1. 15. 5-8.
5-8 ඒසනා සූත්ර
231-234. මහණෙනි, මේ සෙවීම් තුනකි. කවර නම් තුනක්ද? කාමයන්ගේ සෙවීම, භවයාගේ සෙවීම, බ්රහ්මචරියාවගේ සෙවීම කියායි. මහණෙනි, මේ වනාහි ත්රිවිධ ඒසනාවෝයි. මහණෙනි, මේ ත්රිවිධ සෙවීම් පිරිසිඳ දැනීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. ...පෙ... මහණෙනි, මේ ත්රිවිධ සෙවීම් පිරිසිඳ දැනීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
(අභිඥා වාරය මෙන් විස්තර කළ යුතුය.)
1. 15. 9-12.
9-12 ඒසනා සූත්ර
235-238. මහණෙනි, මේ සෙවීම් තුනකි. කවර නම් තුනක්ද? කාමයන්ගේ සෙවීම, භවයාගේ සෙවීම, බ්රහ්මචරියාවගේ සෙවීම කියායි. මහණෙනි, මේ වනාහි ත්රිවිධ ඒසනාවෝයි. මහණෙනි, මේ ත්රිවිධ සෙවීම් ක්ෂය කිරීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය. ...පෙ... මහණෙනි, මේ ත්රිවිධ සෙවීම් ක්ෂයකිරීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
(අභිඥා වාරය මෙන් විස්තර කළ යුතුය.)
1. 15. 13-16.
13-16 ඒසනා සූත්ර
239-242. මහණෙනි, මේ සෙවීම් තුනකි. කවර නම් තුනක්ද? කාමයන්ගේ සෙවීම, භවයාගේ සෙවීම, බ්රහ්මචරියාවගේ සෙවීම යනුයි. මහණෙනි, මේ වනාහි ත්රිවිධ ඒසනාවෝයි. මහණෙනි, මේ ත්රිවිධ සෙවීම් පහකිරීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් දෘෂ්ටිය වඩයි ...පෙ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ත්රිවිධ සෙවීම් පහකිරීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.(අභිඥා වාරය මෙන් විස්තර කළ යුතුය.)
1. 15. 17-32.
2. විධා සූත්ර
243-258. “මහණෙනි, මේ මානය පිළිබඳ කොටස් තුනකි. කවරනම් තුනක්ද යත්, ශ්රේෂ්ඨයෙක් වෙමි යන මාන කොටස, සමානයෙක් වෙමි යන මාන කොටස, හීනයෙක් වෙමි යන මාන කොටස යන මොහුයි. මේ වනාහී ත්රිවිධ මාන කොට්ඨාසයෝයි. මහණෙනි, මේ ත්රිවිධ කොට්ඨාසයන් දැනීම පිණිස ...පෙ... පිරිසිඳ දැනීම පිණිස ...පෙ... ක්ෂයකිරීම පිණිස ...පෙ... ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්: මහණෙනි, භික්ෂුව සම්මාදිට්ඨිය වඩයි ...පෙ... විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ත්රිවිධ මාන කොට්ඨාසයන් දැනීම පිණිස ...පෙ... පිරිසිඳ දැනීම පිණිස ...පෙ... ක්ෂයකිරීම පිණිස ...පෙ... ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
(ඒසනා සූත්ර මෙන් විස්තර කළ යුතුය.)
1. 15. 33-48.
3. ආසව සූත්ර
259-274. “මහණෙනි, මේ ආසවයෝ තිදෙනෙකි. කවරනම් තිදෙනෙක්ද යත්? කාමාසවය, භවාසවය, අවිජ්ජාසවය යන මොහුය. මහණෙනි, මේ ආසවයෝ තිදෙනායි. මහණෙනි, මේ ආසවයන් තිදෙනාගේ දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂයකිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද? මහණෙනි, භික්ෂුව සම්මාදිට්ඨිය වඩයි ...පෙ... විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ත්රිවිධ ආශ්රවයන්ගේ දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂයකිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
1. 15. 49-64.
4. භව සූත්ර
275-290. මහණෙනි, මේ භව තුනකි. කවරනම් තුනෙක්ද යත්? කාම භවය, රූප භවය, අරූප භවය කියායි. මහණෙනි, මේ වනාහි භව තුනයි. මහණෙනි, ත්රිවිධ භවයන්ගේ දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්: මහණෙනි, භික්ෂුව සම්මාදිට්ඨිය වඩයි ...පෙ... විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ත්රිවිධ භවයන්ගේ දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි වදාළසේක.