11. 7. 4.
ගම්භීර පඤ්ඤතා සූත්රය
3833. “මහණෙනි, වඩනලද්දාවූ පුරුදුකරනලද්දාවූ මේ ධර්ම සතර ගම්භිර පඤ්ඤභාවය පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්රතිපත්තිය යන මේ සතරය. “මහණෙනි, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ මේ ධර්ම සතර ගම්භිර පඤ්ඤාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
11. 7. 5.
අසාමන්ත පඤ්ඤතා සූත්රය
3834. “මහණෙනි, වඩනලද්දාවූ, පුරුදුකරනලද්දාවූ, මේ ධර්ම සතර අසාමන්ත පඤ්ඤභාවය පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්රතිපත්තිය යන මේ සතරය. “මහණෙනි, වඩනලද්දාවූ පුරුදුකරන ලද්දාවූ මේ ධර්ම සතර අසාමන්ත පඤ්ඤභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
11. 7. 6.
භූරිපඤ්ඤතා සූත්රය
3835. “මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර භූරිපඤ්ඤභාවය පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්රතිපත්තිය යන මේ සතරය. “මහණෙනි, වඩනලද්දාවූ පුරුදු කරනලද්දාවූ මේ ධර්ම සතර භූරිපඤ්ඤභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
11. 7. 7.
පඤ්ඤා බාහුල්ලතා සූත්රය
3836. “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්රඥාවගේ බහුල බව පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්රතිපත්තිය යන මේ සතරය. “මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්රඥාවගේ බහුල බව පිණිස පවතිත්යයි” වදාළසේක.
11. 7. 8.
සීඝ පඤ්ඤතා සූත්රය
3837. “මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර සීඝ පඤ්ඤා භාවය පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්රතිපත්තිය යන මේ සතරය. “මහණෙනි, වඩන ලද්දාවූ, පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර සීඝපඤ්ඤාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
11. 7. 9.
ලහු පඤ්ඤතා සූත්රය
3838. “මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ලහු පඤ්ඤා භාවය පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්රතිපත්තිය යන මේ සතරය. “මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ලහුපඤ්ඤාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
11. 7. 10.
හාසු පඤ්ඤතා සූත්රය
3839. “මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර හාසු පඤ්ඤාභාවය පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්රතිපත්තිය යන මේ සතරය. ‘මහණෙනි වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර හාසු පඤ්ඤාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
11. 7. 11.
ජවන පඤ්ඤතා සූත්රය
3840. “මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ජවන පඤ්ඤා භාවය පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්රතිපත්තිය යන මේ සතරය. “මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ජවන පඤ්ඤාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
11. 7. 12.
තික්ඛ පඤ්ඤතා සූත්රය
3841. “මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර තික්ඛ පඤ්ඤාභාවය පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්රතිපත්තිය යන මේ සතරය. “මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර තික්ඛ පඤ්ඤාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
11. 7. 13.
නිබ්බෙධික පඤ්ඤතා සූත්රය
3842. ‘මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර නිබ්බේධික පඤ්ඤා භාවය පිණිස පවතිත්. “මහණෙනි, කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්මශ්රවණය, යෝනිසොමනසිකාරය හා ධර්මානුධර්ම ප්රතිපත්තියද වෙති “මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර නිබ්බේධික පඤ්ඤා භාවය පිණිස පවතී”
මහාපඤ්ඤවග්ගො සත්තමො.
තත්රුද්දානං:
මහා, පුථු, විපුල, ගම්භීර, අසාමන්ත, භූරි, බාහුල, සීඝ, ලහු, හාසු, ජවන, තික්ඛ සහ නිබ්බෙධික යැයි මෙහි සූත්ර දහතුනකි.
එකොළොස් වැනි සොතාපත්ති සංයුත්තය නිමි.
තත්ර වග්ගුද්දානං:
වේළුවන, රාජකාරාම, සරකෝනි, පුඤ්ඤාභිසන්ද, සගාථ පුඤ්ඤාභිසන්ද, සපඤ්ඤ සහ මහාපඤ්ඤ යන වර්ගයන්ගෙන් (මේ සංයුත්තය) යුක්ත වේ.