11. 6. 9.
පටිලාභ සූත්‍රය
3827. “මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාව ලැබීම පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය. සද්ධර්මශ්‍රවණය, යෝනිසෝමනස්කාරය හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියද වෙති. මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ ලැබීම පිණිස පවතිත්.”
11. 6. 10.
වුඩ්ඪි සූත්‍රය
3828. “මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ වැඩීම පිණිස පවතිත් කවර සතරක්ද? සත්පුරුෂයන් සේවනය, සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝමනස්කාරය හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියද වෙති. මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ වැඩීම පිණිස පවතිත්.”
11. 6. 11.
වෙපුල්ල සූත්‍රය
3829. “මහණෙනි වඩන ලද්දාවූ බහුල වශයෙන් නැවත නැවත පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ මහත් බව පිණිස පවතිත්, කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්මශ්‍රවණය, යෝනිසෝමනස්කාරය හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියද වෙති, මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ මහත් බව පිණිස පවතිත්” යයි වදාළසේක.
සප්පඤ්ඤවග්ගො ඡට්ඨො.
තත්රුද්දානං:
සගාථක, වස්සවුත්ථ, ධම්මදින්න, ගිලාන, ඵල සූත්‍ර හතර, පටිලාභ, වුඩ්ඪි සහ වෙපුල්ල යැයි මේ වර්ගයේ සූත්‍ර දොළහකි.
7. මහාප්‍රඥා වර්ගය
11. 7. 1.
මහා පඤ්ඤතා සූත්‍රය
3830. [1] (මේ වර්ගයේ 1 වෙනි ඡේද සියල්ල පුඤ්ඤාභිසන්ද වර්ගයේ 1 වෙනි ඡේදය මෙනි.) [2] “මහණෙනි, වඩනලද්දාවූ බහුලවශයෙන් පුරුදුකරන ලද මේ ධර්ම සතර මහා ප්‍රඥාව ඇතිබව පිණිස පවතිත්. [3] “කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යන මේ සතරය. [4] “මහණෙනි, වඩනලද්දාවූ, පුරුදුකරනලද්දාවූ මේ ධර්ම සතර මහා ප්‍රඥාව ඇතිබව පිණිස පවතිත්යයි” වදාළසේක.
11. 7. 2.
පුථුපඤ්ඤතා සූත්‍රය
3831. “මහණෙනි, වඩනලද්දාවූ බහුලවශයෙන් පුරුදුකරන ලද්දාවූ මේ ධර්ම සතර පුථුපඤ්ඤභාවය (පෘථුල ප්‍රඥාව) පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යන මේ සතරය. මහණෙනි, වඩනලද්දාවූ, පුරුදුකරනලද්දාවූ, මේ ධර්ම සතර පුථුපඤ්ඤතාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
11. 7. 3.
විපුලපඤ්ඤතා සූත්‍රය
3832. ‘මහණෙනි, වඩනලද්දාවූ පුරුදුකරනලද්දාවූ මේ ධර්ම සතර විපුලපඤ්ඤභාවය පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යන මේ සතරය. “මහණෙනි, වඩනලද්දාවූ, පුරුදුකරනලද්දාවූ මේ ධර්ම සතර විපුලපඤ්ඤභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
11. 7. 4.
ගම්භීර පඤ්ඤතා සූත්‍රය
3833. “මහණෙනි, වඩනලද්දාවූ පුරුදුකරනලද්දාවූ මේ ධර්ම සතර ගම්භිර පඤ්ඤභාවය පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යන මේ සතරය. “මහණෙනි, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ මේ ධර්ම සතර ගම්භිර පඤ්ඤාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
11. 7. 5.
අසාමන්ත පඤ්ඤතා සූත්‍රය
3834. “මහණෙනි, වඩනලද්දාවූ, පුරුදුකරනලද්දාවූ, මේ ධර්ම සතර අසාමන්ත පඤ්ඤභාවය පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යන මේ සතරය. “මහණෙනි, වඩනලද්දාවූ පුරුදුකරන ලද්දාවූ මේ ධර්ම සතර අසාමන්ත පඤ්ඤභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
11. 7. 6.
භූරිපඤ්ඤතා සූත්‍රය
3835. “මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර භූරිපඤ්ඤභාවය පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යන මේ සතරය. “මහණෙනි, වඩනලද්දාවූ පුරුදු කරනලද්දාවූ මේ ධර්ම සතර භූරිපඤ්ඤභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
11. 7. 7.
පඤ්ඤා බාහුල්ලතා සූත්‍රය
3836. “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ බහුල බව පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යන මේ සතරය. “මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ බහුල බව පිණිස පවතිත්යයි” වදාළසේක.