9. ගංගා පෙය්යාලය
1. 9. 1.
පාචීනනින්න සූත්රය
91. සැවැත්නුවරදීය:
“මහණෙනි, ගංගානම් ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ යම්සේද? මහණෙනි, එසේම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නාවූ මහණතෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වෙයි. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නාවූ මහණතෙම කෙසේ නිවනට නැමුණේද නිවනට හැරුණේ නිවනට බරවූයේවේද? මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් දෘෂ්ටිය වඩයිද, විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් සංකල්පය වඩයිද, විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් වචනය වඩයිද විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් කර්මාන්තය වඩයිද, විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් ආජීවය වඩයිද, විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් ව්යායාමය වඩයිද, විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් සතිය වඩයිද විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයිද. මහණෙනි, මෙසේ වනාහී ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වේයයි වදාළසේක.
1. 9. 2.
දුතිය පාචීනනින්න සූත්රය
92. මහණෙනි, යමුනා නම් ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ යම්සේද? මහණෙනි, එසේම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණෙක්, නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වෙයි.
1. 9. 3.
තතිය පාචීනනින්න සූත්රය
93. මහණෙනි, අචිරවතී නම් ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ යම්සේද? මහණෙනි, එසේම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණෙක්, නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වන්නේය.
1. 9. 4.
චතුත්ථ පාචීනනින්න සූත්රය
94. මහණෙනි, සරභු ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ යම්සේද? මහණෙනි, එසේම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණෙක්, නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වන්නේය.
1. 9. 5.
පඤ්චම පාචීනනින්න සූත්රය
95. මහණෙනි, මහී නම් ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ යම්සේද? මහණෙනි, එසේම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණෙක්, නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වන්නේය.
1. 9. 6.
ඡට්ඨ පාචීනනින්න සූත්රය
96. මහණෙනි, යම් ඒ මහා ගංගාවෝ වෙද්ද? එනම් ගංගා, යමුනා, අචිරවතී, සරභු, මහී යන මොහුය. යම්සේ ඒ සියලු ගංගාවෝ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නාහුද? මහණෙනි, එමෙන්ම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණෙක්, නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වෙයි.
1. 9. 7.
සමුද්දනින්න සූත්රය
97. මහණෙනි, යම්සේ ගංගානම් ගඟ මුහුදට නැමී, මුහුදට හැරී, මුහුදට බරව පවත්නේවේද? මහණෙනි, එමෙන්ම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණෙක්, නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වෙයි. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම කෙසේ නිවනට නැමුණෙක්, නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වන්නේද? මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් දෘෂ්ටිය වඩයිද ...පෙ... විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහී ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වේ.
1. 9. 8.
දුතිය සමුද්දනින්න සූත්රය
98. මහණෙනි, යම්සේ යමුනා ගඟ මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේවේද? මහණෙනි, එමෙන්ම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණෙක්, නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වන්නේය.
1. 9. 9.
තතිය සමුද්දනින්න සූත්රය
99. මහණෙනි, යම්සේ අචිරවතී ගඟ මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේ වේද, මහණෙනි, එමෙන්ම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණෙක් නිවනට හැරුණෙක් නිවනට බරවූවෙක් වෙයි.