11. 4. 3.
තතියාභිසන්ද සූත්රය
3801. මහණෙනි, සැපයට හේතුවූ පුන්යගංගා කුශල ගංගා සතරකි. ඒ කවර සතරක්හුද, මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ මේ කාරණයෙන්ද ඒ භාග්යවතුන් වහන්සේ අර්හත්හ... යනුවෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, මේ සැපයට හේතුවූ පළමුවන පුන්ය ගංගාවය, කුසල ගංගාවය. තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත්කොට වදාරණ ලදී... යනුවෙන් ධර්මය කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද... තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා මනාව පිළිපන්නේය... යනුවෙන් සංඝයා කෙරෙහි නො සෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද... තවද මහණෙනි, ආර්ය්යශ්රාවක තෙමේ උතුම්වූ තියුණු අවබෝධයෙන් යුක්තව මනාකොට සියලු දුක් නැති කිරීමට පමුණුවන්නාවූ ඇතිවීම නැතිවීම දක්නා නුවණින් යුක්තවූයේ නුවණැත්තේ වෙයිද සැපයට හේතුවූ මේ සතර වැනි පුන්ය ගංගාවය කුසල ගංගාවය. මහණෙනි, මේ වනාහි සැපයට හේතුවූ පුන්ය ගංගා කුසල ගංගා සතර වෙති.
11. 4. 4.
දෙවපද සූත්රය
3802. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. මහණෙනි, අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගත් මේ පාදයෝ සතරක් වෙති. කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ මේ කාරණයෙන්ද ඒ භාග්යවතුන් වහන්සේ අර්හත්හ... බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, මේ අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැස ගන්නාලද පළමුවෙනි පාදයයි.
තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත්කොට වදාරණ ලදී... ධර්මය කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, මේ අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැස ගන්නාලද දෙවැනි පාදයයි.
තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා මනාව පිළිපන්නේය... සංඝයා කෙරෙහි නො සෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, මේ අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රවීම පිණිසද විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද තෙවෙනි පාදයයි.
නැවතද අනික් කරුණක් කියමි. මහණෙනි, ආර්ය්ය ශ්රාවක තෙමේ කඩනොවූ... සීලයෙන් යුක්තවූයේ වෙයිද, මේ අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද මේ සතරවෙනි පාදයයි. මහණෙනි, මේ වනාහි අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගත් පාදයෝ සතර වෙති.
11. 4. 5.
දුතිය දෙවපද සූත්රය
3803. මහණෙනි, අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නා ලද මේ පාදයෝ සතරක් වෙති. කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ මේ කාරණයෙන්ද ඒ භාග්යවතුන් වහන්සේ අර්හත්හ... බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, හෙතෙම මෙසේ සිතා බලයි. දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද පාද යනු කුමක්ද කියායි. හෙතෙම ‘මම වනාහි දැන් දෙවියන් අවිහිංසාව උතුම්කොට ඇත්තන්යයි අසමියි මම වනාහි තැතිගන්නාවූද බිය නොගන්නාවූද කිසිවෙකුටත් කිසි හිංසාවක් නොකරමි. ඒකාන්තයෙන් මම දිව්යපාදයයි කියනලද ධර්මයෙන් යුක්තව වාසය කරමි’යි මෙසේ දනියි. අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රවීම පිණිසත් දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද මේ පළමුවැනි පාදයයි.
තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත්කොට වදාරණ ලදී... ධර්මය කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, හෙතෙම මෙසේ සිතා බලයි. දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද පාදය යනු කුමක්ද කියායි... අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රවීම පිණිසත් දෙවියන්ගේ දෙවි නුවණින් බැසගන්නාලද මේ දෙවෙනි පාදයයි. තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා මනාව පිළිපන්නේය... සංඝයා කෙරෙහි නො සෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, හෙතෙම මෙසේ සිතා බලයි. විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද පාද යනු කුමක්ද කියායි... අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රබව පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද මේ තෙවෙනි පාදයයි. මහණෙනි, තවද ආර්ය්යශ්රාවකතෙමේ කඩනොවූ... සීලයෙන් යුක්ත වූයේ වෙයි. හෙතෙම මෙසේ සිතා බලයි. විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද, පාදය කුමක්ද කියායි. හෙතෙම ‘මම වනාහි දැන් දෙවියන් අවිහිංසාව උතුම්කොට ඇත්තන් යයි අසමි. මම වනාහි තැතිගන්නාවූද, බිය නැත්තාවූද, කිසිවෙකුටත් කිසි හිංසාවක් නොකරමි. ඒකාන්තයෙන් මම දිව්යපාද සංඛ්යාත ධර්මයෙන් සමන්විතව වාසය කරමියි’ මෙසේ දනියි. අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්ර බව පිණිසත් දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද මේ සතරවෙනා පාදයයි.
11. 4. 6.
සභාගත සූත්රය
3804. මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ සතුටු සිතැති දෙවියෝ සභාවට ගියාහු මෙසේ කථාකෙරෙත්. කවර නම් සතරකින්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ මේ කාරණයෙන්ද ඒ භාග්යවතුන් වහන්සේ අර්හත්හ... බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, ‘යම් ඒ දේවතාකෙනෙක් බුදුරදුන් කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූවාහුය. මෙලොවින් චුතවී දෙව්ලොව උපන්නාහුද, ඒ දේවතාවන්ට මෙබඳු අදහසක් වෙයි. අපි වනාහි යම් ලෙසකින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූවාහු මෙලොවින් චුතවීමෙන් මේ දෙව්ලොව උපන්නමෝද එලෙසින් බුදුරදුන් කෙරෙහි නො සැලෙන සැදැහැයෙන් යුක්තවූයේ ආර්ය්යශ්රාවක තෙමේද දෙවියන් වෙත එනුමැනවයි’ කියායි.