10. අප්පමාද වර්ගය
2. 10. 1-10.
තථාගතාදි සූත්ර
735-744. මහණෙනි, පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ යම්තාක් සත්ත්වයෝ වෙත් ද ... බහුල කරයි.
(බොජ්ඣංග වශයෙන් සූත්ර දහය විස්තර කළ යුතුය.)
දසවැනි අප්පමාද වර්ගය නිමි.
එහි සූත්ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සිත, රාජ, චන්දිම, සූරිය සහ වත්ථ යන දසයයි.
11. බලකරණීය වර්ගය
2. 11. 1-12.
බලාදි සූත්ර
745-756. මහණෙනි, යම් සේ යම්කිසි බලයෙන් කළ යුතු (බලකරණීය) කර්මාන්ත කරනු ලැබෙත් ද ... බහුල කරයි.
(බොජ්ඣංග වශයෙන් සූත්ර දොළොස විස්තර කළ යුතුය.)
එකොළොස්වැනි බලකරණීය වර්ගය නිමි.
එහි සූත්ර නාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙකක්, නාවා, ආගන්තුක සහ නදී සූත්රයයි.
12. ඒසනා වර්ගය
2. 12. 1-40.
එසනාදි සූත්ර
757-796. මහණෙනි, මේ සෙවීම් (ඒෂණා) තුනකි. කවර තුනක් ද යත්: කාම සෙවීම (කාමේෂණා), භව සෙවීම (භවේෂණා), බ්රහ්මචරිය සෙවීම (බ්රහ්මචරියේෂණා) ය ... වැඩිය යුතුය.
(මග්ගසංයුත්තයේ එසනා වර්ගය මෙන් විස්තර කළ යුතුය.)
දොළොස්වැනි ඒසනා වර්ගය නිමි.
එහි සූත්ර නාමාවලිය:
එසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වෙදනා, තණ්හා යන දසයයි.
13. ඕඝ වර්ගය
2. 13. 1-40.
ඕඝාදි සූත්ර
797-836. මහණෙනි, මේ ඕඝ (සැඩපහර) සතරකි. කවර සතරක් ද යත්: කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය යි ... වැඩිය යුතුය.
(මග්ගසංයුත්තයේ ඔඝ වර්ගය මෙන් විස්තර කළ යුතුය.)
තෙළෙස්වැනි ඕඝ වර්ගය නිමි.
එහි සූත්ර නාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යන සූත්රයි.