවනට බරවූ සති සම්බොජ්ඣංගය වඩයිද, “රාගය දුරුකිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති, නිවන ඇතුළත්කොට ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති, නිවනට නැමුනු, නිවනට අවනත, නිවනට බරවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, “රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති, නිවන ඇතුළත්කොට ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති, නිවනට නැමුනු, නිවනට අවනත, නිවනට බරවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද, “රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති, නිවන ඇතුළත්කොට ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති, නිවනට නැමුනු, නිවනට අවනත, නිවනට බරවූ පීති සම්බොජ්ඣංගය වඩයිද, “රාගය දුරුකිරීම කෙළවර කොට ඇති ද්වේෂය දුරු කිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති නිවන ඇතුළත්කොට ඇති, නිවන පිහිටකොට ඇති නිවන කෙළවරකොට ඇති, නිවනට නැමුනු නිවනට අවනත, නිවනට බරවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, “රාගය දුරුකිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති නිවන ඇතුළත්කොට ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති, නිවනට නැමුනු, නිවනට අවනත, නිවනට බරවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද “රාගය දුරුකිරීම, කෙළවරකොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති, නිවන ඇතුළත්කොට ඇති නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති, නිවනට නැමුනු, නිවනට අවනත, නිවනට බරවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, “මහණෙනි, මේ පස් වැදෑරුම් උද්ධම්භාගිය සංයෝජනයන්ගේ අවබෝධය පිණිස, වෙසෙසින් දැනගැනීම පිණිස, නැතිකිරීම පිණිස, දුරුකිරීම පිණිස, මේ සප්තබොධ්යංගයෝ වැඩිය යුත්තාහ’යි
බොජ්ඣඞ්ගසංයුතස්ස පුනඕඝවග්ගො අට්ඨාරසමො.
එහි සූත්ර නාමාවලිය:
ඔඝ, යොග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඔරුද්ධම්භාගිය සූත්රයයි.
බොජ්ඣංග සංයුත්තය සමත්තං.
එහි වර්ග නාමාවලිය:
පබ්බත, ගිලාන, උදායී, නීවරණ, චක්කවත්ති, බොජ්ඣඞ්ග, ආනාපාන, නිරොධ, ගඞ්ගාපෙය්යාල, අප්පමාද, බලකරණීය, එසනා, ඔඝ යන වර්ග ද පුන ගඞ්ගාපෙය්යාල ආදී පස ද වශයෙන් දහඅටකි.