11. 6. 6.
දුතිය ඵල සූත්‍රය
3824. “මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර සකෘදාගාමි ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්, කවර සතරක්ද? සත්පුරුෂ සේවනය සද්ධර්මශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම ධර්මානුධර්ම ප්‍රතිපත්තියද වෙති. මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර සකෘදාගාමි ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්.”
11. 6. 7.
තතිය ඵල සූත්‍රය
3825. “මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර අනාගාමි ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්, කවර සතරක්ද? සත්පුරුෂ සේවනය සද්ධර්මශ්‍රවණය, යෝනිසොමනස්කාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තියද වෙති. මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර අනාගාමි ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්.”
11. 6. 8.
චතුත්ථ ඵල සූත්‍රය
3826. “මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ, මේ ධර්ම සතර අර්හත් ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්, කවර නම් සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්මශ්‍රවණය, යෝනියෝමනස්කාරය හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියද වෙති. මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර අර්හත් ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්.”
11. 6. 9.
පටිලාභ සූත්‍රය
3827. “මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාව ලැබීම පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය. සද්ධර්මශ්‍රවණය, යෝනිසෝමනස්කාරය හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියද වෙති. මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ ලැබීම පිණිස පවතිත්.”
11. 6. 10.
වුඩ්ඪි සූත්‍රය
3828. “මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ වැඩීම පිණිස පවතිත් කවර සතරක්ද? සත්පුරුෂයන් සේවනය, සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝමනස්කාරය හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියද වෙති. මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ වැඩීම පිණිස පවතිත්.”
11. 6. 11.
වෙපුල්ල සූත්‍රය
3829. “මහණෙනි වඩන ලද්දාවූ බහුල වශයෙන් නැවත නැවත පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ මහත් බව පිණිස පවතිත්, කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්මශ්‍රවණය, යෝනිසෝමනස්කාරය හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියද වෙති, මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ මහත් බව පිණිස පවතිත්” යයි වදාළසේක.
සප්පඤ්ඤවග්ගො ඡට්ඨො.
තත්රුද්දානං:
සගාථක, වස්සවුත්ථ, ධම්මදින්න, ගිලාන, ඵල සූත්‍ර හතර, පටිලාභ, වුඩ්ඪි සහ වෙපුල්ල යැයි මේ වර්ගයේ සූත්‍ර දොළහකි.