1. 6. 12.
දුතිය දිට්ඨි සූත්රය
60. “මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද එය උදාවන සූර්යයාට පූර්වංගම වේ. පූර්ව නිමිත්තවේ. මහණෙනි, එමෙන්ම යම් ඒ ඤාණසම්පත්තියක් වේද එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ මහණහට පූර්වංගමවේ. පූර්වනිමිත්තවේ. මහණෙනි, ඤාණසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නේය, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත උපදවන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි ඤාණ සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහී ඤාණ සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි වදාළසේක.
1. 6. 13.
දුතිය අප්පමාද සූත්රය
61. “මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද එය උදාවන සූර්යයාට පූර්වංගමවේ. පූර්ව නිමිත්තවේ. මහණෙනි, එමෙන්ම යම් ඒ අප්රමාද සම්පත්තියක්වේද එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ මහණහට පූර්වංගමවේ. පූර්වනිමිත්තවේ. මහණෙනි, අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත උපදවයි යන මෙය කැමති වියයුතුයි. මහණෙනි, අප්රමාදසම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවයිද, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත උපදවයිද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 6. 14.
දුතිය යෝනිසෝ සූත්රය
62. “මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද එය උදාවන සූර්යයාට පූර්වංගමය. පූර්වනිමිත්තය. මහණෙනි, එමෙන්ම යම් ඒ උපායමනසිකාරයක් වේද එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ මහණහට පූර්වංගමවේ. පූර්වනිමිත්තවේ. මහණෙනි, උපායමනසිකාරයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, උපාය මනසිකාරයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහී උපායමනසිකාරයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
සූරියපෙය්යාලවග්ගො ඡට්ඨො.
එහි උද්දානය:
කල්යාණ මිත්රත්වය ද, සීලය ද, ඡන්දය ද, ආත්ම සම්පදාව ද, දෘෂ්ටිය ද, අප්රමාදය ද, සත්වැන්න යෝනිසෝ මනසිකාරය ද වේ.
7. ඒකධම්ම පෙය්යාලය
1. 7. 1.
කල්යාණමිත්ත සූත්රය
63. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්හ. එක්පසෙක හුන්නාහු ඒ භික්ෂූන්ට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
[2] “මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදවීමට එක ධර්මයක් බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර නම් එක් ධර්මයක්ද යත්? යම් ඒ කල්යාණ මිත්රයින් ඇති බවක් වේද එයයි. මහණෙනි, කල්යාණ මිත්රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යන මෙය කැමති විය යුතුයි. මහණෙනි, කල්යාණ මිත්රයින් ඇති භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයිද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද? [3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් වචනය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් ආජීවය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් ව්යායාමය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් සතිය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. [4] “මහණෙනි, මෙසේ වනාහි කල්යාණ මිත්රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 7. 2.
සීල සූත්රය
“එක ධර්මයක් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය ඉපදවීමට බොහෝ උපකාරවෙයි. කවරනම් එකධර්මයක්ද? යම් ඒ සීල සම්පත්තියක් වේද එයයි. මහණෙනි, සීල සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ යන මෙය කැමති විය යුතුයි. මහණෙනි, සීල සම්පත්තියෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයිද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහී සීල සම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 7. 3.
ඡන්ද සූත්රය
“මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාර වෙයි. කවර එක ධර්මයක්ද? යම් ඒ ඡන්ද සම්පත්තියක් වේද එයයි. මහණෙනි, ඡන්ද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යන මෙය කැමති විය යුතුයි. මහණෙනි, ඡන්ද සම්පත්තියෙන් යුත් මහණ තෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි ඡන්ද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 7. 4.
අත්ත සූත්රය
“මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදවීම පිණිස එකධර්මයක් බොහෝ උපකාර වෙයි. කවරනම් එක ධර්මයක්ද යත්? යම් ඒ චිත්ත සම්පත්තියක් වේද එයයි. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි’ වදාළසේක.