1. 14. 97-112.
7. මල සූත්ර
323-338. “මහණෙනි, මේ මල තුනකි. කවර නම් තුනක්ද යත්? රාග නමැති මලය, ද්වේෂය නමැති මලය, මෝහ නමැති මලය යන මොහුයි. මහණෙනි, මේ වනාහි මලයෝ තුනවේ. මහණෙනි, මේ ත්රිවිධ මලයන් දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්: මහණෙනි, භික්ෂුව සම්මාදිට්ඨිය වඩයි ...පෙ... විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ත්රිවිධ මල දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
1. 15. 113-128.
8. නීඝ සූත්ර
339-354. “මහණෙනි, මේ උවදුරු තුනකි. කවරනම් තුනක්ද යත්? රාග නැමති උවදුර, ද්වේෂ නැමති උවදුර, මෝහ නැමති උවදුර යන මොහුය. මහණෙනි, මේ වනාහි උවදුරු තුනයි. මහණෙනි, මේ ත්රිවිධ උවදුරු දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්: මහණෙනි, භික්ෂුව සම්මාදිට්ඨිය වඩයි ...පෙ... විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ත්රිවිධ උවදුරු දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
1. 15. 129-144.
9. වේදනා සූත්ර
355-370. “මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර නම් තුනක්දයත්? සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛමසුඛ වේදනාව යන මොහුයි. මහණෙනි, මේ වනාහි වේදනා තුනයි. මහණෙනි, මේ ත්රිවිධ වේදනාවන්ගේ දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්: මහණෙනි, භික්ෂුව සම්මාදිට්ඨිය වඩයි ...පෙ... විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ත්රිවිධ වේදනාවන්ගේ දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩියයුතු යයි” වදාළසේක.
1. 15. 145-160.
10. තණ්හා සූත්ර
371-386. “මහණෙනි, මේ තණ්හා තුනකි. කවරනම් තුනක්ද යත්? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන මොහුයි. මහණෙනි, මේ වනාහි තණ්හා තුනයි. මහණෙනි, මේ තෘෂ්ණා තුන දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනුම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්: මහණෙනි, භික්ෂුව සම්මාදිට්ඨිය වඩයි ...පෙ... විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ත්රිවිධ තෘෂ්ණාවන්ගේ දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුත්තේ යයි” වදාළසේක.
(ඒසනා සූත්ර මෙන් සියල්ල විස්තර කළ යුතුය)
ඒසනා වර්ගය පසළොස්වෙනියි.
එහි උද්දානය:
ඒසනා, විධා, ආසව, භව, ත්රිවිධ දුක්ඛතා ද,
ඛිල, මල, නීඝ ද, වේදනා සහ තණ්හා දැයි (දස සූත්රයෝ) වෙති.
ඛිල, මල, නීඝ ද, වේදනා සහ තණ්හා දැයි (දස සූත්රයෝ) වෙති.