12. 2. 8.
සච්ච ඤාණ සූත්‍රය
3860. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි: උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “විජ්ජා විජ්ජා”ති භන්තෙ, වුච්චති. කතමා නු ඛො භන්තෙ, විජ්ජා. කිත්තාවතා ච විජ්ජාගතො හොතීති? “මහණ, දුකෙහි යම් දැනීමක් වෙයිද දුකට හේතුවෙහි යම් දැනීමක් වෙයිද දුක්ඛ නිරෝධයෙහි යම් දැනීමක් වෙයිද දුක්ඛ නිරෝධයට පැමිණෙන මාර්ගයෙහි යම් දැනීමක් වේද, මෙය විද්‍යාවයයි කියනු ලැබේ. මෙතෙකින් විද්‍යාවට පැමිණියේ වෙයි. එබැවින් මහණ, මෙහිලා මේ දුක්ඛයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි... මේ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි.
12. 2. 9.
සච්ච සංකාසනා සූත්‍රය
3861. “මහණෙනි, මා විසින් මෙය දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි පනවන ලද්දේද ඒ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයෙහි අක්ෂර අප්‍රමාණයහ. ව්‍යංජන අප්‍රමාණයහ. මෙසේද දුක්ඛාර්‍ය්‍ය සත්‍ය වෙයි යනාදීන් බෙදීම් අප්‍රමාණයහ. “මහණෙනි, මා විසින් මේ දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයයි පනවන ලද්දේද එහි අක්ෂර අප්‍රමාණයහ ව්‍යංජන අප්‍රමාණයහ. මෙසේද දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍ය වන්නේය යනාදීන් බෙදීම් අප්‍රමාණයහ. “මහණෙනි, මා විසින් මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි පනවන ලද්දේද, එහි අක්ෂර අප්‍රමාණයහ. ව්‍යංජන අප්‍රමාණයහ, මෙසේද දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය වේයයි බෙදීම් අප්‍රමාණයහ. “මහණෙනි, මා විසින් යම් දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයක් පනවන ලද්දේද එහි අක්ෂර අප්‍රමාණයහ, ව්‍යංජන අප්‍රමාණයහ. මෙසේද දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය වේයයි බෙදීම්ද අප්‍රමාණයහ. එබැවින් මහණෙනි, මෙහිලා මේ දුක්ඛයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි... මේ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි.
12. 2. 10.
තථාවිතථ සූත්‍රය
3862. “මහණෙනි, තථවූ (ස්වභාවය වෙනස් නොවන්නාවූ) අවිතථවූ (ස්වභාව වශයෙන් හිස් නොවන්නාවූ) අනඤ්ඤථවූ (අන් ස්වභාවයකට නොපෙරෙළෙන්නාවූ) මේ ධර්මයෝ සතර දෙනෙක් වෙත්. කවර සතරක්ද යත්? මහණෙනි, මෙය දුකය යන මෙය ස්වභාවය වෙනස් නොවන්නේය, ස්වභාවයෙන් හිස් නොවන්නේය, අන් ස්වභාවයකට නොපෙරළෙන්නේය. “මහණෙනි, මෙය දුකට හේතුවය යන මෙය ස්වභාවය වෙනස් නොවන්නේය. ස්වභාවයෙන් හිස් නොවන්නේය, අන් ස්වභාවයකට නොපෙරළෙන්නේය. ‘මහණෙනි, මෙය දුක්ඛ නිරෝධය යන මෙය ස්වභාවය වෙනස් නොවන්නේය ස්වභාවයෙන් හිස් නොවන්නේය. අන් ස්වභාවයකට නොපෙරළෙන්නේය.” “මහණෙනි, මෙය දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවය යන මෙය ස්වභාවය වෙනස් නොවන්නේය. ස්වභාවයෙන් හිස් නොවන්නේය, අන් ස්වභාවයකට නොපෙරළෙන්නේය. මහණෙනි, මේ වනාහි ස්වභාවය වෙනස් නොවන්නාවූ ස්වභාවයෙන් හිස් නොවන්නාවූ අන් ස්වභාවයකට නොපෙරළෙන්නාවූ ධර්ම සතර වෙත්. එබැවින් මහණෙනි, මෙහිලා මේ දුක්ඛයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි... මේ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි.
ධම්මචක්කප්පවත්තනවග්ගො දුතියො.
තත්රුද්දානං:
තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ඛන්ධ, ආයතන සූත්‍ර දෙක ද, ධාරණ සූත්‍ර දෙක ද, අවිජ්ජා, විජ්ජා, සංකාසන සූත්‍ර ද, තථ සූත්‍රය දැයි මේ වර්ගයේ සූත්‍ර දහයකි.
3. කොටිගාම වර්ගය
12. 3. 1.
කොටිගාම සූත්‍රය
1091. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැදෑරට කෝටි නම් ගමෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථා කළ සේක: “මහණෙනි, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුකොටගෙන ප්‍රතිවෙධ නොකිරීම හේතුකොට ගෙන මෙසේ මාද තොපද බොහෝ කාලයක් මුළුල්ලෙහි සසර ගමන් කරන ලදී. සැරිසරණ ලදී. කිනම් සතරකගේද? මහණෙනි, දුක්ඛාර්‍ය්‍ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුකොටගෙන ප්‍රතිවේධ නොකිරීම හේතුකොට ගෙන මෙසේ මාද තොපද බොහෝ කාලයක් මුළුල්ලෙහි සසර ගමන් කරන ලදී, සැරිසරණ ලදී. දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුකොට ගෙන ප්‍රතිවේධ නොකිරීම හේතුකොට ගෙන මෙසේ මාද තොපද බොහෝ කාලයක් මුළුල්ලෙහි සසර ගමන් කරන ලදී, සැරිසරණ ලදී. දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුකොටගෙන ප්‍රතිවේධ නොකිරීම හේතුකොට ගෙන මෙසේ මාද තොපද බොහෝ කාලයක් මුළුල්ලෙහි සසර ගමන් කරන ලදී, සැරිසරණ ලදී. දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුකොට ගෙන ප්‍රතිවේධ නොකිරීම හේතුකොට ගෙන මෙසේ මාද තොපද බොහෝ කාලයක් මුළුල්ලෙහි සසර ගමන් කරන ලදී, සැරිසරණ ලදී.”
“මහණෙනි, මා විසින් ඒ මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරන ලදී. ප්‍රතිවේධ කරන ලදී. දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරන ලදී ප්‍රතිවේධ කරන ලදී. දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරන ලදී. ප්‍රතිවේධ කරන ලදී. දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරන ලදී, ප්‍රතිවේධ කරන ලදී. භව තණ්හාව සිඳින ලදී. භවයෙන් භවයට පැමිණීම ක්ෂය කරන ලදී. දැන් නැවත ඉපදීමක් නැත.” මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත ශාස්තෲන් වහන්සේ මෙයද වදාළසේක:
චතුරාර්‍ය්‍ය සත්‍යය ඇති පරිදි නො දැක්මෙන් සසර බොහෝ කාලයක් මුළුල්ලෙහි ඒ ඒ ජාතීන්හි හැසුරුනෙමි. මේ චතුරාර්‍ය්‍ය සත්‍යය මා විසින් දක්නා ලදී. ඒ භවයෙන් භවයට යාම නැති කරන ලදී. දුක්ඛයාගේ මුල් සිඳින ලදී. දැන් නැවත ඉපදීමක් නැත.
12. 3. 2.
නජාතිජරූපග සූත්‍රය
1092. “මහණෙනි, යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි” තත්වූ පරිදි නොදනිත්ද, මේ දුකට හේතුවයයි, තත්වූ පරිදි නොදනිත්ද, මේ දුක නැතිවීමයයි තත්වූ පරිදි නොදනිත්ද, මේ දුක නැතිකිරීමට පැමිණෙන මාර්ගයයි තත්වූ පරිදි නොදනිත්ද, මහණෙනි, මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයයි සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයයි සම්මතද නොවෙත්. ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මයේදීම තෙමේ දැන ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකෙරෙත්. “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි දනිත්ද, මේ දුකට හේතුවයයි තත්වූ පරිදි දනිත්ද මේ දුක නැතිවීමයයි තත්වූ පරිදි දනිත්ද, මේ දුක නැතිකිරීමට පැමිණෙන මාර්ගයයි තත්වූ පරිදි දනිත්ද, මහණෙනි, මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයයි සම්මතද බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයයි සම්මතද වෙත් ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මභාවයේ දීම තෙමේ දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත ශාස්තෲන් වහන්සේ මෙයද වදාළසේක: