1. 8. 14.
දුතිය යොනිසෝ සූත්රය
90. “මහණෙනි, යම් ධර්මයක් හේතුකොට ගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද? උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද මහණෙනි, ඒ මේ උපායමනසිකාර සම්පත්තියයි, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොමදකිමි. මහණෙනි, උපායමනසිකාර සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, උපාය මනසිකාර සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේද? (මේ ඡේදය මේ වර්ගයේ දුතිය කල්යාණමිත්ත සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි උපායමනසිකාර සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
දෙවන එකධම්මපෙය්යාලයයි.
එහි උද්දානය:
කල්යාණ මිත්රත්වය ද, සීලය ද, ඡන්දය ද, අත්ත සම්පත්තිය ද, දිට්ඨිය ද, අප්රමාදය ද, සත්වන යෝනිසෝමනසිකාරය ද වේ.
9. ගංගා පෙය්යාලය
1. 9. 1.
පාචීනනින්න සූත්රය
91. සැවැත්නුවරදීය:
“මහණෙනි, ගංගානම් ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ යම්සේද? මහණෙනි, එසේම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නාවූ මහණතෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වෙයි. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නාවූ මහණතෙම කෙසේ නිවනට නැමුණේද නිවනට හැරුණේ නිවනට බරවූයේවේද? මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් දෘෂ්ටිය වඩයිද, විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් සංකල්පය වඩයිද, විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් වචනය වඩයිද විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් කර්මාන්තය වඩයිද, විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් ආජීවය වඩයිද, විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් ව්යායාමය වඩයිද, විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් සතිය වඩයිද විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයිද. මහණෙනි, මෙසේ වනාහී ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වේයයි වදාළසේක.
1. 9. 2.
දුතිය පාචීනනින්න සූත්රය
92. මහණෙනි, යමුනා නම් ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ යම්සේද? මහණෙනි, එසේම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණෙක්, නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වෙයි.
1. 9. 3.
තතිය පාචීනනින්න සූත්රය
93. මහණෙනි, අචිරවතී නම් ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ යම්සේද? මහණෙනි, එසේම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණෙක්, නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වන්නේය.
1. 9. 4.
චතුත්ථ පාචීනනින්න සූත්රය
94. මහණෙනි, සරභු ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ යම්සේද? මහණෙනි, එසේම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණෙක්, නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වන්නේය.