1. 14. 29-32.
මේඝ සූත්‍ර
207-210. “මහණෙනි, යම්සේ ගිම්හාන ඍතුවෙහි අවසාන (ඇසළ) මාසයෙහි දූවිලි කඳන් නඟින්නේ වේද, ඒ දූවිලි කඳන් මහත් අකල් වැස්සකින් අතුරුදහන් කෙරේද, සංසිඳවයිද, මහණෙනි, එමෙන්ම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම උපන් උපන් ලාමක අකුසල ධර්මයන් සම්පූර්ණයෙන් අතුරුදහන් කෙරෙයි. සංසිඳවයි. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම කෙසේ උපන් උපන් ලාමක අකුසල ධර්මයන් සම්පූර්ණයෙන් අතුරුදහන් කෙරේද? සංසිඳවයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි... (පෙ)... සම්‍යක් සමාධිය වඩයි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු. “මහණෙනි, මෙසේ වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම උපන් උපන් ලාමක අකුසල ධර්මයන් සම්පූර්ණයෙන් අතුරුදහන් කෙරෙයි. සංසිඳවයි”යැයි වදාළසේක.
1. 14. 33-36.
දුතිය මේඝ සූත්‍ර
211-214. “මහණෙනි, යම්සේ මහා වාතය තෙමේ හටගත් මහ වැස්ස අතරතුරදී අතුරුදහන් කෙරේද සංසිඳවයිද, මහණෙනි, එසේම ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම උපන් උපන් ලාමක අකුසල ධර්මයන්
අතරතුරදීම අතුරුදහන් කරයි. සංසිඳවයි. මහණෙනි, ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම කෙසේ උපන් උපන් ලාමක අකුසල ධර්මයන් අතරතුරදී අතුරුදන් කරයිද, සංසිඳුවයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි... (පෙ)... සම්‍යක් සමාධිය වඩයි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු. “මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ උපන් උපන් ලාමක අකුසල ධර්මයන් අතරතුරදීම අතුරුදන් කරයි, සංසිඳවායයි” වදාළසේක.
1. 14. 37-40.
නාවා සූත්‍ර
215-218. “මහණෙනි, යම් සේ වේවැල්වලින් බඳිනලද සය මාසයක් ජලයෙහි තිබුණු මුහුදෙහි ගමන්කරන ඔරුවක් හේමන්ත කාලයෙහි ගොඩබිමට අදනාලද්දේවේද එහි අවු සුළඟින් වියලීගිය බැමි වර්ෂා කාලයෙහි හටගත් මහා වැස්සෙන් ලෙහෙසියෙන් ලිහී යන්නේද, දිරා යන්නේද මහණෙනි, එසේම ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණහුගේ සංයෝජනයෝ ලෙහෙසියෙන්ම සංසිඳී යත්, දිරා යත්. මහණෙනි, ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණහුගේ සංයෝජනයෝ කෙසේ සංසිඳීමටයත්ද, දිරීමට යත්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි... (පෙ)... සම්‍යක් සමාධිය වඩයි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු. “මහණෙනි, මෙසේ වනාහි ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණහුගේ සංයෝජනයෝ පහසුවෙන් සංසිඳීමට යත් දිරීමටයත්යයි” වදාළසේක.
1. 14. 41-44.
ආගන්තුක සූත්‍ර
219-222. “මහණෙනි, යම්සේ ආගන්තුකාගාරයක් (ආගන්තුකයන් නවතින ගෙයක්) වේද? එහි පෙරදිගින්ද පැමිණ වාසය කරත්, පශ්චිම දිසාවෙන්ද පැමිණ වාසය කරත්. උතුරු දිගින් පැමිණ වාසය කරත්. දකුණු දිගින් පැමිණ වාසය කරත්. ක්ෂත්‍රියයෝද පැමිණ වාසය කරත්. බ්‍රාහ්මණයෝද පැමිණ වාසය කරත්. වෛශ්‍යයෝද පැමිණ වාසය කරත්. ශුද්‍රයෝද පැමිණ වාසය කරත්.