12. 2. 7.
සච්ච නිඤ්ඤාණ සූත්‍රය
3859. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “අවිජ්ජා අවිජ්ජාති” භන්තෙ, වුච්චති. කතමා නු ඛො භන්තෙ, අවිජ්ජා? කිත්තාවතා ච අවිජ්ජාගතො හොතීති? “මහණ, දුකෙහි යම් නොදැනීමක් වෙයිද දුක්ඛ හේතුවෙහි යම් නොදැනීමක් වේද, දුක් නැතිකිරීමෙහි යම් නොදැනීමක් වේද, දුක් නැතිකිරීමට පැමිණෙන පිළිවෙතෙහි යම් නොදැනීමක් වේද, මහණ මේ අවිද්‍යාවයයි කියනු ලැබේ. මෙපණකින් අවිද්‍යාවට පැමිණියේද වෙයි. එබැවින් මහණ, මෙහිලා මේ දුක්ඛයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි... මේ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි.
12. 2. 8.
සච්ච ඤාණ සූත්‍රය
3860. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි: උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “විජ්ජා විජ්ජා”ති භන්තෙ, වුච්චති. කතමා නු ඛො භන්තෙ, විජ්ජා. කිත්තාවතා ච විජ්ජාගතො හොතීති? “මහණ, දුකෙහි යම් දැනීමක් වෙයිද දුකට හේතුවෙහි යම් දැනීමක් වෙයිද දුක්ඛ නිරෝධයෙහි යම් දැනීමක් වෙයිද දුක්ඛ නිරෝධයට පැමිණෙන මාර්ගයෙහි යම් දැනීමක් වේද, මෙය විද්‍යාවයයි කියනු ලැබේ. මෙතෙකින් විද්‍යාවට පැමිණියේ වෙයි. එබැවින් මහණ, මෙහිලා මේ දුක්ඛයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි... මේ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි.
12. 2. 9.
සච්ච සංකාසනා සූත්‍රය
3861. “මහණෙනි, මා විසින් මෙය දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි පනවන ලද්දේද ඒ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයෙහි අක්ෂර අප්‍රමාණයහ. ව්‍යංජන අප්‍රමාණයහ. මෙසේද දුක්ඛාර්‍ය්‍ය සත්‍ය වෙයි යනාදීන් බෙදීම් අප්‍රමාණයහ. “මහණෙනි, මා විසින් මේ දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයයි පනවන ලද්දේද එහි අක්ෂර අප්‍රමාණයහ ව්‍යංජන අප්‍රමාණයහ. මෙසේද දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍ය වන්නේය යනාදීන් බෙදීම් අප්‍රමාණයහ. “මහණෙනි, මා විසින් මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි පනවන ලද්දේද, එහි අක්ෂර අප්‍රමාණයහ. ව්‍යංජන අප්‍රමාණයහ, මෙසේද දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය වේයයි බෙදීම් අප්‍රමාණයහ. “මහණෙනි, මා විසින් යම් දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයක් පනවන ලද්දේද එහි අක්ෂර අප්‍රමාණයහ, ව්‍යංජන අප්‍රමාණයහ. මෙසේද දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය වේයයි බෙදීම්ද අප්‍රමාණයහ. එබැවින් මහණෙනි, මෙහිලා මේ දුක්ඛයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි... මේ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි.
12. 2. 10.
තථාවිතථ සූත්‍රය
3862. “මහණෙනි, තථවූ (ස්වභාවය වෙනස් නොවන්නාවූ) අවිතථවූ (ස්වභාව වශයෙන් හිස් නොවන්නාවූ) අනඤ්ඤථවූ (අන් ස්වභාවයකට නොපෙරෙළෙන්නාවූ) මේ ධර්මයෝ සතර දෙනෙක් වෙත්. කවර සතරක්ද යත්? මහණෙනි, මෙය දුකය යන මෙය ස්වභාවය වෙනස් නොවන්නේය, ස්වභාවයෙන් හිස් නොවන්නේය, අන් ස්වභාවයකට නොපෙරළෙන්නේය. “මහණෙනි, මෙය දුකට හේතුවය යන මෙය ස්වභාවය වෙනස් නොවන්නේය. ස්වභාවයෙන් හිස් නොවන්නේය, අන් ස්වභාවයකට නොපෙරළෙන්නේය. ‘මහණෙනි, මෙය දුක්ඛ නිරෝධය යන මෙය ස්වභාවය වෙනස් නොවන්නේය ස්වභාවයෙන් හිස් නොවන්නේය. අන් ස්වභාවයකට නොපෙරළෙන්නේය.” “මහණෙනි, මෙය දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවය යන මෙය ස්වභාවය වෙනස් නොවන්නේය. ස්වභාවයෙන් හිස් නොවන්නේය, අන් ස්වභාවයකට නොපෙරළෙන්නේය. මහණෙනි, මේ වනාහි ස්වභාවය වෙනස් නොවන්නාවූ ස්වභාවයෙන් හිස් නොවන්නාවූ අන් ස්වභාවයකට නොපෙරළෙන්නාවූ ධර්ම සතර වෙත්. එබැවින් මහණෙනි, මෙහිලා මේ දුක්ඛයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි... මේ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි.
ධම්මචක්කප්පවත්තනවග්ගො දුතියො.
තත්රුද්දානං:
තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ඛන්ධ, ආයතන සූත්‍ර දෙක ද, ධාරණ සූත්‍ර දෙක ද, අවිජ්ජා, විජ්ජා, සංකාසන සූත්‍ර ද, තථ සූත්‍රය දැයි මේ වර්ගයේ සූත්‍ර දහයකි.