12. 11. 1.
මනුස්සචුති සූත්‍රය
3948. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ස්වල්ප වූ නියපිට පස් පිඩක් ගෙන භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? කවරක් නම් බොහෝ ද? මා විසින් මේ නියපිටට ගන්නා ලද ස්වල්ප වූ පස් පිඩද, මේ මහ පොළොව ද?” “ස්වාමීනි, මේ මහ පොළොවම බොහෝය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියපිටට ගන්නා ලද පස් පිඩ ඉතා ස්වල්පය. මහ පොළොව හා සසඳන කල භාග්‍යවතුන් වහන්සේ විසින් නියපිටට ගන්නා ලද පස් පිඩ සංඛ්‍යාවකට ද නොපැමිණෙයි, කලබාගයකට ද නොපැමිණෙයි, උපමාවකටද නොපැමිණෙයි.” “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව නැවත මිනිස් ලොව උපදින්නාහුද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්, යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව නරකයෙහි උපදිත්ද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද, මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන් නොදක්නා ලද බවය, ඒ සතර කවරහුද? දුක්ඛ ආර්ය සත්‍යය... -පෙ- දුක්ඛනිරෝධගාමිණී ප්‍රතිපදා ආර්ය සත්‍යය යි. එහෙයින් මහණෙනි, ‘මේ දුකය’යි වීර්‍ය්‍ය කළ යුතුය... ‘මේ දුක්ඛනිරෝධගාමිණී ප්‍රතිපදාවය’යි වීර්‍ය්‍ය කළ යුතුය.”
12. 11. 2.
දුතියමනුස්සචුති සූත්‍රය
3949. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව මිනිස් ලොව උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන් නොදක්නා ලද බැවිනි, කවර ඒ සතරකගේද -පෙ- යොගො කරණීයොති.
12. 11. 3.
තතියමනුස්සචුති සූත්‍රය
3950. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව මිනිස් ලොව උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව ප්‍රේත ලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා බොහෝ වෙත්, ඊට හේතු කවරේද? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදැනීම වෙත්, කවර සතරකගේද යත්? -පෙ- යොගො කරණීයොති.
12. 11. 4.
චතුත්ථමනුස්සචුති සූත්‍රය
3951. මහණෙනි, එපරිද්දෙන්ම මිනිස් ලොවින් චුතවූවාහු දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව නරකයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්? -පෙ- යොගො කරණීයොති.
12. 11. 5.
පඤ්චමනුස්සචුති සූත්‍රය
3952. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවයි. කවර සතරකගේද යත්? -පෙ- යොගො කරණීයොති.
12. 11. 6.
ඡට්ඨමනුස්සචුති සූත්‍රය
3953. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්, යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව ප්‍රේත ලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද? -පෙ- යොගො කරණීයොති.
12. 11. 7.
දෙවචුති සූත්‍රය
3954. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙව්ලොවින් චුතව දෙවියන් අතර උපදිත්ද, ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්ප වෙත්, එතකුදු වුවත් යම් සත්වයෝ දෙව් ලොවින් චුතව නිරයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද? -පෙ- යොගො කරණීයොති.
12. 11. 8.
දුතියදෙවචුති සූත්‍රය
3955. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙව් ලොවින් චුතව දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්, යම් සත්වයෝ දෙව් ලොවින් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද? -පෙ- යොගො කරණීයොති.
12. 11. 9.
තතියදෙවචුති සූත්‍රය
3956. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව ප්‍රේත ලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද යත්? -පෙ- යොගො කරණීයොති.
12. 11. 10.
චතුත්ථදෙවචුති සූත්‍රය
3957. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙව් ලොවින් චුතව මනුෂ්‍යයන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව නිරයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද? -පෙ- යොගො කරණීයොති.