1. 4. 8.
දෙවන බ්රහ්මඤ්ඤ සූත්රය
38. “මහණෙනි, තොපට ශ්රේෂ්ඨ බවද ශ්රේෂ්ඨභාවයාගේ අර්ථයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ශ්රේෂ්ඨ බව නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. ඒ කෙසේද? සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය, සම්යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ ශ්රේෂ්ඨ බවයයි කියනු ලැබේ. “මහණෙනි, ශ්රේෂ්ඨභාවයාගේ අර්ථය නම් කුමක්ද? මහණෙනි, රාගය නැතිකිරීමට නිමිත්තවූ ද්වේෂය නැති කිරීමට නිමිත්තවූ මෝහය නැතිකිරීමට නිමිත්තවූ යම් නිර්වාණයක් වේද? එය ශ්රේෂ්ඨ භාවයාගේ අර්ථයයි කියනු ලැබේයයි” වදාළසේක.
1. 4. 9.
බ්රහ්මචරිය සූත්රය
39. “මහණෙනි, තොපට මම බ්රහ්මචරියාව දේශනා කරන්නෙමි. බ්රහ්මචරියාවේ ඵලයන්ද දේශනා කරන්නෙමි. එය අසව්. “මහණෙනි, බ්රහ්මචරියාව නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. ඒ මෙසේයි. සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය සහ සම්යක් සමාධියයි. මහණෙනි, මෙය බ්රහ්ම චරියාවයයි කියනු ලැබේ. “මහණෙනි, බ්රහ්මචරියාවේ ඵලයෝ නම් කවරහුද? සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමී ඵලය, අර්හත් ඵලය යන මොහුයි. මහණෙනි, මොව්හු බ්රහ්මචරියාවේ ඵලයෝ යයි කියනු ලැබෙතියි” වදාළසේක.
1. 4. 10.
දෙවන බ්රහ්මචරිය සූත්රය
40. “මහණෙනි, තොපට මම බ්රහ්මචරියාවද බ්රහ්ම චරියාවේ අර්ථයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, බ්රහ්මචරියාව නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. ඒ මෙසේයි. සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය සහ සම්යක් සමාධියයි. මහණෙනි, මෙය බ්රහ්ම චරියාවයයි කියනු ලැබේ. “මහණෙනි, බ්රහ්මචරියාවේ අර්ථය නම් කවරේද? මහණෙනි, රාගය ක්ෂය කිරීමට නිමිත්තවූ ද්වේෂය ක්ෂය කිරීමට නිමිත්තවූ මෝහය ක්ෂය කිරීමට නිමිත්තවූ යම් නිර්වාණයක් වේද මෙය බ්රහ්මචරියාවේ අර්ථයයි කියනු ලැබේයයි” වදාළසේක.
(සියල්ල සැවැත්නුවර නිදාන වේ.)
පටිපත්තිවග්ගො චතුත්ථො.
එහි උද්දානය:
පටිපත්ති, පටිපන්න, විරද්ධ, පාරඞ්ගම, සාමඤ්ඤ සූත්ර දෙකක් ද, බ්රහ්මඤ්ඤ සූත්ර දෙකක් ද, බ්රහ්මචරිය සූත්ර දෙකක් දැයි මේ වර්ගය කියනු ලැබේ.
5. අඤ්ඤතිත්ථිය පෙය්යාලය
1. 5. 1.
විරාග සූත්රය
41. සැවැත් නුවරදීය:
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්හ. එක්පසෙක හුන්නාහු ඒ භික්ෂූන්ට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: “මහණෙනි, ඉදින් අන්ය තීර්ථක පරිබ්රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ශ්රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත කුමක් පිණිස බ්රහ්මචරියාවෙහි වෙසෙන්නේද?”යි අසන්නාහු නම්, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි අන්ය තීර්ථක පරිබ්රාජකයින්ට ‘ඇවැත්නි, රාගය නැතිකිරීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බ්රහ්මචරියාවෙහි වසන්නේයයි” කියව්.
“මහණෙනි, ඉදින් වනාහී තොපගෙන් අන්ය තීර්ථක පරිබ්රාජකයෝ ‘ඇවැත්නි, රාගය නැතිකිරීම පිණිස මාර්ගයක් තිබේද? ප්රතිපදාවක් තිබේදැයි’ මෙසේ අසන්නාහු නම් මෙසේ අසනලද තෙපි ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයින්ට ‘ඇවැත්නි, රාගය නැතිකිරීම පිණිස මාර්ගයක් ඇත, ප්රතිපදාවක්ද ඇතැයි’ කියව්. මහණෙනි, රාගය නැති කිරීම පිණිස පවත්නා මාර්ගය නම් කුමක්ද? ප්රතිපදාව නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. ඒ කෙසේද යත්? සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනාව, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය, සම්යක් සමාධිය යන මේයි. “මහණෙනි, රාගය නැති කිරීම පිණිස පවත්නා මාර්ගය මෙයයි. ප්රතිපදාව මෙයයි. මෙසේ අසන ලද්දාදවූ තෙපි අන්ය තීර්ථක පරිබ්රාජකයන්ට මෙසේ කියව්යයි” වදාළසේක.
1. 5. 2.
සංයෝජන සූත්රය
42. මහණෙනි, ඉදින් අන්ය තීර්ථක පරිබ්රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ශ්රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත කුමක් පිණිස බ්රහ්මචරියාවෙහි වෙසෙන්නේද?’යි අසන්නාහු නම්, මහණෙනි, මෙසේ අසන ලද තෙපි ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයින්ට ‘ඇවැත්නි, සංයෝජනයන් පහකරනු පිණිස භාග්යවතුන් වහන්සේ වෙත බ්රහ්මචරියාවෙහි හැසිරෙන්නේ යයි’ කියව්.
“මහණෙනි, ඉදින් වනාහි තොපගෙන් අන්ය තීර්ථක පරිබ්රාජකයෝ ‘ඇවැත්නි, සංයෝජනයන් පහකරනු පිණිස මාර්ගයක් තිබේද? ප්රතිපදාවක් තිබේදැයි’ මෙසේ අසන්නහුනම් මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ‘ඇවැත්නි, සංයෝජනයන් පහකරනු පිණිස මාර්ගයක් ඇත්තේය. ප්රතිපදාවක් ඇත්තේයයි’ කියව්. මහණෙනි, කිනම් මාර්ගයක් කිනම් ප්රතිපදාවක් සංයෝජන පහකිරීම පිණිස පවත්නේද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. එනම්: සම්යක් දෘෂ්ටිය ... සම්යක් සමාධියයි. “මහණෙනි, මෙය සංයෝජනයන්ගේ පහකිරීම පිණිස පවත්නා මාර්ගය වෙයි. ප්රතිපදාව වෙයි. මහණෙනි, මෙසේ අසන ලද තෙපි ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයින්ට මෙසේ කියව්යයි’ වදාළසේක.
1. 5. 3.
අනුසය සූත්රය
43. මහණෙනි, ඉදින් අන්ය තීර්ථක පරිබ්රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ශ්රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත කුමක් පිණිස බ්රහ්මචරියාවෙහි වෙසෙන්නේද?’යි අසන්නාහු නම්, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයන්ට ‘ඇවැත්නි, අනුසය ධර්මයන් නැසීම පිණිස භාග්යවතුන් වහන්සේ වෙත බ්රහ්මචර්යාවෙහි හැසිරෙන්නේයයි’ කියව්.