1. 15. 17-32.
2. විධා සූත්ර
243-258. “මහණෙනි, මේ මානය පිළිබඳ කොටස් තුනකි. කවරනම් තුනක්ද යත්, ශ්රේෂ්ඨයෙක් වෙමි යන මාන කොටස, සමානයෙක් වෙමි යන මාන කොටස, හීනයෙක් වෙමි යන මාන කොටස යන මොහුයි. මේ වනාහී ත්රිවිධ මාන කොට්ඨාසයෝයි. මහණෙනි, මේ ත්රිවිධ කොට්ඨාසයන් දැනීම පිණිස ...පෙ... පිරිසිඳ දැනීම පිණිස ...පෙ... ක්ෂයකිරීම පිණිස ...පෙ... ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්: මහණෙනි, භික්ෂුව සම්මාදිට්ඨිය වඩයි ...පෙ... විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ත්රිවිධ මාන කොට්ඨාසයන් දැනීම පිණිස ...පෙ... පිරිසිඳ දැනීම පිණිස ...පෙ... ක්ෂයකිරීම පිණිස ...පෙ... ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
(ඒසනා සූත්ර මෙන් විස්තර කළ යුතුය.)
1. 15. 33-48.
3. ආසව සූත්ර
259-274. “මහණෙනි, මේ ආසවයෝ තිදෙනෙකි. කවරනම් තිදෙනෙක්ද යත්? කාමාසවය, භවාසවය, අවිජ්ජාසවය යන මොහුය. මහණෙනි, මේ ආසවයෝ තිදෙනායි. මහණෙනි, මේ ආසවයන් තිදෙනාගේ දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂයකිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද? මහණෙනි, භික්ෂුව සම්මාදිට්ඨිය වඩයි ...පෙ... විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ත්රිවිධ ආශ්රවයන්ගේ දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂයකිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
1. 15. 49-64.
4. භව සූත්ර
275-290. මහණෙනි, මේ භව තුනකි. කවරනම් තුනෙක්ද යත්? කාම භවය, රූප භවය, අරූප භවය කියායි. මහණෙනි, මේ වනාහි භව තුනයි. මහණෙනි, ත්රිවිධ භවයන්ගේ දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්: මහණෙනි, භික්ෂුව සම්මාදිට්ඨිය වඩයි ...පෙ... විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ත්රිවිධ භවයන්ගේ දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි වදාළසේක.
1. 15. 65-80.
5. දුක්ඛතා සූත්ර
291-306. “මහණෙනි, මේ දුක්ඛ ස්වභාවයෝ තුනෙකි. කවර නම් තුනෙක්ද යත්? දුක්ඛ දුක්ඛ ස්වාභාවය, සංඛාර දුක්ඛ ස්වභාවය, විපරිනාම දුක්ඛ ස්වභාවය කියායි. මහණෙනි, මේ වනාහි දුක්ඛ ස්වභාවයෝ තුනය. මහණෙනි, මේ ත්රිවිධ දුක්ඛ ස්වභාවයන්ගේ දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්: මහණෙනි, භික්ෂුව සම්මාදිට්ඨිය වඩයි ...පෙ... විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ත්රිවිධ දුක්ඛ ස්වභාවයන්ගේ දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළ සේක.
1. 15. 81-96.
6. ඛීල සූත්ර
307-322. “මහණෙනි, මේ හුල් තුනෙකි. කවර නම් තුනෙක්ද යත්? රාගය නැමැති හුල, ද්වේෂය නැමැති හුල, මෝහය නැමැති හුල කියායි. මහණෙනි, මේ වනාහි හුල් තුනයි. මහණෙනි, මේ ත්රිවිධ හුල් දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්: මහණෙනි, භික්ෂුව සම්මාදිට්ඨිය වඩයි ...පෙ... විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, ත්රිවිධ උල් දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
1. 14. 97-112.
7. මල සූත්ර
323-338. “මහණෙනි, මේ මල තුනකි. කවර නම් තුනක්ද යත්? රාග නමැති මලය, ද්වේෂය නමැති මලය, මෝහ නමැති මලය යන මොහුයි. මහණෙනි, මේ වනාහි මලයෝ තුනවේ. මහණෙනි, මේ ත්රිවිධ මලයන් දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්: මහණෙනි, භික්ෂුව සම්මාදිට්ඨිය වඩයි ...පෙ... විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ත්රිවිධ මල දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.