1. 2. 10.
තතියකුක්කුටාරාම සූත්‍රය
20. (මේ සූත්‍රයද මේ වර්ගයේ අටවෙනි සූත්‍රය මෙන් කුක්කුටාරාමයේදී දේශනා කරන ලදී.)
“ඇවැත් ආනන්දයෙනි, බ්‍රහ්මචරියාවය, බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ඇවැත්නි, බ්‍රහ්මචරියාව නම් කුමක්ද? බ්‍රහ්මචාරී නම් කවරෙක්ද? බ්‍රහ්මචරියාවගේ කෙළවර කුමක්ද?
“ඇවැත් භද්‍රයෙනි, එසේය.” “ඇවැත් භද්‍රයෙනි, තාගේ ප්‍රශ්නය වනාහි යහපති. වැටහීම යහපති. විචාරීම යහපති. ඇවැත් භද්‍රයෙනි, නුඹ මෙසේ අසන්නෙහිද? ‘ඇවැත් ආනන්දයෙනි, බ්‍රහ්මචර්යාව බ්‍රහ්මචර්යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, බ්‍රහ්මචර්යාව නම් කුමක්ද? බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නා නම් කවරෙක්ද? බ්‍රහ්මචරියාවෙහි කෙළවර කුමක්ද? කියායි. “ඇවැත්නි, එසේය.”
“ඇවැත්නි, මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම වනාහි බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ඒ කවරහුද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. ඇවැත්නි, යමෙක් වනාහි මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයෙන් යුක්තවේද, මොහු බඹසර හැසිරෙන්නායයි කියනු ලැබේ. ඇවැත්නි, යම් රාගය නැති කිරීමක් වේද, ද්වේෂය නැති කිරීමක් වේද, මෝහය නැති කිරීමක් වේද, මෙය බ්‍රහ්මචරියාවගේ කෙළවරයයි කියනු ලැබේයයි” වදාළේය.
විහාරවග්ගො දුතියො.
එහි උද්දානය:
විහාර සූත්‍ර දෙකක් ද, සේඛ සහ උප්පාද සූත්‍ර දෙකක් ද, පරිසුද්ධ නමින් කියූ දෙකක් ද, කුක්කුටාරාම සූත්‍ර තුනක් දැයි දසයකි.
3. මිච්ඡත්ත වර්ගය
1. 3. 1.
මිච්ඡත්ත සූත්‍රය
21. (මේ වර්ගයේ සූත්‍ර දහවෙනි සූත්‍රය හැර අනික් සූත්‍ර දෙවෙනි වර්ගයේ 4 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, තොපට වැරදි ස්වභාවයද දේශනා කරන්නෙමි. යහපත් ස්වභාවයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, වැරදි ස්වභාවය කුමක්ද? ඒ මෙසේයි. මිථ්‍යාදෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යා වචනය, මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා සතිය, මිථ්‍යා සමාධිය යන මොහුයි. මහණෙනි, මේ වැරදි ස්වභාවයයි කියනු ලැබේ.
“මහණෙනි, යහපත් ස්වභාවය කෙසේද? ඒ මෙසේයි සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ සම්‍යක් ස්වභාවයයි කියනු ලැබේ.
1. 3. 2.
අකුසලධම්ම සූත්‍රය
22.
“මහණෙනි, තොපට අකුසල ධර්මයන්ද කුසල ධර්මයන්ද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, අකුසල ධර්මයෝ කවරහුද? ඒ මෙසේයි. මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යා වචනය, මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා සතිය, මිථ්‍යා සමාධිය යන මොහුය. මහණෙනි, මොව්හු අකුසල ධර්මයෝයයි කියනු ලැබේ.
“මහණෙනි, කුසල ධර්මයෝ කවරහුද? ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුය. මහණෙනි, මොව්හු කුසල ධර්මයෝයයි කියනු ලැබෙත්.
1. 3. 3.
පඨම පටිපදා සූත්‍රය
23.
“මහණෙනි, තොපට වැරදි පිළිපැදීමද දේශනා කරන්නෙමි. යහපත් පිළිපැදීමද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, වැරදි පිළිපැදීම කවරේද යත් ඒ මෙසේයි. මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යා වචනය, මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා සතිය, මිථ්‍යා සමාධිය යන මොහුය. මහණෙනි, මේ වැරදි පිළිපැදීමයයි කියනු ලැබේ.
“මහණෙනි, යහපත් පිළිපැදීම කවරේද? ඒ මෙසේයි සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ යහපත් පිළිපැදීමයයි කියනු ලැබේ.