1. 5. 4.
අද්ධාන සූත්රය
44. මහණෙනි, ඉදින් අන්ය තීර්ථක පරිබ්රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ශ්රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත කුමක් පිණිස බ්රහ්මචරියාවෙහි වෙසෙන්නේද?’යි අසන්නාහු නම්, මහණෙනි, මෙසේ අසන ලද තෙපි ඒ අන්යතීර්ථක පරිබ්රාජකයින්ට ‘ඇවැත්නි, සංසාර ගමන නැති කිරීම පිණිස භාග්යවතුන් වහන්සේ වෙත බඹසර හැසිරෙන්නේය’ කියව්. ... “මහණෙනි, ඒ අන්යතීර්ථක පරිබ්රාජකයෝ ඉදින් වනාහි තොපගෙන් ‘ඇවැත්නි, සසර ගමන නැති කිරීම පිණිස මාර්ගයක් තිබේද? ප්රතිපදාවක් තිබේදැයි මෙසේ අසන්නාහු නම්, මහණෙනි, මෙසේ අසන ලද තෙපි අන්ය තීර්ථක පරිබ්රාජකයින්ට, ‘ඇවැත්නි, සසර ගමන නැතිකිරීම පිණිස මාර්ගයක් ඇත ප්රතිපදාවක්ද ඇතැයි’ මෙසේ කියව්. මහණෙනි, සසර ගමන නැති කිරීම පිණිස පවත්නා මාර්ගය කුමක්ද? ප්රතිපදාව කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. එනම්: සම්යක් දෘෂ්ටිය ... සම්යක් සමාධියයි. “මහණෙනි, සසර ගමන නැති කිරීම පිණිස මේ මාර්ගය, මේ ප්රතිපදාව වෙයි. මහණෙනි, මෙසේ අසනලද තොපි අන්යතීර්ථක පරිබ්රාජකයින්ට මෙසේ කියව්යයි” වදාළසේක.
1. 5. 5.
ආසවක්ඛය සූත්රය
45. මහණෙනි, ඉදින් අන්ය තීර්ථක පරිබ්රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ශ්රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත කුමක් පිණිස බ්රහ්මචරියාවෙහි වෙසෙන්නේද?’යි අසන්නාහු නම්, “මහණෙනි, ඒ මෙසේ අසන ලද තෙපි ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයින්ට ‘ඇවැත්නි, ආශ්රවයන් ක්ෂයකිරීම පිණිස භාග්යවතුන් වහන්සේ වෙත බඹසර වෙසෙන්නේයයි’ කියව්. මහණෙනි, ඒ අන්යතීර්ථක පරිබ්රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි ආශ්රව නැති කිරීම පිණිස මාර්ගයක් තිබේද? ප්රතිපදාවක් තිබේදැයි’ මෙසේ අසන්නාහු නම් මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්යතීර්ථක පරිබ්රාජකයින්ට ඇවැත්නි ආශ්රවයන් නැතිකිරීම පිණිස මාර්ගයක් ඇත. ප්රතිපදාවක් ඇත. මහණෙනි, ආශ්රවයන් නැතිකිරීම පිණිස පවත්නා මාර්ගය කුමක්ද? ප්රතිපදාව කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. එනම්: සම්යක් දෘෂ්ටිය ... සම්යක් සමාධියයි. “මහණෙනි, ආශ්රව නැති කිරීම පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්රතිපදාව වෙයි. මහණෙනි, මෙසේ අසනලද තෙපි අන්යතීර්ථක පරිබ්රාජකයින්ට මෙසේ කියව්යයි” වදාළ සේක.
1. 5. 6.
විජ්ජාවිමුත්ති සූත්රය
46. මහණෙනි, ඉදින් අන්ය තීර්ථක පරිබ්රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ශ්රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත කුමක් පිණිස බ්රහ්මචරියාවෙහි වෙසෙන්නේද?’යි අසන්නාහු නම්, “මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයින්ට ‘ඇවැත්නි, විජ්ජා විමුක්ති ඵලය (රහත් බව) අවබෝධ කිරීම පිණිස භාග්යවතුන් වහන්සේ වෙත බඹසර හැසිරෙන්නේයයි’ කියව්. “මහණෙනි, ඉදින් වනාහි ඒ අන්යතීර්ථක පරිබ්රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, විද්යා විමුක්ති ඵලය (රහත් බව) අවබෝධ කිරීම පිණිස පවත්නාවූ මාර්ගයක් තිබේද? ප්රතිපදාවක් තිබේදැයි’ මෙසේ අසන්නාහු නම් මෙසේ අසන ලද්දාවූ තෙපි අන්යතීර්ථක පරිබ්රාජකයින්ට ‘ඇවැත්නි, විද්යා විමුක්ති ඵලය (රහත් බව) අවබෝධ කිරීම පිණිස මාර්ගයක් ඇත. ප්රතිපදාවක් ඇතැයි’ කියව්. මහණෙනි, විද්යා විමුක්ති ඵලය (රහත් බව) ප්රත්යක්ෂ කිරීම පිණිස පවත්නා මාර්ගය කුමක්ද? ඒ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මැයි. එනම්: සම්යක් දෘෂ්ටිය ... සම්යක් සමාධියයි. “මහණෙනි, මේ විද්යා විමුක්ති ඵලය (රහත් බව) අවබෝධකිරීම පිණිස මාර්ගය වෙයි. ප්රතිපදාව වෙයි. මහණෙනි, මෙසේ අසන ලද තෙපි අන්යතීර්ථක පරිබ්රාජකයින්ට මෙසේ කියව්යයි” වදාළසේක.
1. 5. 7.
ඤාණදස්සන සූත්රය
47. මහණෙනි, ඉදින් අන්ය තීර්ථක පරිබ්රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ශ්රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත කුමක් පිණිස බ්රහ්මචරියාවෙහි වෙසෙන්නේද?’යි අසන්නාහු නම්, “මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයින්ට ‘ඇවැත්නි, ඤාණදර්ශනය පිණිස භාග්යවතුන් වහන්සේ වෙත බඹසර හැසිරෙන්නේයයි’ කියව්. “මහණෙනි, ඉදින් වනාහි අන්ය තීර්ථක පරිබ්රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ඤාණදර්ශනය පිණිස මාර්ගයක් තිබේද? ප්රතිපදාවක් තිබේදැයි’ මෙසේ අසන්නාහු නම් මහණෙනි, මෙසේ අසනලද්දාවූ තෙපි අන්යතීර්ථක පරිබ්රාජකයන්ට ඤාණදර්ශනය පිණිස මාර්ගයක් ඇත්තේය. ප්රතිපදාවක් ඇත්තේයයි කියව්. මහණෙනි, ඤාණදර්ශනය පිණිස පවත්නා මාර්ගය කුමක්ද? ප්රතිපදාව කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මැයි. එනම්: සම්යක් දෘෂ්ටිය ... සම්යක් සමාධියයි. “මහණෙනි, ඤාණදර්ශනය පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්රතිපදාව වෙයි. මහණෙනි, මෙසේ අසනලද තෙපි ඒ අන්යතීර්ථක පරිබ්රාජකයින්ට මෙසේ කියව්යයි” වදාළසේක
1. 5. 8.
අනුපාදා සූත්රය
48. මහණෙනි, ඉදින් අන්ය තීර්ථක පරිබ්රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ශ්රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත කුමක් පිණිස බ්රහ්මචරියාවෙහි වෙසෙන්නේද?’යි අසන්නාහු නම්, “මහණෙනි මෙසේ අසන ලද තෙපි ඒ අන්යතීර්ථක පරිබ්රාජකයින්ට ඇවැත්නි, ‘අනුපාදාපරිනිර්වාණය පිණිස භාග්යවතුන් වහන්සේ වෙත බ්රාහ්මචර්යාවෙහි හැසිරෙන්නේ යයි කියව්. “මහණෙනි, ඉදින් වනාහි තොපගෙන් ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයෝ ‘ඇවැත්නි, අනුපාදා පරිනිර්වාණය පිණිස මාර්ගයක් තිබේද? ප්රතිපදාවක් තිබේදැයි’ මෙසේ අසන්නාහු නම් මහණෙනි, මෙසේ අසනලද තෙපි අන්යතීර්ථක පරිබ්රාජකයින්ට ‘ඇවැත්නි, අනුපාදා පරිනිර්වාණය පිණිස මාර්ගයක් තිබේ. ප්රතිපදාවක් තිබේයයි’ කියව්. මහණෙනි, අනුපාදා පිරිනිවීම පිණිස පවත්නා මාර්ගය කුමක්ද? ප්රතිපදාව කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයයි. එනම්: සම්යක් දෘෂ්ටිය ... සම්යක් සමාධියයි. “මහණෙනි, මේ අනුපාදා පරිනිර්වාණය පිණිස මාර්ගය වෙයි. මේ ප්රතිපදාව වෙයි. මෙසේ අසන ලද තෙපි ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයන්ට මෙසේ කියව්යයි” වදාළසේක.
(මේ සියල්ල සැවැත් නුවර නිදානයි.)
අඤ්ඤතිත්ථියපෙය්යාලවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
විරාග, සංයෝජන, අනුසය, අද්ධාන, ආසවක්ඛය, විජ්ජාවිමුත්ති, ඤාණදස්සන සහ අනුපාදා යයි මෙහි සූත්ර අටකි.