2. 12. 1-40.
එසනාදි සූත්‍ර
757-796. මහණෙනි, මේ සෙවීම් (ඒෂණා) තුනකි. කවර තුනක් ද යත්: කාම සෙවීම (කාමේෂණා), භව සෙවීම (භවේෂණා), බ්‍රහ්මචරිය සෙවීම (බ්‍රහ්මචරියේෂණා) ය ... වැඩිය යුතුය.
(මග්ගසංයුත්තයේ එසනා වර්ගය මෙන් විස්තර කළ යුතුය.)
දොළොස්වැනි ඒසනා වර්ගය නිමි.
එහි සූත්‍ර නාමාවලිය:
එසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වෙදනා, තණ්හා යන දසයයි.
13. ඕඝ වර්ගය
2. 13. 1-40.
ඕඝාදි සූත්‍ර
797-836. මහණෙනි, මේ ඕඝ (සැඩපහර) සතරකි. කවර සතරක් ද යත්: කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය යි ... වැඩිය යුතුය.
(මග්ගසංයුත්තයේ ඔඝ වර්ගය මෙන් විස්තර කළ යුතුය.)
තෙළෙස්වැනි ඕඝ වර්ගය නිමි.
එහි සූත්‍ර නාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යන සූත්‍රයි.
14. පුන ගංගාපෙය්‍යාල වර්ගය
2. 14. 1-36.
ගඞ්ගාදි සූත්‍ර
837-872. (රාග විනය, අමතොගධ, නිබ්බානනින්න ආදී වශයෙන් විස්තර කළ යුතුය.) මග්ගසංයුත්තයේ තිබෙන පහත දැක්වෙන වර්ගයන්හි ඇති සූත්‍රයෙහි 18 වෙනි වර්ගයේ ඇති දහවෙනි සූත්‍රය මෙන් යොදාගත යුතුයි. මග්ගසංයුත්තයේ මෙන් මෙහි සූත්‍රදොළොසක් වෙති. බොජ්ඣංග සංයුත්තයේ ගංගාපෙය්‍යාලය රාග විනය වශයෙන් විස්තර කටයුතුයි.
වග්ගො චුද්දසමො.
එහි සූත්‍ර නාමාවලිය:
පෙරදිගට නැමුණු සූත්‍ර හයක් ද, මුහුදට නැමුණු සූත්‍ර හයක් ද වේ. මේ දෙක දොළසක් වේ. එහෙයින් වර්ගය යැයි කියනු ලැබේ.
15. පුන අප්පමාද වර්ගය
2. 15. 1-30.
තථාගතාදි සූත්‍ර
873-902. (රාගවිනය ආදී වශයෙන් විස්තර කළ යුතුය.) මග්ගසංයුත්තයේ මෙන් සූත්‍ර දහයකි. බොජ්ඣංග සංයුත්තයේ අප්‍රමාද වර්ගය රාග විනය වශයෙන් විස්තර කටයුතුයි.
පන්නරසමො.
එහි සූත්‍ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සිත, රාජ, චන්දිම, සූරිය සහ වත්ථ යන දසයයි.
16. පුන බලකරණීය වර්ගය
2. 16. 1-36.
බලාදි සූත්‍ර
903-938. (රාගවිනය ආදී වශයෙන් විස්තර කළ යුතුය.) බොජ්ඣංග සංයුත්තයේ බලකරණිය වර්ගය රාග විනය වශයෙන් විස්තර කටයුතුයි. මග්ගසංයුත්තයේ මෙන් මෙහි සූත්‍ර දොළොසක් වෙති.
සොළසමො.
එහි සූත්‍ර නාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙකක්, නාවා, ආගන්තුක සහ නදී සූත්‍රයයි.