1. 9. 11.
පඤ්චම සමුද්දනින්න සූත්‍රය
101. මහණෙනි, යම්සේ මහී නම් ගඟ මුහුදට නැමී, මුහුදට හැරී, මුහුදට බරව පවත්නේවේද? මහණෙනි, එමෙන්ම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණෙක් නිවනට හැරුණෙක් නිවනට බරවූවෙක් වන්නේය.
1. 9. 12.
ඡට්ඨ සමුද්දනින්න සූත්‍රය
102. මහණෙනි, යම් ඒ මහා ගංගාවෝ වෙත්ද එනම් ගංගා, යමුනා, අචිරවතී, සරභු, මහී යන මොහුය. යම් සේ ඒ සියලු ගංගාවෝ මුහුදට නැමී, මුහුදට හැරී, මුහුදට බරව පවත්නාහුද? මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම නිවනට නැමුණෙක්, නිවනට හැරුනෙක්, නිවනට බරවූවෙක් වන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම කෙසේ නිවනට නැමුණෙක්, නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වන්නේද? මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයිද ...පෙ... විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහී ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වේ.
ගංගා පෙය්‍යාලයයි.
එහි උද්දානය:
පෙරදිගට නැමී ගිය ගංගා සය ද, මුහුදට නැමී ගිය ගංගා සය ද වශයෙන් මේවා දොළසක් වෙයි. එහෙයින් වර්ගය යැයි කියනු ලැබේ.
10. දුතිය ගංගා පෙය්‍යාලය
1. 10. 1.
1. පාචීනනින්න සූත්‍රය
103. “මහණෙනි, යම්සේ ගංගානම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේවේද? මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණෙතෙම කෙසේ නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේවේද? මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම රාගය දුරු කිරීම කෙළවරකොට ඇති, දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් දෘෂ්ටිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දෝසය දුරු කිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් සංකල්පය වඩයි. රාගය දුරුකිරීම කෙළවර කොට ඇති, දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් වචනය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දෝසය දුරුකිරීම කෙළවර කොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් කර්මාන්තය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරු කිරීම කෙළවරකොට ඇති සම්‍යක් ආජීවය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් ව්‍යායාමය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් සතිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් සමාධිය වඩයි. “මහණෙනි, මෙසේ වනාහී ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වේ"යයි වදාළසේක.
1. 10. 2.
දුතිය පාචීනනින්න සූත්‍රය
104. මහණෙනි, යම්සේ යමුනා නම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ වෙයිද, එසේම මහණ තෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 10. 3.
තතිය පාචීනනින්න සූත්‍රය
105. මහණෙනි, යම්සේ අචිරවතී නම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ වෙයිද, එසේම මහණ තෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 10. 4.
චතුත්ථ පාචීනනින්න සූත්‍රය
106. මහණෙනි, යම්සේ සරභූ නම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ වෙයිද, එසේම මහණ තෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.