12. 11. 2.
දුතියමනුස්සචුති සූත්‍රය
3949. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව මිනිස් ලොව උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන් නොදක්නා ලද බැවිනි, කවර ඒ සතරකගේද -පෙ- යොගො කරණීයොති.
12. 11. 3.
තතියමනුස්සචුති සූත්‍රය
3950. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව මිනිස් ලොව උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව ප්‍රේත ලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා බොහෝ වෙත්, ඊට හේතු කවරේද? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදැනීම වෙත්, කවර සතරකගේද යත්? -පෙ- යොගො කරණීයොති.
12. 11. 4.
චතුත්ථමනුස්සචුති සූත්‍රය
3951. මහණෙනි, එපරිද්දෙන්ම මිනිස් ලොවින් චුතවූවාහු දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව නරකයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්? -පෙ- යොගො කරණීයොති.
12. 11. 5.
පඤ්චමනුස්සචුති සූත්‍රය
3952. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවයි. කවර සතරකගේද යත්? -පෙ- යොගො කරණීයොති.
12. 11. 6.
ඡට්ඨමනුස්සචුති සූත්‍රය
3953. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්, යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව ප්‍රේත ලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද? -පෙ- යොගො කරණීයොති.
12. 11. 7.
දෙවචුති සූත්‍රය
3954. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙව්ලොවින් චුතව දෙවියන් අතර උපදිත්ද, ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්ප වෙත්, එතකුදු වුවත් යම් සත්වයෝ දෙව් ලොවින් චුතව නිරයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද? -පෙ- යොගො කරණීයොති.
12. 11. 8.
දුතියදෙවචුති සූත්‍රය
3955. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙව් ලොවින් චුතව දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්, යම් සත්වයෝ දෙව් ලොවින් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද? -පෙ- යොගො කරණීයොති.
12. 11. 9.
තතියදෙවචුති සූත්‍රය
3956. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව ප්‍රේත ලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද යත්? -පෙ- යොගො කරණීයොති.
12. 11. 10.
චතුත්ථදෙවචුති සූත්‍රය
3957. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙව් ලොවින් චුතව මනුෂ්‍යයන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව නිරයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද? -පෙ- යොගො කරණීයොති.