1. 14. 25-28.
ආකාස සූත්‍ර
203-206. “මහණෙනි, යම්සේ අහසෙහි වාතයෝ හමත්ද, පෙරදිගින්ද වාතයෝ හමත්. අපරදිගින්ද වාතයෝ හමත්. උතුරුදිගින්ද වාතයෝ හමත්. දකුණු දිගින්ද වාතයෝ හමත්. දූලි සහිත වාතයෝද හමත්. දූලි රහිත වාතයෝද හමත්. සීත වාතයෝද හමත්. උෂ්ණ වාතයෝද හමත්. කුඩා වාතයෝද හමත්. මහත් වාතයෝද හමත්.
මහණෙනි, එසේම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණහට සතර සතිපඨානයෝද වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙත්. සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෝද වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙත්. සතර සෘද්ධිපාදයෝද වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙත්. පඤ්චින්ද්‍රියෝද වැඩීමට සම්පුර්ණවීමට පැමිණෙත්. පඤ්ච බලයෝද වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙත්. සත්තබොජ්ඣංගයෝද වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙත්. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණහට කෙසේ සතර සතිපඨානයෝද, සතර සම්‍යක් ප්‍රධානයෝද, සතර ඍද්ධිපාදයෝද, පඤ්චින්ද්‍රියයෝද, පඤ්චබලයෝද, සත්තබොජ්ඣංගයෝද වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙත්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි... (පෙ)... සම්‍යක් සමාධිය වඩයි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු. “මහණෙනි, මෙසේ වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණහට සතර සතිපඨානයෝද, සතර සම්‍යක් ප්‍රධානයෝද, සතර සෘද්ධිපාදයෝද, පඤ්චින්ද්‍රියයෝද, පඤ්ච බලයෝද, සත්තබොජ්ඣංගයෝද වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙත්යයි” වදාළසේක.
1. 14. 29-32.
මේඝ සූත්‍ර
207-210. “මහණෙනි, යම්සේ ගිම්හාන ඍතුවෙහි අවසාන (ඇසළ) මාසයෙහි දූවිලි කඳන් නඟින්නේ වේද, ඒ දූවිලි කඳන් මහත් අකල් වැස්සකින් අතුරුදහන් කෙරේද, සංසිඳවයිද, මහණෙනි, එමෙන්ම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම උපන් උපන් ලාමක අකුසල ධර්මයන් සම්පූර්ණයෙන් අතුරුදහන් කෙරෙයි. සංසිඳවයි. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම කෙසේ උපන් උපන් ලාමක අකුසල ධර්මයන් සම්පූර්ණයෙන් අතුරුදහන් කෙරේද? සංසිඳවයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි... (පෙ)... සම්‍යක් සමාධිය වඩයි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු. “මහණෙනි, මෙසේ වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම උපන් උපන් ලාමක අකුසල ධර්මයන් සම්පූර්ණයෙන් අතුරුදහන් කෙරෙයි. සංසිඳවයි”යැයි වදාළසේක.
1. 14. 33-36.
දුතිය මේඝ සූත්‍ර
211-214. “මහණෙනි, යම්සේ මහා වාතය තෙමේ හටගත් මහ වැස්ස අතරතුරදී අතුරුදහන් කෙරේද සංසිඳවයිද, මහණෙනි, එසේම ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම උපන් උපන් ලාමක අකුසල ධර්මයන්